(3) පාචිත්තියාදිපඤ්හාවණ්ණනා
“අධිට්ඨිතං” යන ගාථාව නිසගිවූ සිවුර නොනිසදා පරිභොග කරන්නහු සඳහා කියනලදී.
“අත්‍ථඞ්ගතෙ සුරියෙ” යන ගාථාව රවන්තලු නැගීම සඳහා කියනලදී.
“න රත්තචිත්තො” යන ගාථාවෙහි මේ අර්‍ත්‍ථය වේ. රාගයෙන් රත් සිත් ඇත්තේ මෛථුනධර්‍මපරාජිකයට පැමිණේ. සොරසිත් ඇත්තේ අදින්නාදානපාරාජිකයට පැමිණේ. මෙරමා නසනු පිණිස සිතන්නේ මනුෂ්‍යවිග්‍රහ පාරාජිකයට පැමිණේ. සඞ්ඝභෙදකතෙමේ වනාහි රාගයෙන් රත්වූ සිත් නැත්තේ සොරසිතද නැත්තේ මෙරමා නසනු පිණිසද නොසිතුයේය. සලාක දෙන ඒ මහණහුට ජෙද්‍ය පාරාජිකාපත්තිය වේ. සලාකය ගන්නාවූ භෙදානානුවර්‍තකයාහට ථුල්ලච්චය වේ.
“ගච්ඡෙය්‍ය අද්ධයොජනං” යන මේ ප්‍රශ්නය සුප්‍රතිෂ්ඨිත නිග්‍රොධ වෘක්‍ෂය වැනි එක් කුලයක රුක්මුලක් සඳහා කියන ලදී.
“කායිකා” යන මේ ගාථාව බොහෝ ස්ත්‍රීන්ගේ කෙස් හෝ ඇඟිලි හෝ එකට ගන්නහු සඳහා කියනලදී.
“වාචසිකා” යන මේ ගාථාව “සබ්බෙ තුම්හෙ සිඛරිණියො” යනාදි නයින් දුළුල් කියන්නහු සඳහා කියනලදී.
“තිස්සිත්‍ථියො මෙථුනං” මිනිස් අමිනිස් තිරිසන් වසයෙන් යම් ස්ත්‍රීන් තිදෙනෙක් කියනලද්දාහුද, ඔවුන් අතුරෙහි යම් ඒ මෛථුනයෙක් වේද, එය සෙවනය නොකරයි. “තයො පුරිසෙ” මිනිස් නොමිනිස් තිරිසන් පුරුෂයන් තිදෙන කරා ගොස්ද, මෛථුනය සෙවනය නොකරයි. “තයො ච අනරියපණ්ඩකෙ” උභතො ඛ්‍යඤ්ජනකසඞ්ඛ්‍යාත අනාර්‍ය්‍යයන් තිදෙන හා පණ්ඩකයන් තිදෙනද මේ සදෙන කරාද ගොස් මෛථුනය සෙවනය නොකරයි. “න චාචරෙ මෙථුනං බ්‍යඤ්ජනස්මිං” ලම්බී මුදුපිට්ඨිකාදීවූ අනුලොම පාරාජිකා වසයෙන්ද මෛථුනයෙහි නොහැසිරෙයි. “ඡෙජ්ජං සියා මෙථුන ධම්ම පච්චයා” මෛථුනධර්‍මප්‍රත්‍යයයෙන් පාරාජික වන්නේය. මේ ප්‍රශ්නය අෂ්ටවස්තුකය සඳහා කියනලදී. මෛථුනධර්‍මයට පූර්‍වභාග කායසංසර්‍ගයට පැමිණෙන්නට ව්‍යායාම කරණ ඇයට ජෙද්‍යය වේ. පාරාජිකය වේ.
“මාතරං චීවරං” යන මේ ගාථාව ඉල්මස පසළොස්වක පටන් පොසොන් පසළොස්වක තෙක් ඇති සත්මස නම් වූ පිට්ඨිසමයයෙහි වැසිසළු සිවුර සඳහා සිහිය උපදවනු සඳහා කියන ලදී. මෙහි විනිශ්චය වනාහි වස්සිකසාටික ශික්‍ෂාපද වර්‍ණනාවෙහිම කියනලද්දේය.
“කුද්ධො ආරාධකො හොති” යන ගාථාව තීර්ථකවත සඳහා කියනලදී. තීර්ථක තෙමේ වනාහි වත පුරන්නේ තීර්ථකයන්ගේ ගුණය කියනු ලබන කල්හි කිපුනේ, ගර්හා කරන්නේ වේ. තෙරුවන් ගුණ කියනකල්හි සතුටු වේ. ඒ පිළිබඳ විස්තරය එහිම කියන ලද්දේ වේ. ද්විතීයගාථාවද ඒ සඳහාම කියනලද්දීය.
“සඞ්ඝාදිසෙසං” යනාදි ගාථාව යම් මෙහෙණක් තොමෝ රාගයෙන් තෙත්ව රාගයෙන් තෙත්වූ පුරුෂයකු අතින් පිණ්ඩපාතය ගෙණ මිනීමස් සුදුලූණු පිණිබොජුන් සෙසු අකැපමස් යන මොවුන් හා අනා අනුභව කෙරේනම්, එය සඳහා කියනලදී.
