කථිනාදිජානිතබ්බවිභාගවණ්ණනා
“කඨිනං ජානිතබ්බං” යනාදි ප්රශ්නය විසඳීමෙහි. “තෙසඤ්ඤෙව ධම්මානං” යම් රූපාදිධර්මයක් විද්යමාන කල්හි කඨිනය නම් වේද, ඔවුන්ගේ සමොධානය. මිශ්රභාවය. “නාමං නාමකම්මං” යනාදියෙන් වනාහි ‘කඨිනං’ යන මෙය බොහෝ ධර්මයන්හි නාමමාත්රයෙකි. පරමාර්ත්ථ වශයෙන් එකද ධර්මයක් නැතැ’යි දක්වයි.
“චතුවිසතියො ආකාරෙහි” “න උල්ලිඛිත මත්තෙන” යනාදීවූ පෙර කියූ කරුණුවලින් “සත්තරසහි ආකාරෙහි” “අහතෙන අත්ථතං හොති කඨිනං” යනාදීවූ පෙර කියූ කරුණුවලින් නිමිත්ත කර්මාදීන් අතුරෙහි යමක් කියයුතුද, ඒ සියල්ල කඨිනක්ඛන්ධක වර්ණනාවෙහි කියනලදී.
“එකුප්පාදා එකනිරොධා” උපදින්නාහුද එකට උපදිත්. නිරුද්ධ වන්නාහුද එකටම නිරුද්ධ වෙත්. “එකුප්පාදා නානානිරොධා” උපදින්නාහු එකට උපදිත්. නිරුද්ධ වන්නාහු වෙන්වෙන්ව නිරුද්ධ වෙත්යි කුමක් කියනලද්දේවේද, :- සියල්ලෝම අත්ථාරය සමග එකට උපදිත්. අත්ථාරය ඇති කල්හි උද්ධාරයෙක් නම්වේ. මෙහි වනාහි නිරුද්ධ වන්නාහු ප්රථම වූ පක්කමනන්තිකාදි උද්ධාර දෙක අත්ථාරය සමග එකට නිරුද්ධ වෙත්. උද්ධාරභාවයට පැමිණෙත්. අත්ථාරයාගේ නිරොධය වනාහි මොවුන්ගේ උද්ධාරභාවයද එක කෙණෙහි වේ. අන්යයෝ වෙන්වෙන්ව නිරුද්ධ වෙත්. ඔවුන්ද උද්ධාරභාවයට පැමිණි කල්හි අත්ථාරය නවත්නේමය. සිටීමය. සෙස්ස සියලු තන්හි ප්රකටමය.
සිංහලසමන්තපාසාදිකාවෙහි ප්රඥප්තිවර්ග වර්ණනාව නිමි.
උපාලිපඤ්චකං
අනිස්සිතවග්ගවණ්ණනා
උපාලි ප්රශ්නයන්හි - “කතිහි නු ඛො භන්තෙ” යන මේ ප්රශ්නයෙහි මේ සම්බන්ධය වේ. උපාලි ස්ථවිරතෙමේ වනාහි රහසිගතවූයේ මේ සියලු පඤ්චකයන් ආවර්ජනයකොට ‘දැන් භාග්යවත්හු විචාරා මේ ඇසුරෙහි වසන ආදීන්ට වැඩපිණිස පෙළ තබන්නෙමි’යි භාග්යවතුන්කරා එළැඹ “කතිහි නු ඛො භන්තෙ” යනාදි නයින් ප්රශ්න විචාළේය. ඔවුන් විසඳීමෙහි “උපොසථං න ජානානි” නවවිධ උපෞෂථය නොදනියි. “උපොසථකම්මං න ජානාති” අධර්මයෙන් ව්යාග්රාදිභෙද වූ චතුවිධ උපෞෂථකර්මය නොදනියි. “පාතිමොක්ඛං න ජානාති” ද්විධ මාතෘකා නොදනියි. “පාතිමොක්ඛුද්දෙසං න ජානාති” මහණුන්ට පස්වැදෑරුම්වූද, මෙහෙණන්ට සිවුවැදෑරුම්වූද යන නවවිධ ප්රාතිමොක්ෂාද්දෙශය නොදනියි.
“පවාරණං න ජානාති” නවවිධ පවාරණය නොදනියි. “පවාරණකම්මං න ජානාති” අධර්මයෙන් ව්යාග්රාභෙදවූ චතුර්විධ පවාරණකර්මය නොදනියි.
“ආපත්තානාපත්තිං න ජානාති” ඒ ඒ ශික්ෂා පදයෙහි දක්වන ලද ආපත්තියද අනාපත්තියද නොදනියි.
“ආපත්තිං ආපන්නො කම්මකතො” ඇවැතට පැමිණියේ ඒ ප්රත්යය කොටගෙනම සඞ්ඝයා විසින් කර්මය කරණ ලද්දේ වේ.
