වොහාරවග්ගවණ්ණනා
“ආපත්තියා පයොගං න ජානාති” මේ ආපත්ති තොමෝ කායප්‍රයොගයෙන් පැමිණිය යුත්තීය, මේ ආපත්ති තොමෝ වාක්ප්‍රයොගයෙන් පැමිණිය යුත්තීය’යි නොදනියි. “ආපත්තියා වූපසමං න ජානාති” මේ ආපත්ති තොමෝ දෙශනාවෙන් සන්සිඳේ. මේ ආපත්ති තොමෝ වුට්ඨානයෙන් සන්සිඳේ’යි නොදනියි. “ආපත්තියා න විනිච්ඡය කුසලො හොති” ‘මේ වස්තුවෙහි මේ ආපත්තිය’යි නොදනියි. දොසයට අනුරූපව ඇවැත උදුරා පිහිටුවන්නට නොහැක්කේය.
“අධිකරණසමුට්ඨානං න ජානාති” මේ අධිකරණය අටළොස් භෙදකර වස්තූන් නිසා උපදියි. මේ අධිකරණය සිවුවිපත් නිසා උපදියි. මේ අධිකරණය ඇවැත්කඳු පස හෝ සත නිසා උපදියි. මේ අධිකරණය චතුර්විධසඞ්ඝකෘත්‍යය නිසා උපදියි නොදනියි. “පයොගං න ජානාති” මේ අධිකරණය දොළොස් මුල් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය තුදුස් මුල් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය මුල්සයක් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය එක් මුලක් ප්‍රයොගකොට සිටියේය’යි නොදනියි. අධිකරණයන්ට වනාහි තමා අයත් අර්‍ත්‍ථයි. “වූපසමං න ජානාති” “මේ අධිකරණය සමථ දෙකෙකින් සන්සිඳේ, මේ අධිකරණය සමථ තුනකින් සන්සිඳේ. මේ අධිකරණය සමථ සතරකින් සන්සිඳේ. මේ අධිකරණය එක් සමථයකින් සන්සිඳේ’යි නොදනියි. “න විනිච්ඡයකුසලො හොති” අධිකරණය විනිශ්චයකොට සමථයට පමුණුවන්නට නොදනියි.
“කම්මං න ජානාති” තර්‍ජනීයාදි සප්තවිධ කර්‍මය නොදනියි. “කම්මස්ස කරණං න ජානාති” ‘මේ කර්‍මය මේ නියායෙන් කටයුතුය’යි නොදනියි. “කම්මස්ස වත්‍ථුං න ජානාති” මෙය තර්‍ජනීය කර්‍මයට වස්තුය, මෙය නියස්සාදියට වස්තුය’යි නොදනියි. “වත්තං” සප්තවිධ කර්‍මයන්හි යට චතුර්විධ කර්‍මයන්ට අටළොස් වැදෑරුම්වූද, ත්‍රිවිධ උත්ක්‍ෂෙපණීයට තෙසාළිස් වැදෑරුම්වූද වත නොදනියි. “කම්මස්ස වූපසමං න ජානාති” යම් මහණෙක් වතෙහි පැවත යාඥා කෙරේද, ඔහුගේ කර්‍මය සන්සිඳවිය යුතුය. වරද දෙසවිය යුතුය’යි නොදනියි.
“වත්‍ථුං න ජානාති” සප්තවිධ ආපත්ති ස්කන්‍ධයන්ගේ වස්තුව නොදනියි. “නිදානං න ජානාති” මේ ශික්‍ෂාපදය මේ නුවරෙහිදී පණවන ලද්දේය. මේ ශික්‍ෂාපදය මෙහිදීය’යි නොදනියි. “පඤ්ඤත්තිං න ජානාති” ප්‍රඥප්ති අනුප්‍රඥප්ති අනුත්පන්නප්‍රඥප්ති වශයෙන් ත්‍රිවිධවූ ප්‍රඥප්තිය නොදනියි. “පදපච්චාභට්ඨං න ජානාති” හමුවෙහි කටයුතු වූ පදය නොදනියි. “බුද්ධො භගවා”යි කියයුත්තෙහි “භගවා බුද්ධො”ය යටපදය මතුවෙහි සිටියත් කොට යොදයි.
“අකුසලො ච විනයෙ” විනයපාළියෙහිද අර්‍ත්‍ථකථාවෙහිද අදක්‍ෂ වේ.
