තිකවාරවණ්ණනා
ත්රිකයන්හි - “අත්ථාපත්ති තිට්ඨන්තෙ භගවති ආපජ්ජති” භාග්යවත්හු දිවමන්ව සිටින කල්හි යම් ඇවැතකට පැමිණේද එබඳු ආපත්තියක් ඇත, යන අර්ත්ථයි. සියලු තන්හි මේ නයයි. එහි රුධිරොත්පාදාපත්තියට දිවමන් කල්හි පැමිණේ. “එතරහි ඛො පනානන්ද භික්ඛු අඤ්ඤමඤ්ඤං ආවුසො වාදෙන සමුදාචරන්ති, න වො මමච්චයෙන එවං සමුදාචරිතබ්බං නවකෙන ආනන්ද භික්ඛුනා ථෙරො භික්ඛු” “භන්තෙ ති වා ආයස්මාති වා සමුදාචරිතබ්බො”යි වදාළ බැවින් තෙරහට ආවුසො වාදයෙන් ඇමතීම හෙතුකොට භාග්යවත්හු පිරිනිවි කල්හි ඇවතට පැමිණේ. දිවමන් කල්හි නොපැමිණේ. මේ ඇවැත් දෙක හැර සෙසු ඇවැත්වලට භාග්යවත්හු දිවමන් කල්හිද පිරිනිවන් පෑකල්හිද පැමිණේ.
පවරා අනතිරික්ත භොජනයක් බුදින්නේ කාලයෙහි ඇවතට පැමිණේ. විකාලයෙහි නොපැමිණේ. විකාල භොජනාපත්තියට විකාලයෙහි පැමිණේ. කාලයෙහි නොපැමිණේ. සෙසු ආපත්තීන්ට කාලයෙහිද විකාලයෙහිද පැමිණේ. සහගාරසෙය්යාවට රාත්රියෙහි පැමිණේ. දොර නොවසා හිඳීමෙන් වන ඇවැතට දහවල්හි පැමිණේ. සෙසු ඇවැතට රාත්රියෙහිද දහවල්හිද පැමිණේ. ‘දසවස් ඇත්තේ වෙමි, අයිරාදසවස් ඇත්තේ වෙමි’යි බාලවූ අව්යක්ත තෙමේ පිරිස ලවා උපස්ථාන කරවන්නේ දසවස් ඇතියේ පැමිණේ. උනුදසවස් ඇතියේ නොපැමිණේ ‘මම පණ්ඩිත වෙමි, ව්යක්ත වෙමි’යි නවකතෙමේ හෝ මද්ධ්යම තෙමේ හෝ පිරිස ලවා උපස්ථාන කරවන්නේ උනුදසවස් ඇතියේ පැමිණේ. දසවස් ඇතියේ නොපැමිණේ. සෙස්සට දසවස් ඇතියේද උනුදසවස් ඇතියේද පැමිණේ. ‘පස්වස් ඇත්තේ වෙමි’යි බාලවූ අව්යක්ත තෙමේ නිස නොගෙණ වසන්නේ පස්වස් ඇතියේ පැමිණේ. ‘මම පණ්ඩිත වෙමි, ව්යක්තවෙමි’යි නවක තෙමේ නිස නොගෙණ වසන්නේ උනුපස්වස් ඇතියේ පැමිණේ. සෙස්සට පස්වස් ඇතියේද උනුපස්වස් ඇතියේද පැමිණේ. අනුපසපනක්හට පදවශයෙන් ධර්මය කියන්නේ මාගමකට දහම් දෙසන්නේයි මෙබඳු ඇවතට කුසල්සිත් ඇතියේ පැමිණේ. පාරාජික - සුක්කවිසට්ඨි - කායසංසග්ග - දුට්ඨුල්ල - අත්තකාමපාරිචාරිය - දුට්ඨදොස - සඞ්ඝභෙද - පහාරදාන - කලසත්තිකාදිභෙද වූ ඇවැතට අකුසල සිත් ඇතියේ පැමිණේ. නොදැන නොසිතා සහාගාරසෙය්යාදියට අව්යාකෘත සිත් ඇතියේ පැමිණේ. රහත්වූයේ යම් ඇවතකට පැමිණේද ඒ සියල්ලට අව්යාකෘත සිත් ඇතියේම පැමිණේ. මෛථුන ධර්මාදිභෙදවූ ඇවැතට සුඛවේදනාවෙන් යුක්තවූයේ පැමිණේ. දුට්ඨදොසාදිභෙද වූ ඇවැතට දුක්ඛවෙදනාවෙන් යුක්තවූයේ පැමිණේ. සුඛවේදනාවෙන් යුක්තව යම් ඇවැතකට පැමිණේද එයටම මැදහත්ව පැමිණෙන්නේ අදුක්ඛමසුඛ වේදනාවෙන් යුක්ත වූයේ පැමිණේ.
“තයො පටික්ඛෙපා” භාග්යවත් බුදුරජාණන් වහන්සේගේ ප්රතික්ෂෙප තුනක් වේ. සිවුපසයෙහි මහිච්ඡතාය. අසන්තුට්ඨිතාය, කෙලෙස් සිඳලන පැවැතුම් පිළිවෙත නොරැකීම යන මේ ත්රිවිධ ධර්මයෝ භාග්යවත් වූ බුදුරජාණන් වහන්සේ විසින් ප්රතික්ෂෙප කරණලදහ. අප්පිච්ඡතාව ත්රිවිධ ධර්මයෝ භාග්යවත්වූ බුදුරජාණන් වහන්සේ විසින් අනුදන්නා ලදහ. එහෙයින් “තයො අනුඤ්ඤාතා”යි කියන ලදී.
