කතාපත්තිවාරාදිවණ්ණනා
මෙයින් පසු “මෙථුනං ධම්මං පතිසෙවන්නො කති ආපත්තියො ආපජ්ජති” යනාදි ප්රභෙද ඇත්තේ කතාපත්තිවාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති” යනාදි ප්රභෙද ඇත්තේ විපත්තිවාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගානීතා” යනාදි ප්රභෙද ඇත්තේ සඞ්ග්රහ වාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨභන්ති” යනාදි ප්රභෙද ඇත්තේ සමුට්ඨාන වාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො චතුන්නං අධිකරණානං කතමං අධිකරණං” යනාදි ප්රභෙද ඇත්තේ අධිකරණ වාරයය. “මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස ආපත්තියො සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති” යනාදි ප්රභෙද ඇත්තේ සමථ වාරයය. එයට අනතුරුව සමුච්චය වාරයයි මේ සප්ත වාරයෝ ප්රකට අර්ත්ථ ඇත්තාහුමය.
එයින් පසු “මෙථුනං ධම්මං පතිසෙවනප්පච්චයා පාරාජිකං කත්ථ පඤ්ඤත්තං” යනාදි නයින් නැවත ප්රත්යය වශයෙන් එක් ප්රඥප්තිවාරයෙක ඔහුගේ වසයෙන් ප්රථමසදෘශවූම කතාපත්තිවාරාදීවූ සප්තවාරයෝයි මෙසේ අන්යවූද වාර අටක් කියනලදී. ඔවුහුද ප්රකට අර්ත්ථ ඇත්තාහුමය. මෙසේ පළමු අටය, මේ අටයයි මහාවිභඞ්ගයෙහි සොළොස් වාර කෙනෙක් දක්වන ලදහ. එයින් පසු ඒනයින්ම භික්ෂුණී විභඞ්ගයෙහිද සොළොස් වාර කෙනෙක් ආහයි මෙසේ උභතොවිභඞ්ගයෙහි මේ දෙතිස් වාරයෝ පාළිනයින්ම දතයුත්තාහ. මෙහි පෙර විනිශ්චය නොකළ කිසිවක් නම් නැත්තේය.
සමුට්ඨානසීසවණ්ණනා
එයට අනතුරුවූ සමුට්ඨානකථාවෙහි “අනත්තා ඉති නිච්ඡයා” නිර්වාණයද ප්රඥප්තියද අනාත්මයයි නිශ්චය කරණ ලදය. “සභාගධම්මානං” අනිත්යාකාරාදියෙන් ප්රත්යයයෙන් කරණලද සභාගධර්මයන්ගේ. “නාමමත්තං න නායති” නාමමාත්රයෙකුදු සර්වඥ නැමැති සූර්ය්යයා නොනැගි කල්හි නොපැනේ. “දුක්ඛහානිං” දුක් නසන. “ඛන්ධකා යාච මාතිකා” යම් ඛන්දයක්ද යම් මාතෘකාවක්ද යන අර්ත්ථයි. මෙම පාඨය හෝ වේ. “සමුට්ඨාන නියතො කතං” සමුට්ඨානය නියත වසයෙන් කරණලදී. “නියතකතං” යනු නියතසමුට්ඨානය යන අර්ත්ථයි. මෙයින් භූතාරොචන වොරිවුට්ඨාපන අනනුඤ්ඤාත යන ශික්ෂාපදත්රය පිළිබඳ සඞ්ග්රහය දතයුත්තේය. මේ ශික්ෂාපදතුන නියත සමුට්ඨානයහ. අන්ය ශික්ෂාපද සමග සංකරවිරහිත සමුට්ඨානයහ.
“සම්භෙදනිදානඤ්චඤ්ඤං” අන්යවූද, සමුට්ඨානයන්ගේ සංකරයද නිදානයද එහි සම්භෙද වචනයෙන් සමුට්ඨාන සංකරයාගේ ගැණීම දතයුතුය. එම ශික්ෂාපද තුන හැර සෙසු ශික්ෂාපද සඞ්කරසමුට්ඨානයහ. නිදානවචනයෙන් ශික්ෂාපදයන්ගේ ප්රඥප්තිදෙශසඞ්ඛ්යාත නිදානය දතයුතුය. “සුත්තෙ දිස්සන්ති උපරි” ශික්ෂාපදයන්ගේ සමුට්ඨානනියමය සම්භෙදය නිදානය යන මේ තුන සූත්රයෙහිම දක්නා ලැබෙත්. පැනෙත් යන අර්ත්ථයි. එහි “එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති කායතොච චින්තතො ච” යනාදි තන්හි පළමුකො ප්රථමනයින්ම සමුට්ඨානයෙන් නියමයද සම්භෙදයද දක්නා ලැබෙත්. අන්යය වනාහි නිදානනම්.
