පඤ්ඤත්තිවාරවණ්ණනා
විසුද්ධපරිවාරස්ස පරිවාරොති සාසනෙ,
ධම්මක්ඛන්ධසරීරස්ස ඛන්ධකානං අනන්තරා
ධම්මක්ඛන්ධසරීරස්ස ඛන්ධකානං අනන්තරා
සඞ්ගහං යො සමාරූළ්හො තස්ස පුබ්බාගතං නයං,
හිත්වාදානි කරිස්සාමි අනුත්තානන්ථවණ්ණනං
හිත්වාදානි කරිස්සාමි අනුත්තානන්ථවණ්ණනං
වෙසෙසින් පිරිසිදු රහතුන් පිරිවරකොට ඇති ශීලස්කන්ධාදි ධර්ම ස්කන්ධ ශරීර කොට සිටි භගවතුන් වහන්සේගේ විනයපර්ය්යාප්ති ශාසනයෙහි ඛන්ධකයන්ට අනතුරුව පරිවාරයයි,
යම් විනයක් සඞ්ග්රහවට නගන ලද්දේ ද, ඒ විනය පිළිබඳ පෙර ආ නය හැරපියා දැන් අනුකතාර්ත්ථ වර්ණනාව කරන්නෙමි.
ඒ විනයෙහි - “යන්තෙන භගවතා -පෙ- පඤ්ඤත්තං” යනාදි නයින් පැවැති පෘච්ඡාවෙහි වනාහි මේ සඞ්ක්ෂෙපාර්ත්ථයයි. ඒ භාග්යවතුන් වහන්සේ ශාසනයාගේ චිරස්ථිතිය පිණිස ධර්මසෙනාපතිහු විසින් සද්ධර්ම ගෞරව බහුමාන වේගයෙන් මොනවට නැගුනු දොහොත හිසෙහි පිහිටුවා අයදනාලද සේක් ප්රයොජන දශයක් නිසා විනය ප්රඥප්තිය පණවා වදාළ සේක. ඒ ඒ ශික්ෂාපදය පිළිබඳ ප්රඥප්ති කාලය දන්නා වූ ඒ ඒ ශික්ෂාපදය පැණවීම පිළිබඳ දශවිධ ප්රයොජනය දක්නා වූ ඒ භාග්යවතුන් වහන්සේ විසින්, තවද පූර්වෙනිවෙශ ඥානාදියෙන් දන්නාවූ දිවැසින් දක්නා වූ ත්රිවිද්යාවෙන් හෝ ෂඩ් අභිඥාවෙන් දන්නා වූ හැමතැන නොපැකිල පවත්නා සමතැසින් දක්නාවූ සර්වධර්මයන් දැනීමෙහි සමර්ත්ථ වූ ප්රඥාවෙන් දන්නාවූ සියලු සත්ත්වයන්ගේ චක්ෂුර් විෂය ඉක්ම පවත්නාවූ බිත්ති ආදියෙන් පිටත පවත්නාවූද රූපයන් ඉතා පිරිසිදුවූ ප්රසාද චක්ෂුසින් දක්නාවූ ආත්මහිතසාධක වූ සමාධිපද ස්ථාන වූ ප්රතිවෙද ප්රඥාවෙන් දන්නාවූ පරහිතසාධකවූ කරුණාපද ස්ථාන වූ දෙශනා ප්රඥාවෙන් දක්නා වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් යම් ප්රථම පාරාජිකයක් පණවන ලදද ඒ ප්රථම පාරාජිකය “කත්ථ පඤ්ඤත්තං, කං ආරබ්හ පඤ්ඤත්තං කිස්මිං වත්ථුස්මිං පඤ්ඤත්තං? අත්ථි තත්ථ පඤ්ඤත්ති -පෙ- කෙනාභතං” යන
