චතුක්කවාරවණ්ණනා
චතුෂ්කයන්හි - “සකවාචාය ආපජ්ජති පරවාචාය වුට්ඨාති” වාගද්වාරික වූ පදසොධර්‍මාදිභෙදවූ ඇවතට පැමිණ තිණවත්‍ථාරක සමථස්ථානයට ගියේ පරහුගේ කර්‍මවාක්‍යයෙන් නැගිටියි. “පරවාචාය ආපජ්ජති සකවාචාය වුට්ඨති” ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි පරහුගේ කර්‍මවාක්‍යයෙන් පැමිණේ. පුද්ගලයා සමීපයෙහි දෙසන්නේ තමන්ගේ වචනයෙන් නැගිටියි. “සකවාචාය ආපජ්ජති සකවාචාය වුට්ඨාති” වාග්ද්වාරික පදසොධධර්‍මාදිභෙදවූ ඇවැතට තමන්ගේ වචනයෙන් පැමිණේ. දෙසා නැගිටින්නේ තමන්ගේ වචනයෙන් නැගිටියි. “පරවාචාය ආපජ්ජති පරවාචාය වුට්ඨාති” යාවතතියක සඞ්ඝාදිසෙසයට පරහුගේ කර්‍මවාක්‍යයෙන් පැමිණේ. නැගිටින්නේද පරහුගේ පරිවාස කර්‍මවාක්‍යාදියෙන් නැගිටියි. එයින් අන්‍යයන්හි කායද්වාරික ඇවැතට කයින් පැමිණේ. දෙසන්නේ වචනයෙන් නැගිටියි. වාග්වාරික ඇවතට වචනයෙන් පැමිණේ. තිණවත්‍ථාරකයෙහිදී කයින් නැගිටියි. කායද්වාරික ඇවතට කයින් පැමිණේ. එයම තිණවත්‍ථාරිකයෙහි කයින් නැගිටියි. වාග්වාරික ඇවතට වචනයෙන් පැමිණේ. එයම දෙසන්නේ වචනයෙන් නැගිටියි. සඞ්ඝික ඇඳෙහි තමන්ගේ පසුතුරණ නොඅතුළේ කායස්පර්‍ශයෙහිදී ලොම් ගණනින් පැමිණිය යුතු ඇවැතටද සහගාරසෙය්‍යාපත්තියටද පැමිණේ. පිබිද ඇවැතට පැමිණි බව දැන දෙසන්නේ පිබිදියේ ඇවැතට පැමිණේ. නිදිගත්තේ නැගිටියි නම. පසුදෙපදයද කියූ අනුසරින්ම දතයුතුය.
අචිත්තකාපත්තියට අචිත්ත වූයේ පැමිණේනම. පසුව දෙසන්නේ සචිත්තකවූයේ නැගිටියි. සචත්තකාපත්තියට සචිත්තකවූයේ පැමිණේ නම. තිණවත්‍ථාරක සමථස්ථානයෙහි නිදන්නේ අචිත්තකවූයේ නැගිටියි. සෙසු පද දෙකද කියූ අනුසරින්ම දතයුතුය. යම් මහණෙක් තෙමේ සභාගාපත්තියක් දෙසාද, මෙතෙමේ දෙසීම හෙතුකොට දුක්කටයට පැමිණෙන්නේ පාචිත්තියාදීන් අතුරෙහි එක්තරා එකක් දෙසයි. එද දෙසන්නේ දුක්කටයට පැමිණේ. ඒ දුක්කටයට පැමිණෙන්නේ පාචිත්තියාදියෙන් නැගිටියි. පාචිත්තියාදියෙන්ද නැගිටින්නේ ඒ ඇවැතට පැමිණේ. මෙසේ එක් පුද්ගලයක්හුගේ එක්ම ප්‍රයෝගයක් සඳහා “අත්‍ථි ආපජ්ජන්තො දෙසෙති”යි මේ චතුෂ්කය කියන ලදැයි දතයුතුය.
කර්‍මචතුෂ්කයෙහි ලාමක දෘෂ්ටිය නොහැරීමෙන් පැමිණෙන ඇවතට කර්‍මයෙන් පැමිණේ. දෙසන්නේ අකර්‍මයෙන් නැගිටියි. විසට්ඨි ආදියට අකර්‍මයෙන් පැමිණේ. පරිවාසාදීවූ කර්‍මයෙන් නැගිටියි. සමනුභාසනයට කර්‍මයෙන්ම පැමිණේ. කර්‍මයෙන් නැගිටියි. සෙස්සට අකර්‍මයෙන් පැමිණේ අකර්‍මයෙන් නැගිටියි.
