පදසොධම්මසමුට්ඨානවණ්ණනා
“පදඤ්ඤත්ර අසම්මතා” “පදසොධම්මං, මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙය්ය, අඤ්ඤෙත්ර විඤ්ඤුනා පුරිසවිග්ගහෙන, අසම්මතො භික්ඛුණියො ඔවදෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද “තථා අත්ථඞ්ගතෙන ච” “අත්ථඞ්ගතෙසුරියෙ ඔවදෙය්ය”යි මෙය මේ ශික්ෂාපදය සඳහා කියනලදී. “තිරච්ඡාන විජ්ජා දෙව තිරච්ඡානවිජ්ජං පරියාපුණෙය්ය, වාචෙය්ය”යි මෙසේ වදාළ ශික්ෂාපද දෙකද “අනොකාසෙ ච පුච්ඡනා” “අනොකාසකතං භික්ඛුං පඤ්හං පුච්ඡෙය්ය”යි මෙය මේ සඳහා කියනලදී. මේ සත් ශික්ෂාපදයෝ පදසොධර්මය සමානයහ. කායචිත්තයෙන් වාචාචිත්තයෙන් උපදින බැවින් ද්විසමුට්ඨානයහ.
අද්ධානසමුට්ඨානවණ්ණනා
“අද්ධානං නාවං පණීතං” “භික්ඛුණියා සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්ය, එකං නාවං අභිරුහෙය්ය, පණීත භොජනානි අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජෙය්ය”යි වදාළ ශික්ෂාපද තුනද “මාතුගාමෙන සංහරෙ” “මාතුගාමෙන සද්ධිං සංවිධාය ගමනං”යි වදාළ ශික්ෂාපදයද. “සම්බාධෙ ලොමං සංහරෙය්ය”යි වදාළ ශික්ෂාපදයද. “ධඤ්ඤං නිමන්තිතා චෙව” “ධඤ්ඤං විඤ්ඤාපෙත්වා”යි වදාළ ශික්ෂාපදයද. “නිමන්තිතා වා පවාරිතාවා ඛාදනීයං වා භොජනීයං වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා”යි වදාළ ශික්ෂාපදයද. “අට්ඨ ච” මෙහෙණන්හට වදාළ පාටිදෙසනීය අටද යන මේ පසළොස් ශික්ෂාපදයෝ අද්ධානගමන ශික්ෂාපදය මෙන් චතුසමුට්ඨානයහ.
ථෙය්යසත්ථසමුට්ඨානවණ්ණනා
“ථෙය්ය සත්ථං උපස්සුති” “ථෙය්යසත්ථෙන සද්ධිං සංවිධාය එකද්ධානගමනං”යි වදාළ ශික්ෂාපදයද. උපස්සුතිට්ඨාන ශික්ෂාපදයද, “සූපං විඤ්ඤාපතෙන ච” මෙය සූපොදනවිඤප්තිය සඳහා කියනලදී. “රත්තිච්ඡන්නඤ්ච ඔකාසං” “රත්තන්ධකාරෙ අප්පදීපෙ, පටිච්ඡන්නෙ ඔකාසෙ, අජ්ඣොකාසෙ පුරිසෙන සද්ධිං”යි මෙසේ වදාළ ශික්ෂාපද තුනද “බ්යුහෙන සත්තමං”යි මේ එයට අනතුරුවම “රථිකාය හා බ්යුහෙවා පුරිසෙන සද්ධිං” ආ ශික්ෂාපදය සඳහා කියනලදී. මේසත් ශික්ෂාපදයේ කායයෙන් හා චිත්තයෙන්ද උපදින බැවින් ද්විසමුට්ඨානයහ.
