(2) පාරාජිකාදිපඤ්හාවණ්ණනා
“ඡිද්දං තස්මිං ඝරෙ නත්ථි” යන මේ ප්රශ්නය වස්ත්රකුටි ආදියද සත්ථතපෙය්යාලයද සඳහා කියනලදී.
“තෙලං මධු ඵාණිතං” යන ගාථාව ලිඞ්ග පරිවර්තනය සඳහා කියනලදී.
“නිස්සග්ගියෙන” යන ගාථාව පිරිනැමීම සඳහා කියනලදී. යමෙක් තෙමේ සඞ්ඝයාහට පිරිනැමූ ලාභයෙන් එක් සිවුරක් තමන්හටය, එක් සිවුරක් අන්හටැයි සිවුරු දෙකක්, ‘එකක් මටය, එකක් ඔහුට දෙව’යි එක් ප්රයොගයකින් පිරිනම්වාද, හෙතෙමේ නිස්සග්ගිය පාචිත්තියටද, ශුද්ධිකපාචිත්තියටද එකවිට පැමිණේ.
“කම්මඤ්ච තං කුප්පෙය්ය වග්ගපච්චයා” යන මේ ප්රශ්නය දොළොස් යොදුන් පමණ වූ බාරාණාසී ආදි නගරයන්හි ග්රාමසීමාව සඳහා කියනලදී.
“පදවීතිහාරමත්තෙන” යන ගාථාව සඤ්චරිත්තය සඳහා කියනලදී. මේ ගාථාවෙහි අර්ත්ථයද සඤ්චරිත්ත වර්ණනාවෙහිම කියනලදී.
“සබ්බානි තානි නිස්සග්ගියානි” මේ ප්රශ්නය නොනෑමෙහෙණක ලවා සිවුරු සේදවීම සඳහා කියනලදී. ඉදින් තුන් සිවුරෙහි කවුඩන් මල පැහැරූ හෝ මඩ තැවරුණු හෝ කොණක් ගෙණ මෙහෙණ තොමෝ ජලයෙන් සෝදාද, මහණහුගේ කායගතවූම නිසගීහු වෙත්.
“සරණගමනම්පි න ච තස්ස අත්ථි” සරණගමන උපසම්පදාවද ඔහුට නැත්තීය. මේ ප්රශ්නය වනාහි මහාප්රජාපතියගේ උපසම්පදාව සඳහා කියනලදී.
“හනෙය්ය අනරියං මන්දො” ආර්ය්ය නොවූ ඒ ස්ත්රියක හෝ පුරුෂයකු හෝ නසන්නේය. මේ ප්රශ්නය ලිඞ්ගපරිවර්තනයෙන් ස්ත්රී වූ පියාද, පුරුෂ වූ මවද සඳහා කියනලදී.
“න තෙනානන්තරං ඵුසෙ” මේ ප්රශ්නය මෘගශෘඞ්ගතාපසසිංහ කුමාරාදීන්ගේ මෙන් තිරිසන් මවුපියන් සඳහා කියනලදී.
“අචොදයිත්වා” යන ගාථාව පණ්ඩකාදීන්ගේ උපසම්පදාව සඳහා කියනලදී. කුරුන්දියෙහි වනාහි ප්රථමගාථාව අෂ්ට සම්මුඛාකර්මද දෙවන ගාථාව අනාපත්තිකයාහට කරන තර්ජනීයාදිකර්මද සඳහා කියන ලදැ’යි ආයේය.
“ඡින්දන්තස්ස ආපත්ති” මෙරමා සතුවන දෙටුරුකක් සිඳින්නහුට පාරාජිකය වේ. තණවැල් ආදිය සිඳින්නහුට පාචිත්තිය වේ. අඞ්ගජාතය සිඳින්නහුට ථුල්ලච්චය වේ. “ඡින්දන්තස්ස අනාපත්ති” කෙස්ද නියද සිඳින්නහුට ඇවැත් නොවේ. “ඡාදෙන්තස්ස ආපත්ති” තමන්ගේ ඇවැත වසන්නහුට අන්යයන්ගේ හෝ ඇවැත් වසන්නහුට ඇවැත් වේ. “අනාපත්ති” ගෘහාදියෙහි වසන්නහුට ඇවැත් නොවේ.
“සච්චං භනන්තො” යන ගාථාවෙහි පිටතට නිකුත් ඇතිමස ඇත්තීයෙහි, උභතොබ්යඤ්ජනයෙහි’යි සැබෑ බස් කියන්නේ ගරු ඇවැතට පැමිණේ. සම්පජානමුසාවාදයෙහි වනාහි බොරු කියන්නහුට ලහුකාපත්තිය වේ. අභූතාරොචනයෙහි බොරු කියන්නේ ගරු ඇවතට පැමිණේ. භූතාරොචනයෙහි සැබෑ කියන්නහුට ලහුකාපත්තිය වේ.
