පඤ්චකවාරවණ්ණනා
පඤ්චකයන්හි “පඤ්ච පුග්ගලානියතා” මේ ආනන්තරිකයන්ගේම ගැණීමය. පඤ්ච ඡෙදනකා ආපත්ති නම්, පමණ ඉකුත්වූ මඤ්චපීඨයෙහිද නිසීදනකණ්ඩුපටිච්ඡාදිවස්සිකසාටිකාවන්හිද සුගතචීවරයෙහිද දතයුතුය. “පඤ්චහාකාරෙහි” අලජ්ජිතා - අඤ්ඤාණතා - කුක්කුච්චපකතතා - අකප්පිය කප්පියසඤ්ඤිතා - කප්පිය අකප්පිය සඤ්ඤිතා යන මේ පසින්, පඤ්චාපත්තීහු වෙති. “මුසාවාදපච්චයා” පාරාජික - ථුල්ලච්චය - දුක්කට - සඞ්ඝාදිසෙස - පාචිත්තිය යන මොවුහුය. “අනාමන්තචාරො” “සන්තං භික්ඛුං අනාපුච්ඡා පුරෙ භත්තං වා පච්ඡාභත්තං වා කුලෙසු චාරිත්තං ආපජ්ජෙය්ය” යන මේ ශික්ෂාපදය පිළිබඳ විචාරා හැසිරීමෙහි අභාවයයි. “අනධිට්ඨානං” “ගණභොජනෙ අඤ්ඤත්ර සමයා”යි මෙහි කියනලද සමය ඉටා අනුභවය අධිට්ඨාන නම්, එසේ නොකිරීම අනධිට්ඨාන නම අවිකප්පනා නම් පරම්පර භොජනයෙහි යම් විකප්පනාවක් වදාරණ ලදද, ඒ විකප්පනාවගේ නොකිරීමය. මේ පස පිණ්ඩපාතිකයාගේ ධුතාඞ්ගයෙන් ප්රතික්ෂෙප කරණලද්දේය. “උස්සඞ්කිතපරිසඞ්කිතො” වෙසියාදි පඤ්ච අගොචරස්ථානයට යන්නවුන් යම් කෙනෙක් දකිත්ද, යම් කෙනෙක් අසත්ද ඔවුන් විසින් සැකකරණ ලද්දේ වේ. හැමතින් සැකකරණලද්දේ වේ. තවද, “අකුප්පධම්මො” අකොප්ය ධර්ම ඇත්තේය. ක්ෂීණාස්රව සමානම වේ. එහෙයින් අගොචරයෝ දුරුකටයුත්තාහ. මොවුන් කෙරෙහි පෙනෙන්නේ අයසයෙන් හෝ ගර්හායෙන් හෝ නොමිදෙන්නේය. “සොසානිකං” සොහොනෙහි වැටුනක්. “පාපණිකං” කඩපිළ වැටුනක්. “ථූපචීවරං” තුඹස වටකොට බිලියම් කරණලද්දක් “ආභිසෙකිකං” නානතැන හෝ රජුගේ අභිෂෙකස්ථානයෙහි හෝ දැමු සිවුර. “ගතපච්චාගතං” සොහොනට ගෙණ ගොස් නැවත ගෙන එන ලද්දක්.
“පඤ්චාපත්තියො කායතො සමුට්ඨභන්ති” ප්රථම ආපත්තිසමුට්ඨානයෙන් ඇවැත් පසකට පැමිණේ. “භික්ඛු කප්පියසඤ්ඤී සඤ්ඤවිකාය කුටිං කරොති”යි මෙසේ අන්තරපෙය්යාලයෙහි කියන ලද ආපත්තීහුය. “පඤ්චාපත්තියො කායතො ච වාචතො ච” යන මෙහි තෘතීය ආපත්ති සමුට්ඨානයෙන් පස් ඇවතකට පැමිණේ. එහිම කියනලද ආපත්තීන්ටය. “දෙසනාගාමිනියො” පාරාජිකයද සඞ්ඝාදිසෙසයද හැර සෙසු ඇවත්ය.
