කථිනඅත්ථතාදිවණ්ණනා
කඨිනයෙහි - “අට්ඨ මාතිකා” පක්කමනන්තිකා ආදි අට ඛන්ධකයෙහි කියනලදහ. පළිබොධ හා ආනිසංසයෝද පෙර කියනලද්දාහුමය.
“පයොගස්ස” චීවරධොවනාදී වූ සප්තවිධ පූර්වකරණය පිණිස පැන් ගෙන්වීම් ආදීවූ යම් ප්රයොගයෙක් කරණු ලැබේද, ඒ ප්රයොගයට “කතමෙ ධම්මා අනන්තරපච්චයෙන පච්චයො” අනාගත වසයෙන් අනන්තරව කවර ධර්මකෙනෙක් ප්රත්යයයෝ වෙත්ද, යන අර්ත්ථයි. “සමනන්තරපච්චයෙන” මනාවූ අනන්තරප්රත්යයයෙන් අනන්තරප්රත්යයම ආසන්නතරකොට විචාරයි. “නිස්සයපච්චයෙන” උපදින ප්රයොගයට. නිඃශ්රයයට ආධාරභාවයට එළඹුනහු මෙන්ම වී කවරධර්ම ප්රත්යයවෙත්ද, යන අර්ත්ථයි. “උපනිස්සයපච්චයෙන” යුක්ත වූ නිඃශ්රය ප්රත්යයෙන් නිඃශ්රය ප්රත්යයම අතිශයින් එළඹියක් කොට විචාරයි. “පුරෙජාතපච්චයෙන” මෙයින් පළමුව උපන්නහුගේ ප්රත්යයභාවය විචාරයි. “පච්ඡාජාතපච්චයෙන” මෙයින් පසුව උපදින්නහුගේ ප්රත්යයභාවය විචාරයි. “සහජාතපච්චයෙන” මෙයින් පෙරපසුනොව උපදින්නවුන්ගේ ප්රත්යයභාවය විචාරයි. “පුබ්බකරණස්ස” ධොවනාදි පූර්වකරණයට “පච්චුද්ධාරස්ස” පුරාණසඞ්ඝාටි ආදින්ගේ පච්චුද්ධරණයට. “අධිට්ඨානස්ස” කඨින චීවරාධිෂ්ඨානයට. “අත්ථාරස්ස” කඨිනත්ථාරයට. “මාතිකානඤ්ච පළිබොධානඤ්ච” අටවැදෑරුම්වූ මාතෘකාවන්ට හා දෙවැදෑරුම් වූ පළිබොධයන්ට. “වත්ථුස්ස” සඞ්ඝාටි ආදීකඨින වස්තුවට. සෙස්ස කියූනය ඇත්තේම වේ.
මෙසේ යමක් ලැබේද, යමක් නොලැබේද, සියල්ල විචාරා දැන් යමක් යමකට ලැබේද, එයම දක්වනුයේ “පුබ්බකරණං පයොගස්ස” යනාදි නයින් විසර්ජනය කියයි. ඔහු පිළිබඳ අර්ත්ථය:- “පයොගස්ස කතමෙ ධම්මා” යනාදි යමක් කියන ලද්දේද එහි කියනු ලැබේ. ප්රයොගයට පූර්වකරණය අනන්තර ප්රත්යයයෙන් ප්රත්යය වේ. සමනන්තර-නිඃශ්රය - උපනිඃශ්රය ප්රත්යයයෙන් ප්රත්යය වේ. ප්රයොගය පිළිබඳව වනාහි සත්වැදෑරුම් වූ පූර්වකරණය-යම්හෙයකින් ඒ ප්රයොගයෙන් නිෂ්පාදනය කටයුතු වූ පූර්වකරණය පිණිස ප්රයොගය තෙමේ කරණු ලැබේද, එහෙයින් මේ චතුර්විධ ප්රත්යයයෙන් ප්රත්යය වේ. මේ පුරෙජාතප්රත්යය වනාහි උදෙසනලද ධර්මයන් අතුරෙහි එක්ධර්මයකුදු නොලබයි. ඒකාන්තයෙන් ඒ පූර්වකරණයට තෙමේ පුරෙජාත ප්රත්යය වේ. ප්රයොගය ඇති කල්හි පූර්වකරණය නිපැදෙන බැවිනි. “පයොගො පුබ්බකරණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො”යි එහෙයින් කියනලදී. පශ්චාජ්ජාත ප්රත්යය වනාහි ලබයි. “පුබ්බකරණං පයොගස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො”යි එහෙයින් කියන ලදී. පසුව උපදින්නාවූම පූර්වකරණය පිණිස ඒ ප්රයොගය කරනු ලැබේ. සහජාත ප්රත්යය වනාහි මාතෘකාපරිබොධානිශංස සඞ්ඛ්යාත වූ පසළොස් ධර්මයන් හැර ප්රයොගාදීන් අතුරෙහි අන්එකද ධර්මයෙක් නොලබයි. ඒ පසළොස් ධර්මයෝම කඨිනත්ථාරය සමග එකට නිපදිතියි ඔවුනොවුන්ට සහජාත ප්රත්යයයෝ වෙත්. “පණ්ණරසධම්මා සහජාතපච්චයෙන පච්චයො”යි එහෙයින් කියන ලදී. මේ උපායයෙන් සියලු පදයන්ගේ විසර්ජනයෝ දතයුත්තාහ.
පුබ්බකරණනිදානාදිවිභාගවණ්ණනා
“පුබ්බකරණං කින්නිදානං” යනාදී ප්රශ්න විසර්ජනය ප්රකටමය.
“පයොගො කින්නිදානො” යනාදි ප්රශ්න දෙක පිළිබඳ විසර්ජනයන්හි “හෙතු නිදානො පච්චයනිදානො” යන මෙහි සවැදෑරුම් චීවරයෝ හෙතුද ප්රත්යයද වෙතියි දතයුත්තාහ. සියලු පූර්වප්රයොගාදීන්ටද ඔවුහුම හෙතුයහ. ඔවුහු ප්රත්යයයහ. සවැදෑරුම් සිදුරු නැති කල්හි ප්රයොගය නොම ඇත්තේය. පූර්වකරණාදීහුද නැත්තාහ. එහෙයින් “පයොගො හෙතුනිදානො” යනාදිය කියනලදී.
සඞ්ග්රහ වාරයෙහි - “වචීභෙදෙන” “ඉමාය සඞ්ඝාටියා, ඉමිනා උත්තරාසඞ්ගෙන, ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමි” යන මේ වාග්භෙදයෙනි. කතිමූලාදිප්රශ්න විසර්ජනයෙහි - “කිරියා මජ්ඣෙ” පච්චුද්ධාරයද අධිෂ්ඨානයද
“වත්ථු විපන්නං හොති” අකැප වතක් වේද හෝය. කාලවිපන්න නම් අද දාසකයන් විසින් දෙන ලද්ද සඞ්ඝතෙමේ හෙට කඨිනත්ථාරකයාහට දෙන්නේය යනුයි. කරණවිපන්න නම් එදවසම සිඳ නොකරණ ලද්දය.