නිගමන වර්ණනාව
“උද්දිට්ඨා ඛො -පෙ- එවමෙතං ධාරයාමි” මෙහි පළමුකොට පැමිණයයුතු ඇවැත මොවුන්ටනුයි පඨමාපත්තිකා නම. පළමුකොට ව්යාතික්රමය කළ කෙණහිම පැමිණිය යුත්තීය යන අර්‍ත්‍ථයි. අන්යාපත්තීහු, යම්සේ තෙවන සිවුවන දවසෙහි වේයයි ජනතෙමේ තෘතීයකය, චතුර්ත්ථකයි කියනු ලැබේද, එසේ යාවතෘතීය සමනුභාෂණ කර්මයෙහිදී වෙත්යි යාවත්තියකහයි දතයුතුය.
“යාවතිහං ජානං පටිච්ඡාදෙති” යම් පමණ දිනයන් දන්නේයි වසයිද, මම මෙනම් ඇවැතට පැමිණියෙමියි සබ්‍රහ්මචාරීන්ට නොකියාද. “තාවතිහං” එපමණ දවස්, “අකාමා පරිවත්ථබ්බං” කැමැත්තෙන් නොවේ. පිරිවෙසින් නොවේ. තවද නොකැමැත්තහු විසින්, පිරිවෙස් නැතියහු විසින් පිරිවෙස් ගෙන විසිය යුතුය. “උත්තරිං ඡාරත්තං” පිරිවෙසින් මතුවෙහි සරැයක් “භික්ඛු මානත්තාය” භික්ෂූන්ට බුහුමන් පිණිස, සතුටු කිරීම පිණිසැයි කියන ලද්දේ වේ. විංශතිසඞ්ඛ්යාගණය මොහුටැයි විසතිගණ නම ‘තත්ර’ යම් සීමාවෙක්හි සියලු අන්තිම පිරිසිඳීමෙන් විංශද්වර්ගික භික්ෂුසඞ්ඝතෙමේ ඇත්තේද ඒ සීමාවෙහි ‘අබ්හොතබ්බො’ කැඳවිය යුතුය. පිළිගත යුතුය. අබ්හානකර්ම වශයෙන් ඇතුළත් කටයුතුයයි කියන ලද්දේ වේ. කැදවිය යුත්තේයි හෝ අර්ත්ථය වේ. “අනබ්හිතො” නොකැඳවන ලදය. නොපිළිගන්නා ලදය. නොකළ අබ්හානකර්ම ඇත්තේයයි කියන ලද්දේ වේ. නොකැදවන ලද්දේයි හෝ අර්ත්ථය වේ. “සාමීචි” අනුධර්‍මතා තොමෝය. ලොකොත්තර ධර්මය අනුව ගිය අවවාදානුශාසනා තොමෝ සාමීචිධර්මතායි කියනු ලද්දේය. මෙහි සෙස්ස කියූ නය ඇත්තේමය.
විනයවිවෘත නම් වූ සිංහල සමන්තපාසාදිකාවෙහි තෙරසසඞ්ඝාදිසෙස වර්ණනාව නිමි.
අනියත කාණ්ඩය
පළමු අනියතශික්ෂාපද වර්ණනාව
ආයුෂ්මත්නි’ මේ අනියතධර්‍මයෝ දෙදෙන උදෙසීමට එති.
“තෙන සමයෙන බුද්ධො භගවා” ප්‍රථම අනියත ශික්‍ෂාපදයයි. එහි “කාලයුත්තං සමුල්ලපන්තො” යනු කල් සලකා යම්කලෙක්හි අන් කිසිවෙක් සමීපයෙන් නොයන්නේ හෝ නොඑන්නේ හෝ, එකල්හි එයට අනුරූපව ‘කිම, නොකළකිරෙහිද, නොවෙහෙසෙහිද, බඩගිනි අතියෙහිද, යනාදීවු ගෘහනිශ්ශ්රිත කථා කියමින් “කාලයුත්තං ධම්මං භණන්කො” යනු කල් සලකා යම් කලෙක්හි අන් කිසිවෙක් සමීපයෙන් යන්නේ හෝ එන්නේ හෝ එකල්හි එයට අනුරූප පොහොය කරන්නෙහි, ලහබත් දෙන්නෙහි, යනාදීවූ ධර්මකථා කරමින්.
