එළකලොමසමුට්ඨානවණ්ණනා
“එළකලොමා ද්වෙ සෙය්ය” එළකලාම ශික්ෂාපදයද සහසෙය්ය ශික්ෂාපද දෙකද. “ආහච්ම පිණ්ඩභොජනං” ආහච්චපාදක ශික්ෂාපදයද, ආවසථපිණ්ඩභොජන ශික්ෂාපදයද. “ගණවිකාල සන්නිධි” ගණභොජන - විකාලභොජන - සන්නිධිකාරක ශික්ෂාපද තුනද. “දන්තපොනෙනචෙලකා”, දන්නපොන ශික්ෂාපදයද, අචෙලක ශික්ෂාපදයද “උය්යුත්තං සෙනං උය්යොධි” “උය්යුත්තං සෙනං දස්සනාය ගච්ඡෙය්ය, සෙනාය වසෙය්ය, උය්යොධිකංවා -පෙ- අණීකදස්සනං වා ගච්ඡෙය්ය”යි වදාළ ශික්ෂාපදතුනද. “සුරා ඔරෙන නහායනා” සුරාපාන ශික්ෂාපදයද. අඩමසකින් පිට නහාන ශික්ෂාපදයද. “දුබ්බණ්ණා ද්වෙ දෙසතිකා” “තිණ්ණං දුබ්බණ්ණකරණානං”යි වදාළ ශික්ෂාපදයද කියා ඉතිරි වූ පාටිදෙසනීය දෙකද. “ලසුණු පතිට්ඨෙ නච්චනා” ලසුණ ශික්ෂාපදයද. “භික්ඛුස්ස භුඤ්ජන්තස්ස පානීයෙන වා විධූපනෙනවා උපතිට්ඨෙය්ය”යි වදාළ ශික්ෂාපදයද. “නච්චං වා ගීත වාදිතං වා දස්සනාය ගච්ඡෙය්ය”යි වදාළ ශික්ෂාපදයද මෙයින් පසු පෙළ වරදවා ලියයි. අර්ත්ථය යම්සේ වේද, එසේ වර්ණනා කරන්නෙමු. එසේ මෙහි පිළිවෙළ දතයුත්තේය.
“නහානං අත්ථරණං සෙය්යා” “නග්ගා නහායෙය්ය, එකත්ථරණපාපුරණා තුවට්ටෙය්යුං, එකමඤ්චෙ තුවට්ටෙය්යුං”යි වදාළ ශික්ෂාපද තුනද “අන්තො රට්ඨෙ තථා බහි” “අන්තොරට්ඨෙ සාසඞ්කසම්මතෙ, තිරොරට්ඨො සාසඞ්ක සම්මතෙ”යි වදාළ ශික්ෂාපද දෙකද “අන්තො වස්සං චිත්තාගාරං” “අන්තො වස්සං චාරිකං පක්කමෙය්ය, රාජාගාරංවා මිත්තාගාරං වා පෙ- පොක්ඛරණිං වා දස්සනාය ගච්ඡෙය්ය”යි වදාළ ශික්ෂාපද දෙකද “ආසන්දිං සුත්තකන්තනා” “ආසන්දිං පල්ලඞ්කං ව, පරිභුඤ්ජෙය්ය, සුත්තං කන්තෙය්ය”යි වදාළ ශික්ෂාපද දෙකද,
“වෙය්යාවච්චං සහත්ථා ච” “ගිහිවෙය්යාවච්චං කරෙය්ය, අගාරිකස්ස වා පරිබ්බාජකස්ස වා පරිබ්බාජිකාය වා සහත්ථා ඛාදනීයං වා භොජනීයං වා දදෙය්ය”යි වදාළ ශික්ෂාපද දෙකද “අභික්ඛුකාවාසෙන ච” අභික්ඛුකෙ ආවාසෙ වස්සං වසෙය්ය” මේ එක් ශික්ෂාපදය සඳහා කියනලදී. “ඡත්තං යානඤ්ච සංඝාණිං” ඡත්තුපාහනං ධාරෙය්ය, යානෙන යායෙය්ය, සංඝාණිං ධාරෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද. “අලඞ්කාරං ගන්ධවාසිතං” “ඉත්ථාලඞ්කාරං ධාරෙය්ය, ගන්ධචුණ්ණකෙන නහායෙය්ය, වාසිතකෙන පිඤ්ඤාකෙන නහාය්යෙ”යි වදාළ ශික්ෂාපද තුනද “භික්ඛුණි” භික්ඛුණී යනාදියෙන් “භික්ඛුනියා උම්මද්දාපෙය්ය” යනාදී වූ ශික්ෂාපද සතර වදාරණ ලදහ. “අසංකච්චිකා ආපත්ති” “අසංකච්චිකා ගාමං පවිසෙය්ය, පාචිත්තියං”යි මෙසේ වදාළ ඇවැතද. “චත්තාරීසා චතුත්තරි” “චත්තරීසා චතුත්තරි” යන මේ සියලුම සිවුසාළිස් ශික්ෂාපදයෝ
“කායෙන න වාචාචිත්තෙන කායචිත්තෙන න වාචතො” කයෙන්ද කායචිත්තයෙන්ද උපදිත්. වාචාචිත්තයෙන් නොඋපදිත්. වචනයෙන් නොවේය යන අර්ත්ථයි. “ද්වෙ සමුට්ඨානිකා සබ්බෙ සමා එළකලොමිකා” යන මෙය ප්රකට අර්ත්ථ ඇත්තේමය.
පදසොධම්මසමුට්ඨානවණ්ණනා
“පදඤ්ඤත්ර අසම්මතා” “පදසොධම්මං, මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙය්ය, අඤ්ඤෙත්ර විඤ්ඤුනා පුරිසවිග්ගහෙන, අසම්මතො භික්ඛුණියො ඔවදෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද “තථා අත්ථඞ්ගතෙන ච” “අත්ථඞ්ගතෙසුරියෙ ඔවදෙය්ය”යි මෙය මේ ශික්ෂාපදය සඳහා කියනලදී. “තිරච්ඡාන විජ්ජා දෙව තිරච්ඡානවිජ්ජං පරියාපුණෙය්ය, වාචෙය්ය”යි මෙසේ වදාළ ශික්ෂාපද දෙකද “අනොකාසෙ ච පුච්ඡනා” “අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡෙය්ය”යි මෙය මේ සඳහා කියනලදී. මේ සත් ශික්ෂාපදයෝ පදසොධර්මය සමානයහ. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් උපදින බැවින් ද්විසමුට්ඨානයහ.