දුතියපාරාජිකසමුට්ඨානවණ්ණනා
“අදින්නං” මේ වනාහි අදින්නාදානයයි හෝ ද්විතීය පාරාජිකයයි හෝ එක් සමුට්ඨාන ශිර්ෂයෙකි. සෙස්සෝ එය හා සමානයෝය. එහි “විග්ගහුත්තරීං” මනුෂ්යවිග්රහ - උත්තරිමනුෂ්යධර්ම ශික්ෂාපදයෝය. “දුට්ඨුල්ලං අත්තකාමිතං” දුට්ඨුල්ලවාචා අත්තකාම පාරිචරිය ශික්ෂාපදයෝය. “අමූලා අඤ්ඤභාගියා” දුට්ඨදොස ශික්ෂාපද දෙකය. “අනියතා දුතියිකා” ද්විතීය අනියත ශික්ෂාපදය.
“අච්ඡින්දන පරිණාමනෙ” “සාමං චීවරං දත්වා අච්ඡින්දන ශික්ෂාපදයද. සඞ්ඝිකලාභය තමන්ට පරිණාමන ශික්ෂාපදයද. “මුසා ඔමස පෙසුණා” මුසාවාද ශික්ෂාපදයද ඔමසවාද ශික්ෂාපදයද භික්ඛුපෙසුඤ්ඤ ශික්ෂාපදයද. “දුට්ඨුල්ලා පඨවිං ඛණෙ” දුට්ඨුල්ලාපත්ති ආරොචන ශික්ෂාපදයද, පඨවිඛණන ශික්ෂාපදයද. “භූතං අඤ්ඤච උජ්ඣපෙ” භූතගාම - අඤ්ඤවාදක උජ්ඣාපනක ශික්ෂාපදද.
“නික්කඩ්ඪනං සිඤ්චනඤ්ච” වෙහෙරින් නික්කඩ්ඪන ශික්ෂාපදයද, දියෙන් තෘණාදිසිඤ්චන ශික්ෂාපදයද. “ආමිසහෙතු භුත්තාවිං” ආමිස හෙතුවෙන් මෙහෙණන්ට අවවාද කරති, යන ශික්ෂාපදයද, වලඳා අවසන් කළ මහණකු අනතිරික්ත ඛාදනීයාදියෙන් පවාරණශික්ෂාපදයද. “එහි අනාදරියංහිංසා” “එහාවුසොගාමං වා” යන ශික්ෂාපදයද, අනාදරිය ශික්ෂාපදයද, භිංසාපනක ශික්ෂාපදයද “අපනිද්ධෙ ච ජිවිතං” පාත්රාදිය සඟවා තැබීමෙහි ශික්ෂාපදයද, දැන දැන සතකු දිවියෙන් තොර කිරීමෙහි ශික්ෂාපදයද,
“ජානං සප්පාණකං කම්මං” දැන දැන සප්පාණක උදක ශික්ෂාපදයද, පුන කම්මාය උක්කොටන ශික්ෂාපදයද, “ඌනසංවාසනාසනා” ඌනවීසතිවස්ස ශික්ෂාපදයද, උක්ඛිත්තකයා සමග සංවාස ශික්ෂාපදයද, නාසිතකසාමණෙර සම්භොග ශික්ෂාපදයද, “සහධම්මිකං විලෙඛා” කරුණු සහිතව වුච්චමාන ශික්ෂාපදයද “විලෙඛාය සංවත්තති”යි ආගත ශික්ෂාපදයද “මොහො අමූලකෙන” මොහනකෙ පාචිත්තිය ශික්ෂාපදයද අමූලකෙන සඞ්ඝාදිසෙසෙන අනුද්ධංසන ශික්ෂාපදයද