බොහෝ දූවරුද පුත්‍රයෝද මෑහටනුයි බහුපුත්තා නම. ඇයට වනාහි පුත්‍රයෝ දසදෙනෙක්ද දුහිතෘහු දසදෙනෙක්ද වූහ. මෙසේ ඕ තොමෝ විස්සක් අධික කොට ඇති සාරසියයක් දූපුත් මුනුබුරු මිනිබිරියන් පිරිවරකොට ඇත්තීවූය. “අභිමඞ්ගලසම්මතා”යි උත්තම මඞ්ගල සම්මතය. “යඤ්ඤෙසු” කුඩා මහත් දානයන්හි. “ඡනෙසු” යනු ආවාහ විවාහ මඞ්ගලාදි උත්සවයක් අතරතුර පැවැති උත්සවයන්හි “උස්සවෙසු” ඇසළ මස පවුරුණු නැකත් ආදී මහත් උත්සවයන්හි. “පඨමං භොජෙන්ති” යනු මේ දරුවෝ තා හා සමාන ආයු ඇතිව නීරොග වෙත්වායි යාඥා කරමින් පළමුකොටම වළඳවත්. යම්කෙනෙක් සැදැහැ ඇත්තෝ පහන් වූවාහු වෙත්ද, ඔවුහු භික්ෂූන් වළඳවා එයට අනතුරුවම සියල්ලට පළමුව ඒ විසාඛාවම වළඳවත්. “න ආදියි” යනු ඇයගේ වචනය නොගත්තේය. එයට ආදරය නොකෙළේයයිද අර්‍ත්‍ථයි.
“අලං කම්මනියෙ” කර්මක්ෂමය කර්මයට යෝග්‍යයි කම්මනිය නම. කර්මණ්යභාවයට යෝග්‍යය. සෑහේයයි අලං කම්මනිය නම, ඒ කර්මයට යොග්යතන්හි, යම් තැනක අද්ධ්යාචාරය කරන්නාවු ඒ අද්ධ්යාචාරකර්ම කරන්නට හැකි වෙත්ද, එබඳු තන්හිය යන අර්‍ත්‍ථයි. එහෙයින්ම මෙයට පදභාජනයෙහි “සක්කා හොති මෙථුනං ධම්මං පතිසෙවිතුං”යි වදාළ සේක. යම් තැනක මෙවුන්දම් සෙවුමට හැකිවේයයි කියන ලද්දේ වේ. “නිසජ්ජං කප්පෙය්ය” හිඳීම කරන්නේය. හිඳින්නේය යන අර්‍ත්‍ථයි. යම්හෙයකින් වනාහි හිඳම නොවීද, එහෙයින් මෙයට පදහාජනයෙහි දෙකම වදාරන ලදි. එහි “උපනිසින්නො” එළැඹැ හුන්නේය. මෙසේ “උපනිපන්නොපි” හොත්තේදැයි දතයුත්තේය. “භික්ඛු නිසින්නෙ” යනු මහණහු හුන්කල්හි යන අර්‍ත්‍ථයි. “උභො වා නිසින්නා” මහණහු හා මාගම යන දෙදෙනම පෙර පසු නොව හුන්නාහු. මෙහිද පෙළෙහි “සොතස්ස රහො” කණට රහස්වයි ආයේය. ඇසට රහස් වසයෙන්ම රහොනිසජ්ජාපත්තියගේ පිරිසිදීම දතයුතුය. වැසූ කවුළු ඇති ගැබක දොර ලඟ හුන් නුවණැති පුරුෂයෙක්වේද, එයින්ම අනාපත්තිය නොකරයි. නොවැසූ කවුළු ඇති ගැබක දොරලඟ හුන්නේ අනාපත්තිය කරයි. හුදෙක් දොරලඟ හුන්නේ අනාපත්තිය නොකරන්නේය. දොළොස්රියනක් තුළ අවකාශයෙහි හුන්නේද අනාපත්තිය කරන්නේය. ඉදින් ඇස් ඇත්තෙක් විසුරුනු සිත් ඇත්තේ වේද, නිදන්නේද, අනාපත්තිය කරන්නේය. සමීපයෙහි සිටි අන්ධතෙමේද, නොකරන්නේය. ඇස් ඇත්තේද හෙව නිදන්නේ නොකරන්නේය. ස්ත්‍රීන් සියයකුදු අනාපත්ති නොකෙරේමය.