‘දසවස් ඇත්තේ වෙමි’යි පිරිසලවා උපස්ථාන කරවන්නාවූ, ‘පස්වස් ඇත්තේ වෙමි’යි නිස නොගන්නාවූ බාලතෙමේ ඇවතට පැමිණේ. පණ්ඩිත තෙමේ නොපැමිණේ. උනුදසවස් ඇත්තේ “ව්යක්ත වෙමි”යි බහුශ්රැත බැවින් පිරිස ලවා උපස්ථාන කරවන්නේ, උනුපස්වස් ඇත්තේද, නිස නොගන්නා පණ්ඩිත තෙමේ ඇවතට පැමිණේ. බාලතෙමේ නොපැමිණේ. සෙස්සට පණ්ඩිත තෙමේද බාලතෙමේද පැමිණේ. වස් නොඑළඹෙන්නේ කාලපක්ෂයෙහි පැමිණේ. ශුක්ල පක්ෂයෙහි නොපැමිණේ. කාලපක්ෂයෙහි නොපැමිණේ. සෙස්සට කාල පක්ෂයෙහිද ශුක්ලපක්ෂයෙහිද පැමිණේ. වස් එළැඹීම කාල පක්ෂයෙහි කැපවේ. ශුක්ල පක්ෂයෙහි කැප නොවේ. මහාපවාරණයෙන් පැවරීම ශුක්ල පක්ෂයෙහි කැපවේ. කාලපක්ෂයෙහි කැප නොවේ. අනුදත් සෙස්ස කාලපක්ෂයෙහිද ශුක්ලපක්ෂයෙහිද කැප වේ.
ඉල්මස පසළොස්වක පැසුළු පෑළවිය දිනයෙහි විකපනයකොට තැබූ වැසි සළුව හඳින්නේ හේමන්තයෙහි පැමිණේ. කුරුන්දියෙහි වනාහි ඉල් පෞණීමී දිනයෙහි පච්චුද්ධරණය නොකොට හෙමන්තයෙහි පැමිණේයයි කියන ලදී. භෙද කියන ලද්දේ මැනැවි. “චාතුමාසං අධිට්ඨාතුං තතොපරං විකප්පෙතුං”යි වදාරණලදී. ග්රීෂ්ම සෘතුවෙහි අතිරෙක මාසය ශෙෂව සිටි කල්හි සොයන්නේ අඩමසකට වැඩිකලක් ශෙෂව සිටි කල්හි හඳින්නේද, ග්රීෂ්ම සෘතුවෙහි පැමිණේ නම. වැසිසළුව ඇති කල්හි නග්නව කය තෙම්මන්නේ වැසි සාරමසෙහි පැමිණේ නම. පාරිසුද්ධි උපොසථය හෝ අධිට්ඨාන උපොසථය හෝ කරන්නේ සඞ්ඝතෙමේ ඇවැතට පැමිණේ. සූත්රාද්දෙශයද අධිෂ්ඨාන උපෞෂථයද කරන්නේ ගණයතෙමේ ඇවතට පැමිණේ. එකෙක් තෙමේ සූත්රාද්දෙශ උපෞෂථය කරන්නේ පුද්ගල තෙමේ ඇවැතට පැමිණේ. පවාරණයෙහිද මෙම නයවේ.
සඞ්ඝොපෞෂථයද සඞ්ඝපවාරණයද සඞ්ඝයාහටම කැපවේ. ගණොපෞෂථයද ගණපවාරණයද ගණයාහටම කැපවේ. අධිෂ්ඨානොපෞෂථයද අධිෂ්ඨානපවාරණයද පුද්ගලයාහටම කැපවේ. ‘පාරාජිකාපත්තියට පැමිණියේ වෙම්දැ’යි යනාදීන් කියන්නේ වස්තුව වසයි. ඇවැත නොවසයි. ‘මෙවුන්දම් පිළිසෙවීම් කෙළෙම්දැ’යි යනාදීන් ඇවැත වසයි. වස්තුව නොවසයි. යමෙක් වස්තුවත් ආපත්තියත් ආරොචනය නොකෙරේද මෙතෙමේ වස්තුවද වසයි. ආපත්තියද වසයි.
වැසීම කෙරේනුයි පටිච්ඡාදී නම. ගිනහල්ගෙයම වසානුයි. ජන්තාඝරපටිච්ඡාදී නම. අන්තන්හිද මෙම නය වේ. දොර වසා ගිනිහල් ගෙය තුළ සිටියහු විසින් පිරියම් කිරීම වටියි. දියට බැස්සහු විසින්ද මෙපමණක්ම වටියි. දෙතන්හි කෑමද බීමද නොවටියි. වස්ත්රපටිච්ඡාදි සියල්ල කැප බැවින් ප්රතිච්ඡන්නවූවහු විසින් සියල්ල කරන්නට වටියි. “වහන්ති” පමුණුවත්. නින්දාව හෝ දොස්කීම හෝ නොලබත්. සඳමඬල වලාකුළෙන් පිනියෙන් දුමින් රජසින් මොනවට මිදුනේ විවෘතවූයේම බබලයි. ඔවුන් අතුරෙහි එක්තරා එකෙකින් වැසුනේ නොබලයි. හිරුමඬලද එසේය. ධර්මවිනයද විවෘතකොට බෙදා දෙසනු ලබන්නේම බබලයි. වැසුනේ නොබබලයි.