නප්පටිප්පස්සම්භනවග්ගවණ්ණනා
“කම්මං න පටිප්පස්සම්හෙතබ්බං” යම්හෙයකින් මෙතෙමේ අනුලොම් වතෙහි නොපවතීද, එහෙයින් මොහුගේ කර්මය නොසන්සිඳවිය යුතුය. රැහණ සහිතවම හැරිය යුත්තේය යන අර්ත්ථයි.
“සචෙ උපාලි සඞ්ඝො සමග්ගකරණීයානි කම්මානි කරොති” ඉදින් සමගියට පැමිණියවුන් විසින් කටයුතුවූ උපෞෂථාදි කර්ම කෙරේද, උපෞෂථපවාරණ තැබූ කල්හි ‘අපිද පොහොය කරන්නෙමු’ යනාදීවූ කලහයට රුකුල් නොදිය යුතුය. ඉදින් සඞ්ඝ තෙමේ වරද දෙසවා සඞ්ඝ සාමග්රිය කෙරේද, තිණවත්ථාරකසමථය හෝ කොට උපෞෂථපවාරණය කෙරේද, මෙබඳුවූයේ සමගියෙන් කටයුතු වූ කර්ම නම් වේ. “තත්ර චෙ” ඉදින් එබඳු කර්මයෙහි මහණහුට නොරුස්නේද, “න මෙතං ඛමති” දෘෂ්ටිය ප්රකාශ කොටද, එබඳුවූ සාමග්රිය තොමෝ එළඹවිය යුත්තීමය. විරුද්ධ ග්රහණයෙක් නොගතයුතුය. යම්තැනෙක්හි ශාසනය ධර්මයෙන් පහවූවක්කොට විනයයෙන් පහවූවක් කොට දක්වත්ද, එහි දෘෂ්ටාවිෂ්කර්මය නොවටියි. වළකා යායුතුය.
“උස්සිකමන්ති ච” එස වූ කථා ඇත්තේ. ලොභද්වෙෂ මොහමානොත්සන්න වචන කියන්නේ කෘෂ්ණවචන ඇත්තේ අනර්ත්ථ දක්වන්නේය. “නිස්සිතජප්පී” තමන්ගේ ධර්මතාවෙන් උත්සදයුක්තයක් කියන්නට නොහැක්කේය. එහෙත් ‘රජතෙමේ මාසමග මෙසේ කීයේය, අසවල් මහමැති තෙමේ මෙසේ කීයේය, මාගේ අසවල් ආචාර්ය්යයා හෝ උපාද්ධ්යායයා හෝ ත්රිපිටකධරයා හෝ මාසමග මෙසේ කීයේය’යි මෙසේ අන්හු ඇසුරුකොට කියයි. “න ච භාසානුසන්ධිකුසලො” කථානුසන්ධිවචනයෙහිද අදක්ෂ වේ. “න යථාධම්මෙ යථාවිනයෙ” විද්යමාන වස්තුවෙන් ඇවැත සිහිකරවා චොදනා නොකරන්නේ වේ.
“උස්සාදෙතා හොති” අපගේ ආචාර්ය්ය තෙමේ මහාත්රිපිටකධරය, පරමධර්මකථිකය, යනාදිනයින් ඇතැමකු උසස් කරයි. දෙවන පදයෙහි ‘කිම හෙතෙමේ දනීදැ’යි යනාදි නයින් ඇතැමකු පහකරයි. “අධම්මං ගණ්හාති” අනෛර්ය්යාණික පක්ෂයක් ගණියි. “ධම්මං පටිබාහති” නෛර්ය්යාණික පක්ෂය ප්රතිබාහනය කරයි. “සම්ඵං ච බහු භාසති” බොහෝ නිරර්ත්ථක කථා කියයි.
“පසය්හ පවත්තා හොති” නො අණවන ලද්දේ. භාරය නොනැගු කල්හි හුදෙක් මානය නිසා යටපත්කොට තමන්ට අයත් නොවූවෙහි නෙකරුණෙහි කියන්නේ වේ. “අනොකාසකම්මං කාරෙත්වා” ‘අවකාශ කර්මය නොකරවා, කියන්නේ වේ. “න යථාදිට්ඨියා බ්යාකත්නා හොති” යමක්හට තමන්ගේ දෘෂ්ටිය වේද, ඒ දෘෂ්ටිය පෙරටුකොට ප්රකාශ නොකරන්නේ ලබ්ධිය බහාතබා යථා ස්වභාව නොවූ අධර්මවාදීන් අතුරෙහි ධර්මාදිලබ්ධි ඇතියෙක්ව කියන්නේ වේය, යන අර්ත්ථයි.