අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “න අනුග්ගණ්හාපෙය්ය” ‘ආර්ය්යාව, මැයට උද්දේස ආදිය දෙව’යි මෙසේ උද්දේස ආදියෙන් අනුග්රහ නොකරවානම්,
“පරියෙසිත්වා” අන් මෙහෙණක සොයා නොලබයි. තොමෝ ගිලන්වූවා වේද, උද්දේස ආදිය දීමට නොහැක්කීවේද, ඒ මෙහෙණට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. ධුරනික්ෂෙප සමුත්ථානිකය. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශල චිත්තයි. දුඃඛවෙදනයි.
අටවන ශික්ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - “න උපට්ඨහෙය්ය” සුණෙන් මැටියෙන් දැහැටියෙන් මුවදෝනා පැනින්’යි මෙසේ ඒ ඒ කටයුත්තෙන් උවැටැන් නොකරන්නේ නම්, සෙස්ස ප්රකටමය. ප්රථමපාරාජිකසමුත්ථානිකය. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මය. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
නවවන ශික්ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “නෙව වූපකාසෙය්ය” ගෙණ නොයන්නේනම්, “න වූපකාසාපෙය්ය” ආර්ය්යාව, මෙය ගෙණ යව’යි අන් මෙහෙණකට නො අණවන්නේ නම්, මෙහි සෙස්ස ප්රකටමය. ධුරනික්ෂෙපසමුත්ථානිකය. අක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දසවන ශික්ෂාපදයයි
සප්තම වූ ගර්භිණි වර්ගයයි
8. කුමාරිභූතවර්ගය
පළමු-දෙවන-තෙවන සිකපද වර්ණනා
කුමාරීභූත වර්ගය පිළිබඳ ප්රථම - ද්විතීය - තෘතීය ශික්ෂාපද තුන ගිහීගත පදයුත් පඤ්චම - ෂෂ්ඨ - සප්තම ශික්ෂාපද හා සමානයහ. යම් ගර්භිණී වර්ගයෙහි සියල්ලම ප්රථමවූ මහාශික්ෂාමාණාවෝ දෙදෙනෙක් වෙත්ද, ඒ දෙදෙන ඉකුත් විසිවයස් ඇත්තාහයි දතයුත්තාහ. ඔවුහු පුරුෂාන්තරයට පැමිණියාහු හෝ වෙත්වා. පුරුෂාන්තරයට නොපැමිණියාහු හෝ වෙත්වා, ශික්ෂාමාණාහයිම කියයුත්තාහ. ගිහීගතායි හෝ කුමාරීභූතායි හෝ නොකිය යුත්තාහ. පුරුෂාන්තරයට ගිය තැනැත්තියට දසවස් කාලයෙහි ශික්ෂාසම්මුතිය දී දොළොස් හැවිරිදි කල්හි උපසම්පදාව කටයුත්තීය. එකොළොස් හැවිරිදි කල්හි ශික්ෂාසම්මුතියදී තෙළෙස් හැවිරිදි කාලයෙහි උපසම්පදා කටයුතුය. දොළොස් තෙළෙස්, තුදුස් පසළොස් සොළොස්, සතළොස්, අටළොස් හැවිරිදි කල්හි ශික්ෂා සම්මුතියදී විසිහැවිරිදි කල්හි උපසම්පදාව කටයුත්තීය. අටළොස් හැවිරිදිකල පටන් මෝතොමෝ ගිහීගතායිද, කුමාරීභූතායිද කීම වටියි. කුමාරීභූතා තොමෝ ගිහීගතායි නොකියයුත්තීය. මහාශික්ෂමාණ තොමෝ වනාහි ගිහීගතායි කීම නොසුදුසුය. කුමාරීභූතායිද කීම නොවටියි. ශික්ෂාසම්මුතිදාන වශයෙන් වනාහි තිදෙනම ශික්ෂමාණාහයි කීම සුදුසු වේ.
පළමුවන - දෙවන තෙවන ශික්ෂාපදයෝය.
සතර-පස්-සවන සිකපද වර්ණනා
චතුර්ත්ථ - පඤ්චම - ෂෂ්ඨ ශික්ෂාපදයන්හි - සියල්ල ප්රකටමය. සියලු ශික්ෂාපදයෝ ත්රිසමුත්ථානිකහය. සිවුවන ශික්ෂාපදය ක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි. පස්වන ශික්ෂාපදය ක්රියාක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි. මෙහි වනාහි යමක් සඞ්ඝයා විසින් පිරිසිඳිය යුතුයයි කියන ලද්දේද, එය පරීක්ෂා කටයුතුය යන අර්ත්ථයි. සවන ශික්ෂාපදය ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි. මෙහි යමක් පිරිසිඳැයි කියන ලද්දේද, එය පරීක්ෂාකොටය යන අර්ත්ථයි.