පඨමපාරාජිකසමුට්ඨානවණ්ණනා
දැන් ඒ සමුට්ඨානයන් දක්වනු පිණිස “මෙථුනං සුක්කසංසග්ගො” යනාදිය වදාරණ ලදී. එහි “මෙථුනං” යන මේ වනාහි ප්රථම පාරාජික නම් එක් සමුට්ඨාන ශීර්ෂයෙකි. සෙස්සෝ ඒ හා සදෘශයෝය. “සුක්කසංසග්ගො” සුක්කවිසට්ඨිය ද කායසංසග්ගයද යන මේ ශික්ෂාපද දෙක. “අනියතා පඨමිකා” ප්රථම අනියත ශික්ෂාපදය “පුබ්බූපපරිපාචිතා” “ජාතං පුබ්බූපගතං භික්ඛුං” යන ශික්ෂාපදයද භික්ඛුණිපරිපාවිත පිණ්ඩපාත ශික්ෂාපදයද “රහො භික්ඛුණියා සහ” මෙහෙණක සමග රහස්හි නිෂද්ය ශික්ෂාපදයද
“සහොජන රහො ද්වෙ ච” මෙවුන්දම් රාගයෙන් රත්වූ අඹු සැමියන් දෙදෙනකු ඇති කුලයෙහි අනුප්රවිෂ්ටව නිෂද්ය ශික්ෂාපදයද රහො නිෂද්යශික්ෂාපද දෙකද “අඞ්ගුලි උදකෙ හසං” අඞ්ගුලිපතොද ශික්ෂාපදයද උදකෙ හස්සධම්ම ශික්ෂාපදයද, “පහාරෙ උග්ගිරෙ දෙව” පහරදාන ශික්ෂාපදයද තලසත්තික - උග්ගිරණ ශික්ෂාපද දෙකද “තෙ පඤ්ඤාසාච සෙඛියා” ක්ෂුද්රක වර්ණනාවසානයෙහි වදාරණ ලද පරිමණ්ඩල නිවාසනාදීවූ ශෛක්ෂ්ය ශික්ෂාපද තෙපණසෙක්ද,
“අධක්ඛං ගාමා වස්සුතා” මෙහෙණන්ගේ අධක්ඛක ශික්ෂාපදයද, ගාමාන්තර ශික්ෂාපදයද රාගයෙන් ඇවිසුනු මෙහෙණක් තොමෝ රාගයෙන් ඇවිසුණු පුරුෂයක්හුගේ අතින් ඛාද්යග්රහණ ශික්ෂාපදයද, “තලමට්ඨඤ්ච සුද්ධිකා” තලඝාතක ශික්ෂාපදයද, ජතුමට්ඨ ශික්ෂාපදයද, උදකශුද්ධිකාදි යන ශික්ෂාපදයද, “වස්සං වුත්ථා ච ඔවාදං” “වස්සං වුත්ථා ඡප්පඤ්චයොජනාති” යන ශික්ෂාපදයද, ඔවාදාය අගමන ශික්ෂාපදයද
“ඉමෙ සික්ඛා” මේ ශික්ෂාවෝය. ලිඞ්ගවිපර්ය්යාසය කරණලදී. “කායමානසිකා කතා” කායචිත්තසමුට්ඨානයෝයයි කරණ ලදහ. මේ සත්සැත්තෑ ශික්ෂාපද ප්රථම පාරාජිකය සේ කායචිත්තයෙන් උපදින බැවින් කායචිත්තසමුට්ඨානැයි දතයුතුය.
දුතියපාරාජිකසමුට්ඨානවණ්ණනා
“අදින්නං” මේ වනාහි අදින්නාදානයයි හෝ ද්විතීය පාරාජිකයයි හෝ එක් සමුට්ඨාන ශිර්ෂයෙකි. සෙස්සෝ එය හා සමානයෝය. එහි “විග්ගහුත්තරීං” මනුෂ්යවිග්රහ - උත්තරිමනුෂ්යධර්ම ශික්ෂාපදයෝය. “දුට්ඨුල්ලං අත්තකාමිතං” දුට්ඨුල්ලවාචා අත්තකාම පාරිචරිය ශික්ෂාපදයෝය. “අමූලා අඤ්ඤභාගියා” දුට්ඨදොස ශික්ෂාපද දෙකය. “අනියතා දුතියිකා” ද්විතීය අනියත ශික්ෂාපදය.
“අච්ඡින්දන පරිණාමනෙ” “සාමං චීවරං දත්වා අච්ඡින්දන ශික්ෂාපදයද. සඞ්ඝිකලාභය තමන්ට පරිණාමන ශික්ෂාපදයද. “මුසා ඔමස පෙසුණා” මුසාවාද ශික්ෂාපදයද ඔමසවාද ශික්ෂාපදයද භික්ඛුපෙසුඤ්ඤ ශික්ෂාපදයද. “දුට්ඨුල්ලා පඨවිං ඛණෙ” දුට්ඨුල්ලාපත්ති ආරොචන ශික්ෂාපදයද, පඨවිඛණන ශික්ෂාපදයද. “භූතං අඤ්ඤච උජ්ඣපෙ” භූතගාම - අඤ්ඤවාදක උජ්ඣාපනක ශික්ෂාපදද.
“නික්කඩ්ඪනං සිඤ්චනඤ්ච” වෙහෙරින් නික්කඩ්ඪන ශික්ෂාපදයද, දියෙන් තෘණාදිසිඤ්චන ශික්ෂාපදයද. “ආමිසහෙතු භුත්තාවිං” ආමිස හෙතුවෙන් මෙහෙණන්ට අවවාද කරති, යන ශික්ෂාපදයද, වලඳා අවසන් කළ මහණකු අනතිරික්ත ඛාදනීයාදියෙන් පවාරණශික්ෂාපදයද. “එහි අනාදරියංහිංසා” “එහාවුසොගාමං වා” යන ශික්ෂාපදයද, අනාදරිය ශික්ෂාපදයද, භිංසාපනක ශික්ෂාපදයද “අපනිද්ධෙ ච ජිවිතං” පාත්රාදිය සඟවා තැබීමෙහි ශික්ෂාපදයද, දැන දැන සතකු දිවියෙන් තොර කිරීමෙහි ශික්ෂාපදයද,