“පඤ්ච කම්මානි” තජ්ජනීය-නියස්ස පබ්බාජනීය-පටිසාරණීය යන සතරද, ත්රිවිධ උත්ක්ෂෙපණීය කර්මයද, යන එකෙකැයි පසය. “යාවතතියකෙ පඤ්ච” උත්ක්ෂිප්තයන්ට අනුවර්තිත වූ මෙහෙණට යාවතතිය සමනුභාෂණයෙන් නොහරින්නියට පාරාජික ථුල්ලච්චය-දුක්කටය යන තුන. භෙදකානුවර්තකාදිසමනුභාෂාණයන්හි සඞ්ඝාදියෙසය, ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි පාචිත්තිය යන මේ පසය. “අදින්නං” අනිකක්හු විසින් නොදෙන ලද්දක්. “අවිදිතං” පිළිගණිමි’යි චෙතනාවක් නැති බැවින් නොදන්නා ලද්දක්. “අකප්පියං” පඤ්චවිධ ශ්රමණකල්පයෙන් කැප නොකරණ ලද්දක්. යම්බඳු අන් අකැප මසක්, අකැප බොජුනක් වේද ඒය. “අකතාතිරිත්තං” පවරා ඉතිරි නොකරණ ලද්දක්. “සමජ්ජදානං” නටසමජ්ජාදිදානය. “උසභදානං” ගවසමූහයා අතුරෙහි වෘෂභයන් හැරීම. “චිත්තකම්මදානං” ආවාසයක් කරවා එහි සිතියම් කිරීම වටියි. මේ වනාහි ප්රතිභානචිත්ර කර්මය සඳහා කියනලදී. මේ පස ලෝකයා විසින් පුණ්යකර්මැයි සම්මතය. එහෙත් අපුණ්යය. අකුශලමය. “උප්පන්නං පටිභාණං” මෙහි පරිභාණං යනු කථෙතුකම්යතා තොමෝ කියනු ලැබේ. රාග, ද්වෙෂ, මෝහ, ප්රතිභාන ගමියසිත යන මේ පස. “දුප්පටිවිනොදයා” මැනැවින් දුරු නොකොට හැකිය. උපායයෙන් කාරණයෙන් අනුරූප ප්රත්යවෙක්ෂා අනුශාසනාදියෙන් දුරු කරන්නට නොහැකිය යන අර්ත්ථයි.
“සකචිත්තං පසිදති” යන මෙහි මේ වස්තුහුයි:- කටකන්දරවාසී වූ ඵුස්සදෙව ස්ථවිර තෙමේ සෑමළුව හැමද, උතුරුසඟ සිවුර එකස්කොට නිකමල් ඇතිරියක් මෙන් සමව විසුරුණු වැලි ඇති සෑමළුව බලමින් බුද්ධාලම්බන ප්රීති ප්රමොද්යය උපදවා සිටියේය. එකෙණෙහි මාර තෙමේ කඳුපාමුල උපන් කලු වඳුරකු මෙන් වී සෑමළුවෙහි ගොම විසුරුවමින් ගියේය. ස්ථවිර තෙමේ රහත්බවට පැමිණීමෙහි අපොහොසත් විය. හැමද ගියේය. පසුදාද මහළු ගොනෙක්ව එබඳුම විප්රකාරයක් කෙළේය. තෙවන දිනයෙහි කොර පා ඇති මිනිසත්බවක් මවා පා ඇද ඇද ගියේය. ස්ථවිර තෙමේ ‘මෙබඳු පිළිකුල් පුරුෂයෙක් වටින් යොදුනක් පමණ වූ ගොදුරුගම්හි නැත්තේය. මූ මාරයා විය යුතුයයි සිතා ‘තෝ මාරයා වෙහිදැ’යි විචාළේය. ‘ස්වාමිනි’ එසේය, මාරයා වෙමි, දැන් ඔබ වඤ්චිත කරන්නට නොහැකි වූයෙමි’යි කීය. ‘තා විසින් තථාගතයන් වහන්සේ පෙර දක්නා ලද්දාහුදැ’යි විචාළේය. ‘එසේය, පෙර දක්නා ලදහයි කීය. මාර නම් මහත් ආනුභාව ඇත්තේය. එබැවින් භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ ආත්මභාවය සදෘශ වූ ආත්මභාවයක් මවවයි කීයේය. ‘ස්වාමීනි එබඳුවූ රූපයක් මැවීමට නොහැකිය. එහෙත් ඒ සමාන වූ ප්රතිරූපයක් මවන්නෙමි’යි ස්වකීය ආත්මභාවය හැරපියා බුදුරුව වැනි අත්බැවින් යුක්තව පෙනී සිටියේය. ස්ථවිරතෙමේ මාරයා දෙස බලා, මෙතෙමේ වනාහි රාගදොස මොහ සහිතවූයේ මෙසේ හොබී. භාග්යවතුන් වහන්සේ කෙසේ වනාහි හොබනා සේක්ද උන්වහන්සේ මුළුමනින් පහවූ රාගදොස මෝහ ඇතිසේකැයි බුද්ධලම්බන ප්රීතිය පිළිලැබ විදර්ශනා වඩා රහත්බවට පැමිණියේය. මාරතෙමේ ස්වාමීනි, ඔබ විසින් මම රවටන ලද්දේ වෙමි’යි කීයේය. ස්ථවිර තෙමේද, මහලුමාර, තා වැනියකු රවටන්නට කිමැ’යි කීයේය. ලෝකන්තර විහාරයෙහිද විසූ දත්ත නම් දහර මහණෙක් තෙමේ සෑමිදුල හැමද, බලාසිටින්නේ ඔදාත කසිනය ලැබීය. අටසමවත් ඉපැදවීය. අනතුරුව විදර්ශනා වඩා ඵලත්රයක් සාක්ෂාත් කෙළේය.