පුබ්බකරණනිදානාදිවිභාගවණ්ණනා
“පුබ්බකරණං කින්නිදානං” යනාදී ප්රශ්න විසර්ජනය ප්රකටමය.
“පයොගො කින්නිදානො” යනාදි ප්රශ්න දෙක පිළිබඳ විසර්ජනයන්හි “හෙතු නිදානො පච්චයනිදානො” යන මෙහි සවැදෑරුම් චීවරයෝ හෙතුද ප්රත්යයද වෙතියි දතයුත්තාහ. සියලු පූර්වප්රයොගාදීන්ටද ඔවුහුම හෙතුයහ. ඔවුහු ප්රත්යයයහ. සවැදෑරුම් සිදුරු නැති කල්හි ප්රයොගය නොම ඇත්තේය. පූර්වකරණාදීහුද නැත්තාහ. එහෙයින් “පයොගො හෙතුනිදානො” යනාදිය කියනලදී.
සඞ්ග්රහ වාරයෙහි - “වචීභෙදෙන” “ඉමාය සඞ්ඝාටියා, ඉමිනා උත්තරාසඞ්ගෙන, ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමි” යන මේ වාග්භෙදයෙනි. කතිමූලාදිප්රශ්න විසර්ජනයෙහි - “කිරියා මජ්ඣෙ” පච්චුද්ධාරයද අධිෂ්ඨානයද
“වත්ථු විපන්නං හොති” අකැප වතක් වේද හෝය. කාලවිපන්න නම් අද දාසකයන් විසින් දෙන ලද්ද සඞ්ඝතෙමේ හෙට කඨිනත්ථාරකයාහට දෙන්නේය යනුයි. කරණවිපන්න නම් එදවසම සිඳ නොකරණ ලද්දය.
කථිනාදිජානිතබ්බවිභාගවණ්ණනා
“කඨිනං ජානිතබ්බං” යනාදි ප්රශ්නය විසඳීමෙහි. “තෙසඤ්ඤෙව ධම්මානං” යම් රූපාදිධර්මයක් විද්යමාන කල්හි කඨිනය නම් වේද, ඔවුන්ගේ සමොධානය. මිශ්රභාවය. “නාමං නාමකම්මං” යනාදියෙන් වනාහි ‘කඨිනං’ යන මෙය බොහෝ ධර්මයන්හි නාමමාත්රයෙකි. පරමාර්ත්ථ වශයෙන් එකද ධර්මයක් නැතැ’යි දක්වයි.
“චතුවිසතියො ආකාරෙහි” “න උල්ලිඛිත මත්තෙන” යනාදීවූ පෙර කියූ කරුණුවලින් “සත්තරසහි ආකාරෙහි” “අහතෙන අත්ථතං හොති කඨිනං” යනාදීවූ පෙර කියූ කරුණුවලින් නිමිත්ත කර්මාදීන් අතුරෙහි යමක් කියයුතුද, ඒ සියල්ල කඨිනක්ඛන්ධක වර්ණනාවෙහි කියනලදී.
“එකුප්පාදා එකනිරොධා” උපදින්නාහුද එකට උපදිත්. නිරුද්ධ වන්නාහුද එකටම නිරුද්ධ වෙත්. “එකුප්පාදා නානානිරොධා” උපදින්නාහු එකට උපදිත්. නිරුද්ධ වන්නාහු වෙන්වෙන්ව නිරුද්ධ වෙත්යි කුමක් කියනලද්දේවේද, :- සියල්ලෝම අත්ථාරය සමග එකට උපදිත්. අත්ථාරය ඇති කල්හි උද්ධාරයෙක් නම්වේ. මෙහි වනාහි නිරුද්ධ වන්නාහු ප්රථම වූ පක්කමනන්තිකාදි උද්ධාර දෙක අත්ථාරය සමග එකට නිරුද්ධ වෙත්. උද්ධාරභාවයට පැමිණෙත්. අත්ථාරයාගේ නිරොධය වනාහි මොවුන්ගේ උද්ධාරභාවයද එක කෙණෙහි වේ. අන්යයෝ වෙන්වෙන්ව නිරුද්ධ වෙත්. ඔවුන්ද උද්ධාරභාවයට පැමිණි කල්හි අත්ථාරය නවත්නේමය. සිටීමය. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
සිංහලසමන්තපාසාදිකාවෙහි ප්රඥප්තිවර්ග වර්ණනාව නිමි.
උපාලිපඤ්චකං
අනිස්සිතවග්ගවණ්ණනා
උපාලි ප්රශ්නයන්හි - “කතිහි නු ඛො භන්තෙ” යන මේ ප්රශ්නයෙහි මේ සම්බන්ධය වේ. උපාලි ස්ථවිරතෙමේ වනාහි රහසිගතවූයේ මේ සියලු පඤ්චකයන් ආවර්ජනයකොට ‘දැන් භාග්යවත්හු විචාරා මේ ඇසුරෙහි වසන ආදීන්ට වැඩපිණිස පෙළ තබන්නෙමි’යි භාග්යවතුන්කරා එළැඹ “කතිහි නු ඛො භන්තෙ” යනාදි නයින් ප්රශ්න විචාළේය. ඔවුන් විසඳීමෙහි “උපොසථං න ජානානි” නවවිධ උපෞෂථය නොදනියි. “උපොසථකම්මං න ජානාති” අධර්මයෙන් ව්යාග්රාදිභෙද වූ චතුවිධ උපෞෂථකර්මය නොදනියි. “පාතිමොක්ඛං න ජානාති” ද්විධ මාතෘකා නොදනියි. “පාතිමොක්ඛුද්දෙසං න ජානාති” මහණුන්ට පස්වැදෑරුම්වූද, මෙහෙණන්ට සිවුවැදෑරුම්වූද යන නවවිධ ප්රාතිමොක්ෂාද්දෙශය නොදනියි.
“පවාරණං න ජානාති” නවවිධ පවාරණය නොදනියි. “පවාරණකම්මං න ජානාති” අධර්මයෙන් ව්යාග්රාභෙදවූ චතුර්විධ පවාරණකර්මය නොදනියි.