සඤ්චරිත්තසමුට්ඨානවණ්ණනා
“සංචරිකුටිවිහාරො” සඤ්චරිත්ත ශික්‍ෂාපදය ද සඤ්ඤාචිකාය කුටිකරණ ශික්‍ෂාපදයද මහල්ලක විහාරකරණ ශික්‍ෂාපදයද “ධොපනඤ්ච පටිග්ගහො” නොනෑමෙහෙණක ලවා පුරාණවර ධොවාපන ශික්‍ෂාපදයද චීවර ප්‍රතිග්‍රහණ ශික්‍ෂාපදයද “විඤ්ඤත්තුත්තරි අභිභට්ඨුං” නොනෑගැහැවියකු චීවර විඥාපන ශික්‍ෂාපදයද තතුත්තම චීවරසාදි යන ශික්‍ෂාපදයද “උභින්නං දූතකෙන වා” “චීවරචෙතාපන්නං උපක්‍ඛටං හොති”යි ආ ද්විධශික්‍ෂාපදයෝද දූතයකු ලවා සිවුරුමිල පහිතශික්‍ෂාපදයද
“කොසිකා සුද්ධ ද්වෙ භාගා ඡබ්බස්සානි නිසීදනං” “කොසියමිස්සකං සන්‍ථතං” යනාදීවූ පඤ්චවිධ ශික්‍ෂාපදයෝද “රිඤ්චන්නි රූපිකා චෙව” විභඞ්ගයෙහි “රිඤ්චන්ති උද්දෙසං”යි ආ එළකලොම ධොවාපන ශික්‍ෂාපදයද රූපිය පටිග්ගහණ ශික්‍ෂාපදයද “උහො නානප්පකාරකා” රූපියසංවොහාර - කායවික්කය ශික්‍ෂාපද දෙකද
“ඌනබන්‍ධනවස්සිකා” ඌන පඤ්චබන්‍ධනපත්ත ශික්‍ෂාපදයද වස්සිකසාටික ශික්‍ෂාපදයද “සුත්තං විකප්පනෙන” හූ විණවා චීවර වායාපන ශික්‍ෂාපදයද රෙදි වියන්නන් කරා එළඹ චීවරයෙහි විකප්පාපජ්ජන ශික්‍ෂාපදයද “ද්වාරදානසිබ්බනී ච” ‘යාව ද්වාරකොසා අග්ගලට්ඨපනාය ‘අඤ්ඤාතිකාය භික්‍ඛුණියා චීවරං දදෙය්‍ය, චීවරං සිබ්බෙය්‍ය”යි වදාළ ශික්‍ෂාපද තුනද “පූවපච්චයජොතිච” පූයෙන් හෝ බැදි පිටියෙන් හෝ එළවා පවාරණ ශික්‍ෂාපදයද චතුමාසප්පච්චය පවාරණ - ජොතිසමාදහන ශික්‍ෂාපදයෝද,
“රතනං සූචි මඤ්චො ච තුලං නිසීදන කණ්ඩුව වස්සිකාච සුගතෙන” රතන ශික්‍ෂාපදයද සුචීඝර ශික්‍ෂාපදාදීවූ සප්ත ශික්‍ෂාපදයෝද, “විඤ්ඤත්ති අඤ්ඤං චෙතාපනා ච ද්වෙ සඞ්ඝිකා මහාජනී ද්වෙ පුග්ගලා ලහුකා ගරූ” “යාපන භික්‍ඛුණී අඤ්ඤං විඤ්ඤාපෙත්‍වා අඤ්ඤං විඤ්ඤාපෙය්‍ය” යනාදීවූ නව ශික්‍ෂාපදයෝද “ද්වෙ විඝාසා ඝාටිකා ච” “උච්චාරං වා පස්සාවං වා සඞ්කාරං වා විඝාසං වා තිරොකුඩ්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ්ඩෙය්‍ය වා ඡඩ්ඩාපෙය්‍ය වා”යි මෙසේ වදාළ ශික්‍ෂාපද දෙකද උදකසාටික ශික්‍ෂාපදයද “සමණචීවරෙන” “සමණචීවරං දදෙය්‍ය” යනු මේ එක් ශික්‍ෂාපදය සඳහා කියනලදී.
