නප්පටිප්පස්සම්භනවග්ගවණ්ණනා
“කම්මං න පටිප්පස්සම්හෙතබ්බං” යම්හෙයකින් මෙතෙමේ අනුලොම් වතෙහි නොපවතීද, එහෙයින් මොහුගේ කර්‍මය නොසන්සිඳවිය යුතුය. රැහණ සහිතවම හැරිය යුත්තේය යන අර්‍ත්‍ථයි.
“සචෙ උපාලි සඞ්ඝො සමග්ගකරණීයානි කම්මානි කරොති” ඉදින් සමගියට පැමිණියවුන් විසින් කටයුතුවූ උපෞෂථාදි කර්‍ම කෙරේද, උපෞෂථපවාරණ තැබූ කල්හි ‘අපිද පොහොය කරන්නෙමු’ යනාදීවූ කලහයට රුකුල් නොදිය යුතුය. ඉදින් සඞ්ඝ තෙමේ වරද දෙසවා සඞ්ඝ සාමග්‍රිය කෙරේද, තිණවත්‍ථාරකසමථය හෝ කොට උපෞෂථපවාරණය කෙරේද, මෙබඳුවූයේ සමගියෙන් කටයුතු වූ කර්‍ම නම් වේ. “තත්‍ර චෙ” ඉදින් එබඳු කර්‍මයෙහි මහණහුට නොරුස්නේද, “න මෙතං ඛමති” දෘෂ්ටිය ප්‍රකාශ කොටද, එබඳුවූ සාමග්‍රිය තොමෝ එළඹවිය යුත්තීමය. විරුද්ධ ග්‍රහණයෙක් නොගතයුතුය. යම්තැනෙක්හි ශාසනය ධර්‍මයෙන් පහවූවක්කොට විනයයෙන් පහවූවක් කොට දක්වත්ද, එහි දෘෂ්ටාවිෂ්කර්‍මය නොවටියි. වළකා යායුතුය.
“උස්සිකමන්ති ච” එස වූ කථා ඇත්තේ. ලොභද්වෙෂ මොහමානොත්සන්න වචන කියන්නේ කෘෂ්ණවචන ඇත්තේ අනර්‍ත්‍ථ දක්වන්නේය. “නිස්සිතජප්පී” තමන්ගේ ධර්‍මතාවෙන් උත්සදයුක්තයක් කියන්නට නොහැක්කේය. එහෙත් ‘රජතෙමේ මාසමග මෙසේ කීයේය, අසවල් මහමැති තෙමේ මෙසේ කීයේය, මාගේ අසවල් ආචාර්‍ය්‍යයා හෝ උපාද්ධ්‍යායයා හෝ ත්‍රිපිටකධරයා හෝ මාසමග මෙසේ කීයේය’යි මෙසේ අන්හු ඇසුරුකොට කියයි. “න ච භාසානුසන්‍ධිකුසලො” කථානුසන්‍ධිවචනයෙහිද අදක්‍ෂ වේ. “න යථාධම්මෙ යථාවිනයෙ” විද්‍යමාන වස්තුවෙන් ඇවැත සිහිකරවා චොදනා නොකරන්නේ වේ.
“උස්සාදෙතා හොති” අපගේ ආචාර්‍ය්‍ය තෙමේ මහාත්‍රිපිටකධරය, පරමධර්‍මකථිකය, යනාදිනයින් ඇතැමකු උසස් කරයි. දෙවන පදයෙහි ‘කිම හෙතෙමේ දනීදැ’යි යනාදි නයින් ඇතැමකු පහකරයි. “අධම්මං ගණ්හාති” අනෛර්‍ය්‍යාණික පක්‍ෂයක් ගණියි. “ධම්මං පටිබාහති” නෛර්‍ය්‍යාණික පක්‍ෂය ප්‍රතිබාහනය කරයි. “සම්ඵං ච බහු භාසති” බොහෝ නිරර්‍ත්‍ථක කථා කියයි.
“පසය්හ පවත්තා හොති” නො අණවන ලද්දේ. භාරය නොනැගු කල්හි හුදෙක් මානය නිසා යටපත්කොට තමන්ට අයත් නොවූවෙහි නෙකරුණෙහි කියන්නේ වේ. “අනොකාසකම්මං කාරෙත්‍වා” ‘අවකාශ කර්‍මය නොකරවා, කියන්නේ වේ. “න යථාදිට්ඨියා බ්‍යාකත්නා හොති” යමක්හට තමන්ගේ දෘෂ්ටිය වේද, ඒ දෘෂ්ටිය පෙරටුකොට ප්‍රකාශ නොකරන්නේ ලබ්ධිය බහාතබා යථා ස්වභාව නොවූ අධර්‍මවාදීන් අතුරෙහි ධර්‍මාදිලබ්ධි ඇතියෙක්ව කියන්නේ වේය, යන අර්‍ත්‍ථයි.