විචාරීම් විසඳීම්හි “යන්තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන පඨමං පාරාජිකං” යන මෙය හුදෙක් විචාරීමෙන් ආවාවූ ආදිපදයාගේ ප්රත්යුද්ධාරමාත්රයෙක්මය. “කත්ථ පඤ්ඤත්තන්ති, වෙසාලියං පඤ්ඤත්තං, කං ආරබ්හාති, සුදින්නං කලන්දපුත්තං ආරබ්හ” යන මේ ආදීවූ නයින් වනාහි නැවැතද මේ පෘච්ඡා විසර්ජනයෙහි එක් එක් පදය විචාරාම විසඳන ලදී. “එකා පඤ්ඤත්ති” “යො පන භික්ඛු මෙථුනං ධම්මං පතිසෙවෙය්ය, පාරාජිකො හොති අසංවාසො” යන මෝතොමෝ එක් ප්රඥප්තියක් නම. “දෙව අනුප්පඤ්ඤත්තියො” “අන්තමසො තිරච්ඡානගතායපි”යිද, “සික්ඛං අපච්චක්ඛාය”යිද, මක්කටී වජ්ජිපුත්තක වස්තූන්ගේ වසයෙන් වදාරණ ලද මේ දෙදෙන අනුප්රඥප්ති නම. මෙපමණකින් “අත්ථි තත්ථ පඤ්ඤත්ති අනුප්පඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති” යන මේ පෘච්ඡාව පිළිබඳ දෙකොටස විසඳන ලද්දාහු වෙත්. තෙවන කොටස විසඳන්නට “අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි”යි කියන ලදී. මේ අනුත්පන්න ප්රඥප්තිය නම් දොෂය නොඋපන්කල්හි පණවන ලදී. ඕතොමෝ අෂ්ටගරුධර්මයන්ගේ වශයෙන් මෙහෙණන්ටම ආවාය. අන්තැනෙක්හි නැත්තීය. එහෙයින් අනුත්පන්නප්රඥප්තිය එහි නැතැයි කියනලදී. “සබ්බත්ථපඤ්ඤත්ති” මද්ධ්යම දෙශයෙහිද ප්රත්යන්තජනපදයන්හිද යන හැමතැන්හි පැණවීමය. මෙය විනයධරයා පස්වැනිකොට ඇති ගණයා විසින් කටයුතු උපසම්පදාය. සිවුපටලයෙන් වැඩිවහන් දැරීමය. දිනපතා නෑමය. සම් ඇතිරියයි කියනලද අකැප සම්පරිහරණයද යන මේ ශික්ෂාපද සතර මද්ධ්යමදෙශයෙහිම පැවැත්විය යුතුය’යි පැණවීමය. මේ මද්ධ්යදෙශයෙහිම මේ ශික්ෂාපද සතරින් ඇවැත් වේ. ප්රත්යන්ත ජනපදයන්හි ඇවැත් නොවේ. සෙසු සියල්ලම සබ්බත්ථ පඤ්ඤත්ති නම.
“සාධාරණපඤ්ඤත්ති” මහණුන්ට හා මෙහෙණන්හටද සාධාරණ ප්රඥප්තියය. පිරිසිදු මහණුන්ට පමණක්ම හෝ පිරිසිදු මෙහෙණන්හට හෝ පණවන ලද ශික්ෂාපදය අසාධාරණ ප්රඥප්ති නම්වේ. මේ වනාහි මහණහු අරබයා උපන් වස්තුවෙහි “යා පන ඡන්දසො මෙථුනං ධම්මං පතිසෙවෙය්ය අන්තමසො තිරච්ඡානගතෙනපි පාරාජිකා හොති අසංවාසා”යි මෙහෙණන්හටද පණවන ලද්දේය. විනීත කථා මාත්රයක්ම ඒ මෙහෙණන්හට ඇත්තේය. ශික්ෂාපදය නැත්තේය. සාධාරණපඤ්ඤත්ති’යි එහෙයින් කියන ලදී. “උභතො පඤ්ඤත්ති” යෙහිද මේනයම වේ. මෙහි අක්ෂරමාත්රයම වෙනස් වේ. මහණුන්ට මෙහෙණන්හට සාධාරණ බැවින් සාධාරණ පඤ්ඤත්ති නම. මහණ මෙහෙණ දෙපසටම පණවන ලද බැවින් උභතොපඤ්ඤත්තියි. අර්ත්ථයෙහි භෙදයක් නැත්තේය.