ධම්මදෙසනාසමුට්ඨානවණ්ණනා
“ධම්මදෙසනසමුට්ඨානා” ඡත්ත -දණ්ඩ-සත්ථ-ආවුධ-පාදුක-උපාහන-යාන -සයන-පල්ලත්ථික-වෙඨින-ඔගුණ්ඨින යන මේ එකොළොස් ශික්ෂාපදයෝ ප්රකටම වෙත්. මේ ශික්ෂාපදයෝ වාචාචිත්තයෙන් උපදින බැවින් එකසමුට්ඨානයහ. මෙසේ වනාහි සම්භින්න සමුට්ඨානය දතයුතුය. නියත සමුට්ඨානය වනාහි තෙපරිදි වේ. ඒ නියතසමුට්ඨානය එක් එක්ම ශික්ෂාපදයට වේ. ඒ නියත සමුට්ඨානය වෙන්වම දක්වන්නට “භූතං කායෙන ජායති” යනාදිය කියනලදී. එය ප්රකටමය. “නෙත්තිධම්මානුලොමිකං” විනයපාළියට අනුලොම් වේ.
සමුට්ඨානසීස වර්ණනාව නිමි.
අන්තරපෙය්යාලං
කතිපුච්ඡාවාරවණ්ණනා
දැන් ආපත්ති ආදි කොටස්හි දක්ෂභාවය පිණිස “කති ආපත්තියො” යනාදී නයින් මාතෘකාව තබා නිර්දෙශ ප්රතිනිර්දෙශ වශයෙන් විභඞ්ගය වදාරණ ලද්දේය.
එහි “කති ආපත්තියො” යනු මාතෘකාවෙහිද විභඞ්ගයෙහිද ආවාවූ ආපත්ති පෘච්ඡාවයි. දෙවන පදයෙහිද මේනයය. හුදෙක් මෙහි ආපත්තීහූම රාශිවශයෙන් ඛන්ධයෝයි කියනලදහ. “විනීතවත්ථුනි” යනු ඒ ආපත්තීන්ගේ විනයපෘච්ඡාවයි. විනීත විනය වූපසමය යන මේ වනාහි අර්ත්ථවශයෙන් එකෙක විනීතයෝම විනීතවස්තූහුයි යනු මෙහි මේ පදාර්ත්ථය වේ. දැන් යමක් ඇති කල්හි ආපත්තීහු වෙත්ද, නැති කල්හි ආපත්තීහු නොවෙත්ද ඔවුන් දක්වාලන්නට “කති අගාරවා”යි පෘච්ඡා දෙකෙකි. “විනීතවත්ථූනි” යන මෙය ඒ අගෞරවයන්ගේ විනයවිචාරීමය. යම්හෙයකින් ඒ ආපත්තීහු විපත්තියට පැමිණියාහු නම් නැත්තාහුද, එහෙයින් “කති විපත්තියො” යන මෙය ආපත්තීන්ගේ විපත්තිභාවය විචාරීමය. “කති ආපත්තිසමුට්ඨානානි” යනු ඒ ආපත්තීන්ගේම සමුට්ඨාන විචාරීමය. “විවාදමූලානි අනුවාදමූලානි”යන මොවුහු “විවාදාධිකරණං අනුවාදාධිකරණං”යි ආවාවූ විවාදානුවාදයන්ගේ මුල් විචාරීමය. “සාරාණියා ධම්මා” යනු විවාදානුවාදමූලයන්ගේ අභාවකර ධර්මයන් පිළිබඳ විචාරීමය. “භෙදකරවත්ථූනි” යන මෙය “භෙදනසංවත්තතිකං වා අධිකරණං” යනාදිතන්හි වදාළ භෙදකිරීම් විචාරීමය. “අධිකරණානි” භෙදකරවස්තූන් ඇතිකල්හි උපදින ධර්මවිචාරීමය. “සමථා” ඔවුන් සන්සිඳීම වන ධර්මවිචාරීමය. “පඤ්ච ආපත්තියො” මාතෘකාවෙහි ආ ධර්මයන්ගේ වසයෙන් කියනලද්දාහුය. “සත්තා” යනු විභඞ්ගයෙහි ආගත වසයෙන් කියන ලද්දාහුය.