ඡක්කවාරවණ්ණනා
ෂට්කයන්හි “ඡ සාමීචියො” ‘සො ච භික්ඛු අනබ්භිතො. තෙ ච භික්ඛූ ගාරය්හා. අයං තත්ථ සාමීචි. “යුඤ්ජන්තායසමන්තො සකං, මා වො සකං විනස්සාති අයං තත්ථ සාමීචි” “අයං තෙ භික්ඛු පත්තො යාව භෙදනාය ධාරෙතබ්බොති අයං තත්ථ සාමීචි” “තතො නීහරිත්වා භික්ඛූහි සද්ධිං සංවිභජිතබ්බං, අයං තත්ථ සාමීචි, “අඤ්ඤාතබ්බං පරිපුච්ඡිතබ්බං පරිපඤ්හිතබ්බං අයං තත්ථ සාමීචි” “යස්ස භවිස්සති සො හරිස්සනීති අයං තත්ථ සාමීචි”යි මෙසේ මේ ෂට් සාමීචීහු භික්ෂු ප්රාතිමොක්ෂයෙහිම ආවාහුය. “ඡ ඡෙදනකා” පඤ්චකයෙහි කියනලද පසය, මෙහෙණන්ගේ ජලසාටිකාව සමග සයෙක. “ඡහාකාරෙහි” අලජ්ජිතා අඤ්ඤාණතා කුක්කුච්චපකතතා - අකප්පියෙ කප්පියසඤ්ඤිතා - කප්පියෙ අකප්පියසඤ්ඤිතා - සතිසම්මොසා යන මොවුහුය. එහි එක් රැයක් සත් දවසක් ඉක්මීම් ආදියෙහි සිහිමුළාබැවින් ඇවැතට පැමිණේ. සෙස්ස කියනලදනයමය. “ඡ ආනිසංසා විනයධරෙ”යි පඤ්චකයෙහි කියනලද පසය. ‘උපෞෂථය ඔහුට අයත්ය යන මේ හා සමග සයෙකි.
“ඡ පරමානි” “දසාහපරමං අතිරෙකචීවරං ධාරෙතබ්බං “ඡ මාසපරමං තෙන භික්ඛුනා තං චීවරං නික්ඛිපිතබ්බං” සත්තරුත්තපරමං තෙන භික්ඛුනා තතො චීවරං සාදිතබ්බං “ඡක්ඛත්තු පරමං තුණ්හීභූතෙන උද්දිස්ස ඨාතබ්බං” “නවං පන භික්ඛුනා සත්තුතං කාරාපෙත්වා ජබ්බස්සානි ධාරෙතබ්බං, ඡබ්බස්සපරමං තං ධාරෙතබ්බං” තියොජනපරමං සහත්ථා ධාරෙතබ්බානි” “දසාහපරමං අතිරෙකපත්තො ධාරෙතබ්බො” “සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බං” “ඡාරත්තපරමං තෙන භික්ඛුනා තෙන චීවරෙන විප්පවසිතබ්බං”, “චතුක්කංසපරමං අඩ්ඪතෙය්යකංසපරමං, ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං, අට්ඨඞ්ගුලපබ්බපරමං මඤ්චපටිපාදකං, අට්ඨඞ්ගුලපරමං දන්ත කට්ඨං”යි මෙසේ මොවුහු තුදුස් පරමයෝය. එහි පළමුසය එක් ෂට්කයෙකි. එයින් එකක් ඉවත්කොට සෙස්සන්හි එක එක බහා, යනාදි නයින් අනිකුදු ෂට්කයෝ දතයුත්තාහ.
“ඡ ආපත්තියො” ෂට්කතුනක් අන්තරපෙයාලයෙහි කියන ලදහ. “ඡ කම්මානි” තජ්ජනීය - නියස්ස - පබ්බාජනීය - පටිසාරණීය යන කර්ම සතරය. ඇවැත් නොදැක්මෙහිද ඇවැතට පිළියම් නොකිරීමෙහිද කියූ දෙකද එකෙක. ලාමක දිටු නොහැරීමෙහි එකෙකැයි සයෙක. “නහානෙ” අඩමසින් මොබ නෑමෙහි. විප්පකත චීවරය ආදිකොට ඇති ෂට්කද්වය කඨිනක්ඛන්ධකයෙහි දක්වන ලද්දේය. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
ඡක්ක වණනාව නිමි.
සත්තකවාරවණ්ණනා
සප්තකයන්හි - “සත්තසාමිචියො” පෙර කියනලද සතැන්හි ‘සා ච භික්ඛුණි අනබ්හිතා, තා ච භික්ඛුණියො ගාරය්හා, අයං තත්ථ සාමීචි” යන මෙය බහා සත දතයුතුය. “සත්ත අධම්මිකා පටිඤ්ඤාතකරණා” “මහණෙක් තෙමේ පාරාජිකාපත්තියට පැමිණියේවේද, පාරාජිකාපත්තියෙන් චෝදනා කරනු ලබන්නේ ‘සඞ්ඝාදිසෙසයට පැමිණියේ වෙමි’යි පිළිදන්වාද, සඞ්ඝ තෙමේ ඔහු සඞ්ඝාදිසෙසයෙන් කරවාද, අධාර්මික ප්රතිඥාතකරණය’යි මෙසේ සමථක්ඛන්ධකයෙහි දක්වන ලදී. ධාර්මික ප්රතිඥාතයෝද එහිම දක්වන ලදහ. “සත්තන්නං අනාපත්ති සත්තාහකරණීයෙන ගන්තුං”යි වස්සූපනායිකක්ඛන්ධකයෙහි වදාරණලදී. “සත්තානිසංසා විනයධරෙ” ‘උපෞෂථපවාරණ ඔහුට අයත්’යි යන මොවුන් සමග පඤ්චකයෙහි කියනලද පස සතක් වේ. “සත්තපරමානි” යන ෂට්කයෙහි කියන ලද්දාහුම සප්තක වශයෙන් යෙදිය යුත්තාහ. “කතචීවරං” යනාදි සප්තක දෙක කඨිනක්ඛන්ධකයෙහි දක්වන ලදී.