“ඤත්තිං න ජානාති” සැකෙවින් “එසාඤත්ති”යි මෙසේ දක්වන ලද්දාවූද නොදක්වන ලද්දාවූද ඤත්තිතොමෝ දෙවැදෑරුම්ය. එහි යම් ඤත්තියක් තොමෝ නොදක්වන ලද්දීද, ඕතොමෝ කම්මඤත්ති නම් වන්නීය. යම් ඤත්තියක් තොමෝ මෙසේ දක්වන ලද්දී ද, ඕතොමෝ කම්මපාදඤත්ති නම් වන්නීය. සියල්ලෙන් සියල්ල ඒ ඤත්තිය නොදනියි. “ඤත්තියා කරණං න ජානාති” ඔසරණාදීවූ නවතන්හි කම්මඤත්තියෙහි කරණය නොදනියි. ඤත්තිදුතිය - ඤත්තිචතුත්‍ථ යන මේ දෙතැන කම්මපාදඤත්තියෙහි කරණය නොදනියි. “ඤත්තියා අනුසාවණං” මේ ඤත්තියගේ එක් අනුසාවණයෙක, මේ ඤත්තියගේ අනුසාවණ තුනෙකැයි නොදනියි. “ඤත්තියා සමථං න ජානාති” යම්මේ සතිවිනය - අමූළ්හවිනය - තස්සපාපිය්‍යසිකා - තිණවත්‍ථාරක යන චතුර්විධ සමථයෙක් වේද, එය ඤත්තියෙන් වෙන්ව නොවේ. එය ඤත්තියගේ සමථය’යි නොදනියි. “ඤත්තියා වූපසමං න ජානාති” යම් අධිකරණයෙන් මේ සිවුවැදෑරුම් වූ ඤත්තිසමථයෙන් සන්සිඳේද, ඒ අධිකරණයාගේ ඒ සන්සිඳීම ‘මේ සන්සිඳීම ඤත්තියෙන් කරණලද්දේය’යි නොදනියි.
“සුත්තං න ජානාති” උභතොවිභඞ්ගය නොදනියි. “සුත්තානුලොමං න ජානාති” චතුර්විධ මහාප්‍රදෙශයන් නොදනියි. “විනයං න ජානාති” ඛන්‍ධකයන් හා පරිවාරය නොදනියි. “විනයානුලොමං න ජානාති” මහාප්‍රදෙශයන්ම නොදනියි. “න ච ඨානාඨානකුසලො” කාරණාකාරණයන්හි දක්‍ෂ නොවේ.
“ධම්මං න ජානාති” විනය පිටකය හැර සෙසු පිටක දෙක නොදනියි. “ධම්මානුලොමං න ජානානි” සූත්‍රාභිධර්‍මපිටක දෙක්හි අනුදන්නාලද ප්‍රතික්‍ෂෙප කරණලද සූත්‍රානුලොම වශයෙන් නය හෙයින් ගතයුතු චතුර්විධ අර්‍ත්‍ථ නොදනියි. “විනයං න ජානාති” ඛන්‍ධක - පරිවාරය නොදනියි. “විනයානුලොමං න ජානාති” චතුර්විධ මහාප්‍රදෙශයන් නොදනියි. මෙහි වනාහි උභතොවිභඞ්ගයෝ සඞ්ග්‍රහ නොකරණ ලද්දාහු වෙත්. එහෙයින් කුරුන්‍දියෙහි “විනයන්ති සකලං විනයපිටකං න ජානාති” යමක් කියනලද්දේ ද, ඒ නොගතයුතුය. “න ච පුබ්බපරකුසලො හොති” පූර්‍වකථාවෙහි පශ්චාත් කථාවෙහි දක්‍ෂ නොවේ. සෙස්ස සියලු තන්හි කියනලද්දට ප්‍රතිපක්‍ෂ වශයෙන් දතයුතු බැවින්ද, පැවසූ බැවින්ද, ප්‍රකටමය.
අනිඃශ්‍රිතවර්‍ග න ප්‍රතිප්‍රශ්‍රම්භනවර්‍ග-ව්‍යවහාරවර්‍ග වර්‍ණනාව නිමි
දිට්ඨාවිකම්මවග්ගවණ්ණනා
දෘෂ්ටාවිෂ්කර්‍ම වර්‍ගයෙහි - “දිට්ඨාවිකම්මා” දෘෂ්ටීන්ගේ ප්‍රකාශ කිරීමය. ලබ්ධිය ප්‍රකාශ කරන්නාවූ ආපත්තිදෙශනා සඞ්ඛ්‍යාත විනයකර්‍මයන්ට මේ නමෙකි. “අනාපත්තියා දිට්ඨිං ආවීකරොති” අනාපත්තියම ආපත්තියයි දෙසාය යන අර්‍ත්‍ථයි. “අදෙසනාගාමිනියා” ගරුකාපත්තිය පිළිබඳ දෘෂ්ටිය පවසයි. සඞ්ඝාදිසෙසයද පාරාජිකයද දෙසාය යන අර්‍ත්‍ථයි. “දෙසිතාය” ලහුකාපත්තිය දෙසූකල්හි දෘෂ්ටිය පවසයි. දෙසූ ඇවැත නැවැත දෙසාය, යන අර්‍ත්‍ථයි.