සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - සියල්ල පඤ්චම ශික්ෂාපදයෙහි කියන ලද්දාහු සමානම වේ.
සවන ශික්ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “උබ්බට්ටාපෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි අත නොමුදා ඇඟ ඉලීම නිමිතිකර එක්ම ඇවැතක් වේ. අත මුද මුදා ඇඟ ඉලීම නිමිතිකර ඇවැත්හු ප්රයොග ගණනින් වෙත්. සම්බාහනය නිමිතිකොටද මෙම නයවේ. “ගිලානාය” යටත් පිරිසෙයින් මගයෑමෙන් වූ පරිශ්රමයෙන්ද ආබාධ සහිත තැනැත්තියට. “ආපදාසු” සොරබිය ආදියෙන් වූ ශරීරකම්පනාදීන් අතුරෙහිය. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු තෘතීය ශික්ෂාපදය හා සමානම වෙත්.
සත්වන ශික්ෂාපදයයි
අට–නව–දසවන සිකපද වර්ණනාව
අෂ්ටමාදීවූ ත්රිවිධ ශික්ෂාපදයන්හි ශික්ෂමාණවලවා සාමණෙරියලවා ගිහිනියලවා යන මෙම වෙනස්බවය. සෙස්ස සප්තම ශික්ෂාපදයෙහි කියන ලද්දාහු සමාන වේ.
අටවන නවවන දසවන ශික්ෂාපදයෝය.
එකොළොස්වන සිකපද වර්ණනාව
එකාදශ ශික්ෂාපදයෙහි - “භික්ඛුස්ස පුරතො” අභිමුඛයෙහිම යන අර්ත්ථයි. මේ වනාහි හාත්පස්හි දොළොස් රියන් උපචාරය සඳහා කියන ලද්දේයයි දතයුතුය. සෙස්ස ප්රකටමය. කඨිනසමුත්ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
එකොළොස්වන ශික්ෂාපදයයි
දොළොස්වන සිකපද වර්ණනාව
ද්වාදශ ශික්ෂාපදයෙහි - “අනොකාසකතං” අසුවල් නම් තැන්හි විචාරමියි මෙසේ නොකළ අවකාශ ඇති එහෙයින්ම අනොකාසකතං, යනු කීහ. “අනාපුච්ඡා” යනුද “අනොදිස්ස” යනුද අසුවල් නම් තන්හි විචාරමි’යි මෙසේ නියම නොකොට හුදෙක් ‘ආර්ය්යය’ විචාරිය යුත්තෙක් ඇත්තේය, විචාරමි’යි මෙසේ කියා. සෙස්ස ප්රකටමය. පදසොධම්මසමුත්ථානිකය. වාචායෙන්ද, වාචාචිත්තයෙන්ද හටගනියි. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දොළොස්වන ශික්ෂාපදයයි
තෙළෙස්වන සිකපද වර්ණනාව
ත්රයොදශ ශික්ෂාපදයෙහි - “පරික්ඛෙපං අතික්කාමෙන්තියා” එක් පයකින් ඉක්මුනු කල්හි දුක්කටය වේ. දෙවන පයින් ඉක්මුන කල්හි පාචිත්තිය වේ. උපචාරයෙහිද මේනයම වේ.