වොහාරවග්ගවණ්ණනා
“ආපත්තියා පයොගං න ජානාති” මේ ආපත්ති තොමෝ කායප්‍රයොගයෙන් පැමිණිය යුත්තීය, මේ ආපත්ති තොමෝ වාක්ප්‍රයොගයෙන් පැමිණිය යුත්තීය’යි නොදනියි. “ආපත්තියා වූපසමං න ජානාති” මේ ආපත්ති තොමෝ දෙශනාවෙන් සන්සිඳේ. මේ ආපත්ති තොමෝ වුට්ඨානයෙන් සන්සිඳේ’යි නොදනියි. “ආපත්තියා න විනිච්ඡය කුසලො හොති” ‘මේ වස්තුවෙහි මේ ආපත්තිය’යි නොදනියි. දොසයට අනුරූපව ඇවැත උදුරා පිහිටුවන්නට නොහැක්කේය.
“අධිකරණසමුට්ඨානං න ජානාති” මේ අධිකරණය අටළොස් භෙදකර වස්තූන් නිසා උපදියි. මේ අධිකරණය සිවුවිපත් නිසා උපදියි. මේ අධිකරණය ඇවැත්කඳු පස හෝ සත නිසා උපදියි. මේ අධිකරණය චතුර්විධසඞ්ඝකෘත්‍යය නිසා උපදියි නොදනියි. “පයොගං න ජානාති” මේ අධිකරණය දොළොස් මුල් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය තුදුස් මුල් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය මුල්සයක් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය එක් මුලක් ප්‍රයොගකොට සිටියේය’යි නොදනියි. අධිකරණයන්ට වනාහි තමා අයත් අර්‍ත්‍ථයි. “වූපසමං න ජානාති” “මේ අධිකරණය සමථ දෙකෙකින් සන්සිඳේ, මේ අධිකරණය සමථ තුනකින් සන්සිඳේ. මේ අධිකරණය සමථ සතරකින් සන්සිඳේ. මේ අධිකරණය එක් සමථයකින් සන්සිඳේ’යි නොදනියි. “න විනිච්ඡයකුසලො හොති” අධිකරණය විනිශ්චයකොට සමථයට පමුණුවන්නට නොදනියි.
“කම්මං න ජානාති” තර්‍ජනීයාදි සප්තවිධ කර්‍මය නොදනියි. “කම්මස්ස කරණං න ජානාති” ‘මේ කර්‍මය මේ නියායෙන් කටයුතුය’යි නොදනියි. “කම්මස්ස වත්‍ථුං න ජානාති” මෙය තර්‍ජනීය කර්‍මයට වස්තුය, මෙය නියස්සාදියට වස්තුය’යි නොදනියි. “වත්තං” සප්තවිධ කර්‍මයන්හි යට චතුර්විධ කර්‍මයන්ට අටළොස් වැදෑරුම්වූද, ත්‍රිවිධ උත්ක්‍ෂෙපණීයට තෙසාළිස් වැදෑරුම්වූද වත නොදනියි. “කම්මස්ස වූපසමං න ජානාති” යම් මහණෙක් වතෙහි පැවත යාඥා කෙරේද, ඔහුගේ කර්‍මය සන්සිඳවිය යුතුය. වරද දෙසවිය යුතුය’යි නොදනියි.
“වත්‍ථුං න ජානාති” සප්තවිධ ආපත්ති ස්කන්‍ධයන්ගේ වස්තුව නොදනියි. “නිදානං න ජානාති” මේ ශික්‍ෂාපදය මේ නුවරෙහිදී පණවන ලද්දේය. මේ ශික්‍ෂාපදය මෙහිදීය’යි නොදනියි. “පඤ්ඤත්තිං න ජානාති” ප්‍රඥප්ති අනුප්‍රඥප්ති අනුත්පන්නප්‍රඥප්ති වශයෙන් ත්‍රිවිධවූ ප්‍රඥප්තිය නොදනියි. “පදපච්චාභට්ඨං න ජානාති” හමුවෙහි කටයුතු වූ පදය නොදනියි. “බුද්ධො භගවා”යි කියයුත්තෙහි “භගවා බුද්ධො”ය යටපදය මතුවෙහි සිටියත් කොට යොදයි.