සමනුභාසනාසමුට්ඨානවණ්ණනා
“භෙදානුවත්ත දුබ්බච දූසදුට්ඨුල්ලදිට්ඨි ච” සඞ්ඝභෙදානුවත්තක දුබ්බච කුලදූසක දුට්ඨුල්ලපටිච්ඡාදන දිට්ඨිඅප්පටිනිස්සජ්ජන ශික්‍ෂාපදයෝද “ඡන්‍දඋජ්ජග්ඝිකා ද්වෙ” ඡන්‍දය නොදී ගමන ශික්‍ෂාපදයද මහ හඬින් සිනාසෙමින් ඇතුළු ගමෙහි ගමන නිසීදන ශික්‍ෂාපද දෙකද “දෙව ච සද්දා” “අප්පසද්දො අන්තරඝරෙ ගමිස්සාමි, නිසීදිස්සාමි” යන ශික්‍ෂාපද දෙකද “න ඛ්‍යාහර” “න සකබලෙන මුඛෙන ව්‍යාහරිස්සාමි” යන ශික්‍ෂාපදයද
“ඡමා නීචාසනෙ ඨානං පච්ඡතො උප්පථෙන ච” බිම හිඳ පහත් අසුනෙක හිඳ සිටියහු විසින් හුන්නහුට, පස්සෙහි යන්නහු විසින් ඉදිරියෙහි යන්නහුට, නොමගින් යන්නහු විසින් මගින් යන්නහුට ධර්‍මදෙශනා ශික්‍ෂාපදයෝද, “වජ්ජානුවත්තිගහණා” වජ්ජපටිච්ඡාදන - උක්‍ඛිත්තානුවත්තන - හත්‍ථග්ගහණාදී සඞ්ඛ්‍යාතවූ තුන් පරිජීහුද, “ඔසාරෙ පච්චාවික්‍ඛණ” “අනපලොකෙත්‍වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්‍දං ඔසාරෙය්‍යා”යිද, “බුද්ධං පච්චක්‍ඛාමි”යිද වදාළ ශික්‍ෂාපද දෙකද
“කිස්මිං සංසට්ඨා දෙව වධි” කිස්මිචිද්වෙ අධිකරණෙ පච්චාකතා”යිද, “භික්‍ඛුණියො පනෙව සංසට්ඨා විහරන්ති”යි ද, “යා පන භික්‍ඛුණී එවං වදෙය්‍ය සංසට්ඨාව අය්‍යෙ තුම්හෙ විහරථ”යි ද “අත්තානං වධිත්‍වා වධිත්‍වාරොදෙය්‍ය”යිද වදාළ ශික්‍ෂාපදයෝද “විසිබ්බෙ දුක්‍ඛිතාය ච” භික්‍ඛුනියා චීවරං විසිබ්බෙත්‍වා වා විසිබ්බාපෙත්‍වා වා”යිද “දුක්‍ඛිතං සහජීවනී”යිද වදාළ ශික්‍ෂාපද දෙකද “පුන සංසට්ඨා න වූපසමෙ” “සංසට්ඨා විහරෙය්‍ය ගහපතිනා වා ගහපතිපුත්තෙන වා”යි මෙසේ නැවැත වදාළ සංසට්ඨ ශික්‍ෂාපදයද “එහය්‍යෙ ඉමං අධිකරණං වූපසමෙහීති වුච්චමානා සාධුති පටිස්සුණිත්‍වා පච්ඡා අනන්තරායිකිනී නෙව වූපසමෙය්‍ය”යි වදාළ ශික්‍ෂාපදයද “ආරාමඤ්ච පවාරණා” “ජානං සභික්‍ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්‍ය”යිද, “උභතො සඞ්ඝෙ තීහි ඨානෙහි න පවාරෙය්‍ය”යිද වදාළ ශික්‍ෂාපද දෙකද
“අන්‍වද්ධමාසං සහජීවී දෙව” අන්‍වද්ධමාසං භික්‍ඛුණියා භික්‍ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසිංසිතබ්බා”යි වදාළ ශික්‍ෂාපදයද “සහජීවිනං වුට්ඨාපෙත්‍වා ද්වෙ වස්සානි නෙව අනුගණෙය්‍ය, සහජීවිනිං වුට්ඨාපෙත්‍වා නෙව වූපකාසෙය්‍ය” වදාළ ශික්‍ෂාපද දෙකද “චීවරං අනුබන්‍ධනා” “සචෙ මෙ ත්‍වං අය්‍යෙ චීවරං දස්සසි, එවාහන්තං වුට්ඨාපෙස්සාමි”යිද වදාළ ශික්‍ෂාපද දෙකද යන සත්තිස් ශික්‍ෂාපදයෝ සමනුභාසනය සේ කායවාවාචිත්තයෙන් උපදිත්. එකසමුටට්ඨානයහ.