“අච්ඡින්න චීවරිකාය” යනාදි තන්හි තනවෙළුම් සිවුරම සිවුරැයි දතයුතුය. “ආපදාසු” මහගි තනවෙළුමක්වේද, එය පොරොවා යන්නියටම උපද්රවයක් උපදීද, මෙබඳු විපත්හි ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. එළකලොමසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
තෙළෙස්වන ශික්ෂාපදයයි
නවමඡත්ර වර්ගයයි
“උද්දිට්ඨා ඛො අය්යායො ඡසට්ඨිසතපාචිත්තියාධම්මා” යන මෙහි භික්ෂූන්ට ඛුද්දකයෙහි සයානූවෙක. භික්ෂුණීන්ට දෙයානූවෙකැයි සියල්ලෝම එක්සිය අටාසූවක් ශික්ෂාපදයෝ වෙත්. එයින් සියලු භික්ෂුණී වර්ගය පරම්පරභොජන ශික්ෂාපදය - අනතිරිත්ත භොජන ශික්ෂාපදය - ඉතිරි නොකළ දෙයින් එළවා පැවැරීම දක්වන ශික්ෂාපදය - ප්රණීත භොජන විඤ්ඤත්ති ශික්ෂාපදය - අචෙලක ශික්ෂාපදය - දුට්ඨුල්ල පටිච්ඡාදන ශික්ෂාපදය - ඌනවීසතිවස්සූපසම්පාදන ශික්ෂාපදය, මාගමක හා විධානකොට අද්ධාන ගමන ශික්ෂාපදය - රාජෙන්තෙපුරප්පවෙසන ශික්ෂාපදය - විද්යමාන මහණහු නොවිචාරා, නොකල්හි ගාමප්පවෙසන ශික්ෂාපදය - නිසීදන ශික්ෂාපදය - වස්සිකසාටික ශික්ෂාපදය යන මේ දෙවිසි ශික්ෂාපදයන් බැහැරකොට සෙසු එක්සිය සසැටක් ශික්ෂාපදද ප්රාතිමොක්ෂාද්දෙශ මාර්ගයෙන් උදෙසන ලද්දාහු වෙත්යි දතයුතුය. එහෙයින් “උද්දිට්ඨා ඛො අය්යායො ඡසට්ඨිසතපාචිත්තියා ධම්මා - පෙ- එවමෙතං ධාරයාමි’යි කීහ.
එහි මේ සැකෙවින් සමුත්ථාන විනිශ්චයයි. ගිරග්ගසමජ්ජ ශික්ෂාපදය, චිත්තාගාර ශික්ෂාපදය - සඞ්ඝාණී ශික්ෂාපදය - ඉත්ථාලඞ්කාර ශික්ෂාපදය - ගන්ධවණ්ණක ශික්ෂාපදය - වාසිතක ශික්ෂාපදය - විඤ්ඤාතක ශික්ෂාපදය - මෙහෙණන් ආදීන් ලවා උබ්බට්ටන පරිමද්දන ශික්ෂාපදයෝය යන මේ දශ ශික්ෂාපදයෝ අචිත්තක වෙත්. ලොකවද්ය වෙත්. මේ මෙහි අධිප්රායය. සිතින් වෙන්වද පැමිණිය යුතු බැවින් අචිත්තක වෙත්. සිත ඇති කල්හි අකුශලයෙන්ම පැමිණිය යුතු බැවින් අචිත්තක වෙත්. සිත ඇති කල්හි අකුශලයෙන්ම පැමිණිය යුතු බැවින් ලොකවද්ය වෙත්. සෙස්සෝ අචිත්තක වෙත්. ප්රඥප්තිවද්යයෝම වෙත්. චොරිදට්ඨාපන ශික්ෂාපදය - ගාමන්තර ශික්ෂාපදය - ආරාම ශික්ෂාපදය - ගර්භිණීවර්ගයෙහි මුලපටන් ශික්ෂාපද සතද කුමාරීභූතවර්ගයෙහි මුලපටන් ශික්ෂාපද පසද, පුරිසසංසට්ඨ ශික්ෂාපදය - පාරිවාසිය ඡන්දදාන ශික්ෂාපදය - අනුවස්ස වුට්ඨාපන ශික්ෂාපදය - එකන්තරිකවුට්ඨාපන ශික්ෂාපදය යන මේ එකුන්විසි ශික්ෂාපදයෝ සචිත්තක වෙත්. ප්රඥප්තිවද්ය වෙත්. සෙසු ශික්ෂාපදයෝ සචිත්තක වෙත්. ලොකවද්ය වෙත්.