“වෙසාලියා රාජගහෙ සාවත්ථියා ච ආළවි,
කොසම්බියා ච සක්කෙසු භග්ගෙසු ච පඤ්ඤත්තා”
කොසම්බියා ච සක්කෙසු භග්ගෙසු ච පඤ්ඤත්තා”
යි මෙසේ මතුවෙහි දක්නා ලැබේ. පසුභාගයෙහි ආ සූත්රයෙහි දක්නා ලැබේය’යි දතයුතුය.
“විභඞ්ගෙ ද්විසු” යන ගාථාවෙහි මේ අර්ත්ථය වේ. යම් ශික්ෂාපදයක් විභඞ්ග දෙක්හි පණවන ලද්දේ ද, ඒ ශික්ෂාපදය පොහෝදිනයෙහි මහණහුද මෙහෙණෝද උදෙසත්. උභතො විභඞ්ගයට ඇතුළත් ඒ ශික්ෂාපදයෙහි තතු ලෙසින් දතයුතු සමුට්ඨානය කියන්නෙමි. මාගේ ඒ කීම අසනු මැනැව.
“සඤ්චරිත්තානුභාසනඤ්ච” සඤ්චරිත්තසමුට්ඨානයද සමනුභාසන සමුට්ඨානයද, “අතිරෙකඤ්ච චීවරං” අතිරෙකචීවර සමුට්ඨානය, කඨිනසමුට්ඨානය යන අර්ත්ථයි. “ලොමානි පදසො ධම්මො” එළකලොම සමුට්ඨානයද, පදසොධම්ම සමුට්ඨානයද “භූතං සංවිධානෙන” භූතාරොචන සමුට්ඨානයද සංවිධාන කොටට අද්ධානපටිපජ්ජනසමුට්ඨානයද, “ථෙය්යදෙසනාචොරිඤ්ච” ථෙය්යසත්ථසමුට්ඨානයද නොගිලන්වූ ඡත්තපාණිහට දහම් දෙසීමද චොරිවුට්ඨානයද “අනනුඤ්ඤාතාය තෙරස” මවුපිය සැමි යන මොවුන් විසින්. අනනුඤ්ඤාතසමුට්ඨානය සමග මේ තෙළෙසක් සමුට්ඨානයෝ වෙත්. “සදිසා ඉධ දිස්සරෙ” මෙහි උභතො විභඞ්ගයෙහි මේ තෙළෙස් සමුට්ඨානයන් අතුරෙහි එකක් එකක්හි අන්යවූද සමාන සමුට්ඨානයෝ දක්නා ලැබෙත්.
පඨමපාරාජිකසමුට්ඨානවණ්ණනා
දැන් ඒ සමුට්ඨානයන් දක්වනු පිණිස “මෙථුනං සුක්කසංසග්ගො” යනාදිය වදාරණ ලදී. එහි “මෙථුනං” යන මේ වනාහි ප්රථම පාරාජික නම් එක් සමුට්ඨාන ශීර්ෂයෙකි. සෙස්සෝ ඒ හා සදෘශයෝය. “සුක්කසංසග්ගො” සුක්කවිසට්ඨිය ද කායසංසග්ගයද යන මේ ශික්ෂාපද දෙක. “අනියතා පඨමිකා” ප්රථම අනියත ශික්ෂාපදය “පුබ්බූපපරිපාචිතා” “ජාතං පුබ්බූපගතං භික්ඛුං” යන ශික්ෂාපදයද භික්ඛුණිපරිපාවිත පිණ්ඩපාත ශික්ෂාපදයද “රහො භික්ඛුණියා සහ” මෙහෙණක සමග රහස්හි නිෂද්ය ශික්ෂාපදයද