“එකො උපසම්පන්නො එකො අනුපසම්පන්නො” යන ගාථාව අහස්ගතයා සඳහා කියනලදී. ඉදින් හෙරණුන් දෙදෙනකුන් අතුරෙහි එක් හෙරණෙක් සෘද්ධියෙන් කෙසගක් පමණකුදු පෘථිවිය හැර පෘථිවියෙන් ඉවත්ව හුන්නේ වේද, හෙතෙමේ, අනුපසම්පන්න නම් වේ. සඞ්ඝයා විසිනුදු අහසෙහි හිඳ භූමිගතයාහට කර්‍ම නොකටයුතුය. ඉදින් කෙරේනම් කර්‍මය කොප්‍ය වේ.
“අකප්පකතං” යන ගාථාව අසිඳගත් සිවුරු ඇති මහණහු සඳහා කියනලදී. ඒ ගාථාව පිළිබඳ විනිශ්චයද ඒ ශික්‍ෂාපදයෙහිම විස්තර විසින් කියන ලද්දේය.
“න දෙති න පටිගණ්හාති” මෙහෙයුණු මෙහෙණ තොමෝ නොදෙයි. මෙහෙයුණු මෙහෙණ තොමෝ ඒ පුරුෂයාගේ අතින් නොපිළිගණියි. “පටිග්ගහො තෙන න විජ්ජති” ඒ කාරණයෙන්ම මෙහෙයුණු මෙහෙණ අතින් මෙහෙයුණු මෙහෙණගේ පිළිගැන්මෙක් නැත්තේය. “ආපජ්ජති ගරුකං” මෙසේ ඇතිකල්භිද රාගයෙන් තෙත්වූවකු අතින් පිණ්ඩපාතය ගැණීමෙහි යෙදෙන්නී සඞ්ඝාදිසෙසාපත්තියට පැමිණේ. “තඤ්ච පරිභොගපච්චයා” ඒ ඇවතටද පැමිණෙන්නී ඒ මෙහෙයනලද මෙහෙණගේ පරිභොග හෙතුවෙන් පැමිණේ. බුදීම් කෙළවර ඒ මෙහෙයනලද මෙහෙණට සඞ්ඝාදිසෙසය වේ. ද්විතීය ගාථාවද ඇයගේම දියදැහැටි ගැණීමෙහි යෙදීම සඳහා කියනලදී.
“න භික්‍ඛුණි නො ච ඵුසෙය්‍ය වජ්ජං” සතළොස් සඞ්ඝාදිසෙස අතුරෙහි එක්තරා ඇවැතකට පැමිණ අනාදරය හෙතුකොට වසන්නාවූද මෙහෙණ තොමෝ වැසීම් හෙතුවෙන් වරදට නොපැමිණේ. අන් අලුත් ඇවැතකට නොපැමිණේ. පිළිසන්වූ හෝ නොපිළිසන් වූ හෝ ඇවැතට පක්‍ෂමානන්තයම ලබයි. මෝතොමෝ මෙහෙණක්ද නොවේ. සාවසෙසවූද, ගරුඇවැතට පැමිණ වසා වරද නොපහසයි. “පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා” මේ ප්‍රශ්නය උක්‍ඛිත්තක භික්‍ෂුව සඳහා කියන ලදී. යම්හෙයකින් ඔහු සමග විනයකර්‍මයෙක් නැත්තේද, එහෙයින් යමෙක් සඞ්ඝාදිසෙසයට පැමිණ, වසන්නෝම වරද නොපහසයි.
සෙදමොචන ගාථාවර්‍ණනාව නිමි.
පඤ්චවග්ගො
කම්මවග්ගවණ්ණනා
කර්‍මවර්‍ගයෙහි - චතුර්විධ කර්‍මයන්ගේ නානාකරණය සමථක්‍ඛන්‍ධකයෙහි කියන ලද්දේමය. එසේ කියනලද්දේ නමුත් මේ කර්‍ම විනිශ්චය නම් මුලපටන් කියනු ලබන්නේ ප්‍රකට වේ. එහෙයින් මුලපටන්ම මෙහි කියයුත්ත කියන්නෙමු. “චත්තාරි” යන මෙය කර්‍මයන්ගේ ගණන් පිරිසිඳීමෙහි වචනයි. “කම්මානි” යනු පිරිසිඳින ලද කර්‍මයන්ගේ දැක්වීමය. අපලොකනකර්‍ම නම්, සීමාවෙහි සිටි සඞ්ඝයා අත්පසට ගෙන්වීම් වසයෙන් ශුද්ධකොට ඡන්‍දාර්‍හයන්ගේ ඡන්‍දයගෙණ සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් කැමැත්තෙන් තුන්යලක් අස්වා කටයුතු කර්‍මයයි. ඤත්තිකර්‍ම නම්, කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින් කටයුතු කර්‍මයයි. ඤත්තිදුතියකර්‍ම නම් කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින්ද එක් අනුසාවණයකින්දැයි මෙසේ ඤත්තිය දෙවැනිකොට ඇති අනුසාවණයකින් කටයුතු කර්‍මයයි. ඤත්තිචතුත්‍ථකර්‍ම නම් කියූනයින්ම සමගි සඞ්ඝයාගේ අනුමතියෙන් එක් ඤත්තියකින්ද අනුසාවණ තුනකින්දැ’යි මෙසේ ඤත්තිය සතරවැනිකොට ඇති අනුසාවණ තුනකින් කළයුතු කර්‍මයයි.