(3) පාචිත්තියාදිපඤ්හාවණ්ණනා
“අධිට්ඨිතං” යන ගාථාව නිසගිවූ සිවුර නොනිසදා පරිභොග කරන්නහු සඳහා කියනලදී.
“අත්ථඞ්ගතෙ සුරියෙ” යන ගාථාව රවන්තලු නැගීම සඳහා කියනලදී.
“න රත්තචිත්තො” යන ගාථාවෙහි මේ අර්ත්ථය වේ. රාගයෙන් රත් සිත් ඇත්තේ මෛථුනධර්මපරාජිකයට පැමිණේ. සොරසිත් ඇත්තේ අදින්නාදානපාරාජිකයට පැමිණේ. මෙරමා නසනු පිණිස සිතන්නේ මනුෂ්යවිග්රහ පාරාජිකයට පැමිණේ. සඞ්ඝභෙදකතෙමේ වනාහි රාගයෙන් රත්වූ සිත් නැත්තේ සොරසිතද නැත්තේ මෙරමා නසනු පිණිසද නොසිතුයේය. සලාක දෙන ඒ මහණහුට ජෙද්ය පාරාජිකාපත්තිය වේ. සලාකය ගන්නාවූ භෙදානානුවර්තකයාහට ථුල්ලච්චය වේ.
“ගච්ඡෙය්ය අද්ධයොජනං” යන මේ ප්රශ්නය සුප්රතිෂ්ඨිත නිග්රොධ වෘක්ෂය වැනි එක් කුලයක රුක්මුලක් සඳහා කියන ලදී.
“කායිකා” යන මේ ගාථාව බොහෝ ස්ත්රීන්ගේ කෙස් හෝ ඇඟිලි හෝ එකට ගන්නහු සඳහා කියනලදී.
“වාචසිකා” යන මේ ගාථාව “සබ්බෙ තුම්හෙ සිඛරිණියො” යනාදි නයින් දුළුල් කියන්නහු සඳහා කියනලදී.
“තිස්සිත්ථියො මෙථුනං” මිනිස් අමිනිස් තිරිසන් වසයෙන් යම් ස්ත්රීන් තිදෙනෙක් කියනලද්දාහුද, ඔවුන් අතුරෙහි යම් ඒ මෛථුනයෙක් වේද, එය සෙවනය නොකරයි. “තයො පුරිසෙ” මිනිස් නොමිනිස් තිරිසන් පුරුෂයන් තිදෙන කරා ගොස්ද, මෛථුනය සෙවනය නොකරයි. “තයො ච අනරියපණ්ඩකෙ” උභතො ඛ්යඤ්ජනකසඞ්ඛ්යාත අනාර්ය්යයන් තිදෙන හා පණ්ඩකයන් තිදෙනද මේ සදෙන කරාද ගොස් මෛථුනය සෙවනය නොකරයි. “න චාචරෙ මෙථුනං බ්යඤ්ජනස්මිං” ලම්බී මුදුපිට්ඨිකාදීවූ අනුලොම පාරාජිකා වසයෙන්ද මෛථුනයෙහි නොහැසිරෙයි. “ඡෙජ්ජං සියා මෙථුන ධම්ම පච්චයා” මෛථුනධර්මප්රත්යයයෙන් පාරාජික වන්නේය. මේ ප්රශ්නය අෂ්ටවස්තුකය සඳහා කියනලදී. මෛථුනධර්මයට පූර්වභාග කායසංසර්ගයට පැමිණෙන්නට ව්යායාම කරණ ඇයට ජෙද්යය වේ. පාරාජිකය වේ.
“මාතරං චීවරං” යන මේ ගාථාව ඉල්මස පසළොස්වක පටන් පොසොන් පසළොස්වක තෙක් ඇති සත්මස නම් වූ පිට්ඨිසමයයෙහි වැසිසළු සිවුර සඳහා සිහිය උපදවනු සඳහා කියන ලදී. මෙහි විනිශ්චය වනාහි වස්සිකසාටික ශික්ෂාපද වර්ණනාවෙහිම කියනලද්දේය.
“කුද්ධො ආරාධකො හොති” යන ගාථාව තීර්ථකවත සඳහා කියනලදී. තීර්ථක තෙමේ වනාහි වත පුරන්නේ තීර්ථකයන්ගේ ගුණය කියනු ලබන කල්හි කිපුනේ, ගර්හා කරන්නේ වේ. තෙරුවන් ගුණ කියනකල්හි සතුටු වේ. ඒ පිළිබඳ විස්තරය එහිම කියන ලද්දේ වේ. ද්විතීයගාථාවද ඒ සඳහාම කියනලද්දීය.
“සඞ්ඝාදිසෙසං” යනාදි ගාථාව යම් මෙහෙණක් තොමෝ රාගයෙන් තෙත්ව රාගයෙන් තෙත්වූ පුරුෂයකු අතින් පිණ්ඩපාතය ගෙණ මිනීමස් සුදුලූණු පිණිබොජුන් සෙසු අකැපමස් යන මොවුන් හා අනා අනුභව කෙරේනම්, එය සඳහා කියනලදී.