පරිෂ්කාර චතුෂ්කයෙහි තමන්ගේ පිරිකර ප්‍රථමය වේ. සඞ්ඝික පිරිකර දෙවැනි වේ. චෛත්‍යසන්තක පිරිකර තෙවැනි වේ. ගිහින් සතු පිරිකර සිවුවැනි වේ. ඉදින් ඒ ගිහිසතු පිරිකර, පා සිවුරු නවකම් බෙහෙත් ආදිය පිණිස ගෙනඑන ලද්දේවේද, ගබඩාවෙහි දොර ඇර ඇතුළත පිරිකර තැබීම පිණිස යතුර දීමද ඇතුළත තැබ්බවීමද වටියි.
සම්මුඛචතුෂ්කයෙහි ලාමකදෘෂ්ටිය නොහැරීමෙන් පැමිණෙන ඇවැතට සඞ්ඝයාගේ හමුවෙහිදීම පැමිණේ. නැගී සිටුනා කල්හි සඞ්ඝයා විසින් කෘත්‍යයක් නැත්තේයයි නොහමුවෙහි නැගිටියි. විසට්ඨිආදියට නොහමුවෙහි පැමිණේ. සඞ්ඝයා හමුවෙහි නැගිටියි. සමනුභාසනයට සඞ්ඝයා හමුවෙහිදීම පැමිණේ. හමුවෙහි නැගිටියි. සෙසු සම්පජානමුසාවාදාදි භෙදවූ ඇවැතට නොහමුවෙහිම පැමිණේ. නොහමුවෙහිම නැගිටියි. අජානන්ත චතුෂ්කය අචිත්තකචතුෂ්කය සමානය.
“ලිඞ්ගපාතුභාවෙන” නිදිගත්තාවූම මහණක්හුගේ හෝ මෙහෙණකගේ හෝ ලිඞ්ගපරිවර්‍තනය වූ කල්හි සහගාරසෙය්‍යාපත්තිය වේ. දෙදෙනාගේම අසාධාරණාපත්තිය ලිඞ්ගපාතුභාවයෙන් නැගිටියි. මෙය මේ සඳහා කියනලදී. සහපටිලාභචතුෂ්කයෙහි යම් මහණක්හුගේ ලිඞ්ගපරිවර්‍තනය වේද, හෙතෙමේ ලිඞ්ගප්‍රතිලාභය සමග ප්‍රථමොත්පන්න වශයෙන්ද ශ්‍රෙෂ්ඨභාවයෙන්ද පළමු පුරුෂලිඞ්ගය හරියි. පශ්චිම ලිඞ්ගයෙහි පිහිටයි. පුරුෂක්‍රියා පුරුෂාකාරාදි වශයෙන් පැවැති කායවාග්විඥප්තීහු සංසිඳෙත්. මහණැයි හෝ පුරුෂැයි හෝ පැවති ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්. මෙහෙණන් හා අසාධාරණවූ යම් ශික්‍ෂාපද සසතළිසක්වේද, එයින් අනාපත්තිම වේ. ද්විතීය චතුෂ්කයෙහි යම් මෙහෙණකගේ ලිඞ්ගපරිවර්‍තනය වේද, ඕතොමෝ පසුව සමුත්පත්තියෙන් හෝ හීනභාවයෙන් හෝ පශ්චිමය යන සඞ්ඛ්‍යාවට ගිය ස්ත්‍රීලිඞ්ගය හරියි. උක්ත ප්‍රකාරයෙන් පුරිමයි සඞ්ඛ්‍යාවට ගිය පුරුෂලිඞ්ගයෙහි පිහිටයි. උක්තවිපරීත විඥප්තීහු සංසිඳෙත්. මෙහෙණැයි හෝ ස්ත්‍රීයි හෝ මෙසේ පැවැති ප්‍රඥප්තීහු නිරුද්ධ වෙත්. මහණුන් හා අසාධාරණවූ යම් එක්සිය තිසක් ශික්‍ෂාපදයෝ වෙත්ද, එයින් අනාපත්තිම වේ.