“නිදානොගධං” “යස්ස සියා ආපත්ති සො ආවීකරෙය්ය” යන මෙහි සියලු ආපත්තීන්ට අනුප්රවිෂ්ට වූ බැවින් නිදානයෙහි ඇතුළත් වේ. නිදානයෙහි අනුප්රවිෂ්ටය යන අර්ත්ථයි. “දුතියෙන උද්දෙසෙන” නිදානයට ඇතුළත් වූයේද, නිදානපර්ය්යාපන්නද වූයේ “තත්රිමෙ පාරාජිකා ධම්මා” යනාදීවූ දෙවනවූම උද්දෙසයෙන් උදෙසීම පැමිණේ. “චතුන්නං විපත්තීනං” ශීලවිපත්ති ආදීන් අතුරහි ප්රථම ආපත්ති ස්කන්ධය ශීලවිපත්ති නම. සෙසු පස ආචාරවිපත්ති නම. මිත්ථ්යාදෘෂ්ටියද අන්ත්රාහික දෘෂ්ටියද දිට්ඨිවිපත්ති නම. ආජීවය හෙතුකොට පැණවූ ෂට්ශික්ෂාපද ආජිවවිපත්ති නම මෙසේවේ. චතුර්විධ විපත්තීන් අතුරෙහි මේ පාරාජිකය ශීලවිපත්ති නම්වේ.
“එකෙන සමුට්ඨානෙන” දෙඅඟක් ඇති එක් සමුට්ඨානයකින් මෙහි සිත අඞ්ගය වේ. කයින්වනාහි ඇවතට පැමිණේ. “කායතො ච චිත්තතො ච සමුට්ඨාති” එහෙයින් කියන ලදී. ද්විධශමථයෙන් ‘පැමිණියෙහි’යි හමුවෙහි විචාරණු ලබන්නේ එසේය. පැමිණියෙමි’යි පිළිදන්වයි. එපමණකින්ම භණ්ඩන කලහ විග්රහයෝ සන්සිඳුනාහු වෙත්. ඒ පුද්ගලයා බැහැරකොට උපොසථය හෝ පවාරණය හැක්කේද වේ. මෙසේ සම්මුඛාවිනයෙන්ද පටිඤ්ඤාත කරණයෙන්ද යන ද්විධ ශමථයෙන් සන්සිඳෙන්නේය. ඒ හේතුවෙන් කිසි උපද්රවයක් නොවේ. ප්රඥප්ති වර්ගයෙහි වනාහි යමක් කවර ශමථයකින් සන්සිදේදැ’යි කියන ලද්දේ ද ඒ ශමථයට බස්වා අනාපත්ති කරන්නට නොහැකිය යන මේ අර්ත්ථය සඳහා කියන ලදී.
“පඤ්ඤත්ති විනයො” “යො පන භික්ඛු” යනාදිනයින් වදාළ මාතෘකා තොමෝ ප්රඥප්තිවිනය යන අර්ත්ථයි. විභත්ති යනු පදභාජනය කියනු ලැබේ. විභත්ති යන මෙය විභඞ්ගයටද නමෙකි. “අසංවරො” යනු ශික්ෂාපද මැඩලීමය. “යෙසං වත්තති” යම් කෙනකුන්හට විනය පිටකය හා අර්ත්ථකථාව සියල්ල ප්රගුණද යන අර්ත්ථයි. “කෙ ධාරෙන්ති” කවරහු මේ ප්රථම පාරාජිකය පෙළවිසින් හා අරුත් විසින් දරත්ද, සියලු විනයපිටකය නොදන්නහු විසින් මේ ශික්ෂාපදයාගේ අර්ත්ථය දැනගන්නට නොහැක්කේය. “කෙනාභතං” මේ ප්රථම පාරාජිකය පෙළ විසින් අරුත් විසින් අද කල් දක්වා කවරක්හු විසින් ගෙනන ලද්දේ ද, “පරම්පරාභතං” පරපුරෙන් ගෙණෙන ලද්දේය.