උබ්බාහිකවග්ගවණ්ණනා
උබ්බාහික වර්ගයෙහි “න අත්ථකුසලො” අර්ත්ථකථාවෙහි දක්ෂ නොවේ. අර්ත්ථොද්ධාරයෙහි දක්ෂ නොවේ. “න ධම්මකුසලො” ආචාර්ය්ය මුඛයෙන් නොඋගත්බැවින් පාලියෙහි දක්ෂ නොවේ. පාලියෙහි ශුර නොවේ. “න නිරුත්තිකුසලො” භාෂාන්තර ව්යවහාරයෙහි දක්ෂ නොවේ. “න බ්යඤ්ජනකුසලො” සිථිල ධනිතාදීන්ගේ වසයෙන් පරිමණ්ඩල ව්යඤ්ජනාරොපණයෙහි දක්ෂ නොවේ. අකුරු පිරිසිඳ දැනීමෙහි දක්ෂ නොවේය, යන අර්ත්ථයි. “න පුබ්බාපරකුසලො” අර්ත්ථපූර්වාපරයෙහි ධර්මාපූර්වාපරයෙහි නිරුක්ති පූර්වාපරයෙහි බ්යඤ්ජන පූර්වාපරයෙහි පූර්වකථා පශ්චිමකථාවන්හි දක්ෂ නොවේ.
“කොධනො” යනාදීහු, යම්හෙයකින් ක්රොධාදියෙන් මඩනා ලද්දේ කරුණු නොකරුණු නොදනීද, විනිශ්චය කරන්නට නොහැකිවේද, එහෙයින් කියන ලදහ. “පසාරෙතා හොති නො සාරෙතා” මුළාකරන්නේ වේ. සිහිය උපදවන්නේ නොවේ. චොදක - වුදිතකයන්ගේ කථාව මුළාකරයි. වසාලයි. සිහි නොකෙරේය’ යන අර්ත්ථයි. මේ උබ්බාහික වර්ගයෙහි සෙස්ස ප්රකටමය.
උබ්බාහික වර්ගවර්ණනාව නිමි
අධිකරණවූපසමවග්ගවණ්ණනා
අධිකරණවූපසම වර්ගයෙහි - “පුග්ගලගරු හොති” ‘මෙතෙමේ මාගේ උපාද්ධ්යායය, මෙතෙමේ ආචාර්ය්ය, යනාදිය සිතා ඔහුට ජය කැමැත්තේ ‘අධර්මය ධර්මය’යි දක්වයි. -පෙ- “සඞ්ඝගරු හොති” ධර්මයද විනයද නොමුදා විනිශ්චය කරන්නේ සඞ්ඝගරු නම් වේ. සිවුරු ආදිය ගෙණ විනිශ්චය කරන්නේ ආමිසගරු නම් වේ. ඒ සිවුරු ආදිය නොගෙන ධර්මය ලෙසින් විනිශ්චය කරන්නේ සද්ධම්මගරු නම් වේ.
“පඤ්චහි උපාලි ආකාරෙහි” කරුණු පසකින් “සඞ්ඝො භිජ්ජති කම්මෙන උද්දෙසෙන වොහරන්තො අනුසාවණෙන සලාකග්ගාහෙන” යන මෙහි “කම්මෙන” අපලොකනාදී වූ චතුර්විධ කර්මයන් අතුරෙහි එක්තරා කර්මයකින්. “උද්දෙසෙන” පස්වැදෑරුම් වූ ප්රාතිමොක්ෂාද්දෙශයන් අතුරෙහි එක්තරා උද්දෙශයකින්. “වොහරන්තො” කියමින් ඒ ඒ උපත්තීන්ගෙන් ‘අධර්මය ධර්මය, යනාදී වූ අටළොස් භෙදකර වස්තූන් දක්වමින්. “අනුසාවණෙන” ‘මා උසස් කුලයෙන් නික්ම පැවිදි වූ බව, මාගේ බහුශ්රැතභාවය තෙපි නොදනිහුද, මා වැන්නකු ධර්මයෙන් පහවූවක්කොට, විනයයෙන් පහවූවක්කොට ශාස්තෘශාසනය ගන්වන්නේය’යි සිතකුත් උපදවන්නට යුෂ්මතුන්ට සුදුසුවේද, කිම, මට අවීචිය නිලුපුල්වනයක් මෙන් සිහිල් වේද, කිම, මම අපායට බිය නොවෙම්ද, යනාදිනයින් කන්මුල වාග්භෙදකොට ඇස්වීමෙන් “සලාකග්ගාහෙන” මෙසේ අස්වා ඔවුන්ගේ සිත පිටිවහල් කොට අනිවර්ත ධර්මයන් කොට ‘මේ සලාකය ගණිවු’යි ලහගැන්වීමෙන්.
මෙහිද කර්මයම හෝ උද්දෙශය හෝ ප්රමාණ වේ. ව්යවහාර අනුශ්රාවණ - සලාකග්රහයෝ වනාහි පූර්වභාගයෝය. අටළොස් වස්තු දැක්වීම් වසයෙන් වනාහි ව්යවහාර කරන්නහු විසින් එහි රුචිය උපදින පිණිස අස්වා සලාකය ගැන්වූ කල්හිද සඞ්ඝතෙමේ නොබිඳුනේම වේ. යම්කලෙක වනාහි සිවුදෙනෙක් හෝ ඉන් වැඩිදෙනෙක් හෝ සලාක ගන්වා වෙන්ව කර්මය හෝ උද්දෙශය හෝ කෙරෙත්ද, එකල්හි සඞ්ඝතෙමේ බිඳුනේ නම්වේ. මෙසේ යමක් සඞ්ඝභෙදක්ඛන්ධ වර්ණනාවෙහි කීමුද ‘මෙසේ අටළොස් වස්තූන් අතුරෙහි යම්කිසි එක් වස්තුවකුදු දක්වා ඒ ඒ කරුණෙන් ‘මේ ගණිවු, මෙය රුචි කරවු’යි හඟවා සලාක ගන්වා වෙන්ව සඞ්ඝකර්ම කළ කල්හි සඞ්ඝතෙමේ බිඳුනේ වේ. පරිවාරයෙහි වනාහි ‘පඤ්චහි උපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජති”යි වදාරණ ලද්දේය. ඒ පිළිබඳ මෙහි කියනලද මේ සඞ්ඝභෙද ලක්ෂණය හා අර්ත්ථවශයෙන් වෙනසක් නැත්තේය. මෙහි යම් වෙනස්බවක් ඇත්තේද එය එහිම පවසන්නෙමු’යි ඒ මෙය ප්රකාශකරණ ලද්දේ වේ.