“කුක්කුච්ච ධම්මිකං චීවරං දත්වා” කුක්කුච්ච උප්පාදන ශික්ෂාපදයද, ධම්මිකානං කම්මානං ඡන්දං දත්වා ඛී” යන ශික්ෂාපදයද, “චීවරං දත්වා ඛී” යන ශික්ෂාපදයද, “පරිණාමෙය්ය පුග්ගලෙ” සඞ්ඝික ලාභය පුද්ගලයක්හට පරිණාමන ශික්ෂාපදයද, “කිං තෙ අකාලං අච්ඡින්දෙ” “කිං තෙ අය්යෙ එසො පුග්ගලො කරිස්සති”යි ආගත ශික්ෂාපදයද, අකාල චීවරය කාලචීවරයයි ඉටා භාජාපන ශික්ෂාපදයද, මෙහෙණක සමග සිවුර පරිවර්තනයකොට අච්ඡින්දන ශික්ෂාපදයද, “දුග්ගහිත නිරයෙන ච” දුග්ගහිතෙන දූපධාරිතෙන පරං උජ්ඣාපන ශික්ෂාපදයද, නිරයෙන් හෝ බ්රහ්මචර්ය්යයෙන් හෝ අභිසපන ශික්ෂාපදයද,
“ගණං විභඞ්ගං දුබ්බලං” “ගණස්ස චීවරලාභං අන්තරායං කරෙය්ය” යන ශික්ෂාපදයද, “ධම්මිකං චීවරලාභං පටිබාහෙය්ය” යන ශික්ෂාපදයද, “දුබ්බලචීවරං පච්වාසාය චීවරකාලසමයං අතික්කමෙය්ය” යන ශික්ෂාපදයදැයි කියූ ශික්ෂාපදයෝද, “කඨිනාඵාසුපස්සයං” “ධම්මිකං කඨිනුද්ධාරං පටිබාහෙය්ය”යිද, “භික්ඛුණියා සඤ්චිච්ච අඵාසුකරෙය්ය”යිද, “භික්ඛුණියා උපස්සයං දත්වා කුපිතා අනන්තමනා නික්කඩ්ඪෙය්ය”යිදැයි කියනලද ශික්ෂා පදයෝද, “අක්කොසචණ්ඩි මච්ඡරී” “භික්ඛුං අක්කොසෙය්ය වා පරිභාසෙය්ය වා”යිද, “චණ්ඩීකතා ගණ පරිභාසෙය්ය”යිද “කුලමච්ඡරිනී අස්ස”යිදැයි කියන ලද ශික්ෂාපදයෝද “ගබ්භිනිඤ්ච පායන්තියා” “ගබ්භිනිං වුට්ඨාපෙය්ය, පායන්තිං වුට්ඨාපෙය්ය” යන ශික්ෂාපදයෝද,
“ද්වෙ වස්ස සික්ඛා සඞ්ඝෙන” “ද්වෙ වස්සාති ඡසු ධම්මෙසු අසික්ඛිතසික්ඛං සික්ඛ මානං වුට්ඨාපෙය්ය, සික්ඛිතසික්ඛං සික්ඛමානං සඞ්ඝෙන අසම්මතං වුට්ඨාපෙය්ය” යන ශික්ෂාපදයෝද “තයො චෙව ගිහීගතා” ඌන ද්වා දසවස්සං ගිහීගතං, පරිපුණ්ණද්වාදසවස්සං ගිහීගතං,” “දෙව වස්සානි ඡසුධම්මෙසු අසික්ඛිත සික්ඛං ද්වෙ වස්සානි සික්ඛිතසික්ඛං සඞ්ඝෙන අසම්මතං”යි වදාළ ශික්ෂාපදයෝද, “කුමාරීභූතා නිස්සො” ඌනවිසති වස්සං කුමාරීභූතං” යනාදිනයින් වදාළ තුන් ශික්ෂාපදයෝද, “ඌනද්වාදසම්මතා” “ඌනද්වාදසවස්සා වුට්ඨාපෙය්ය, පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙය්ය”යි වදාළ ද්විධ ශික්ෂාපදයෝද,