දසවන සිකපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “පසාඛෙ” නැබින්යට අධඃකායයෙහි, අධඃකාය වනාහි යම්හෙයකින් වෘක්ෂ ශාඛාවක මෙන් දෙකලවය බෙදී එයින් ගියෝද එහෙයින් පසාඛයි කියනු ලැබේ.
“භින්දා” යනාදිතන්හි ඉදින් ‘බිඳුව, පලව’යි සියල්ල අණවාද ඇණවුම් ලද හෙතෙමේද, එසේම කෙරේද, ඇණවීම නිමිතිකොට දුක්කට සයටද පාචිත්තිය සයටද පැමිණේ. එතකුදු වුවත් ‘උපාසක’ මෙහි යම් කිසිවක් කටයුතුද, ඒ සියල්ල කරව’යි මෙසේ අණවාද, හෙතෙමේද සියලුම බිඳීම් ආදිය කෙරේද, එක් වචනයකින් දුක්කට සයක්ද පාචිත්තිය සයෙක්දැ ඇවැත් දොළොසෙක් වේ. ඉදින් වනාහි බිඳීම් ආදියෙහි එකක්ම කියා ‘මෙය කරව’යි අණවාද, හෙතෙමේද සියල්ල කෙරේද, යමක් අණවන ලදද එයම කිරීම නිමිතිකොට පාචිත්තිය වේ. සෙසුතන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
කඨිනසමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දසවන ශික්ෂාපදයයි
ෂෂ්ඨ ආරාම වර්ගයයි
7. ගබ්භිනීවර්ගය
පළමු සිකපද වර්ණනාව
ගර්භිණි වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “ආපන්නසත්තා” කුසට පිවිස සත්ත්වයන් ඇත්තී.
පළමුවන ශික්ෂාපදයයි.
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - “පායන්තිං” කිරි පොවන්නිය. “මාතා වා හොති” දරුහට යමක් පොවාද, ඒ දරුගේ මවු හෝ වේද, “ධාතී වා” කිරිමවු හෝ වේද, සෙස්ස ප්රකටමය. ප්රථම ද්විතීය ශික්ෂාපද දෙකම ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
දෙවන ශික්ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “සික්ඛාසම්මුතිං දාතුං” කුමක්හෙයින් ශික්ෂා සම්මුතිය දෙවූයේද, මාගම නම් ලොල් වේ. අවුරුදු දෙකක් ප්රාණඝාතාදියෙන් වැළකීමැයි කියූ සවැදෑරුම් ධර්මයන්හි නොහික්මී සිල් පුරණුයේ ක්ලාන්ත වේ. හික්මීමෙන් පසුව සිල් පුරණුයේ ක්ලාන්ත නොවන්නේය. ස්ථිර වන්නේයයි දෙවීය.
“පාණාතිපාතා වෙරමණිං ද්වෙ වස්සානි අවීතික්කමසමාදානං සමාදියාමි” යම් ඒ ශික්ෂාපදයක් ‘පාණාතිපාතා වෙරමණී’යි පණවන ලද්දේ ද ඒ ප්රාණඝාතයෙන් විරමණසඞ්ඛ්යාත ශික්ෂාපදය දෙවසක් නොඉක්මවිය යුතු සමාදානය කොට සමාදන්වෙමි’ යන අර්ත්ථයි. සියලු තන්හි මේ නයවේ. මේ ෂට් ශික්ෂාවෝ පැවිදි වූ සැට වයස් ඇත්තියටද දියයුත්තාහුමය. මේ ශික්ෂාවන්හි නොහික්මුනාහු උපසපන් නොකටයුත්තාහ.
තෙවන ශික්ෂාපදයයි.
සතරවන සිකපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. ඉදින් පළමුකොට ශික්ෂාසම්මුති තොමෝ නොදෙන ලද්දීවේද, උපසම්පදා මාලකයෙහිදී හෝ දියයුත්තීමය. මේ දෙදෙනම මහාසික්ඛමානා නම්හ.
සිවුවන ශික්ෂාපදයයි
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - කිසිසේත් “ඌනද්වාදසවස්සං” උනු දොළොස්වස් ඇත්තියක, පරිපූර්ණ සංඥාවෙන් උපසපන් කරන්නියට ඇවැත් නොවේ. ඕ තොමෝ වනාහි අනුපසම්පන්නම වේ. සෙස්ස ප්රකටමය.
පස්වන ශික්ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - පුරුෂ සමාගමයට පැමිණි දසවස් ඇත්තියකට ශික්ෂාසම්මුතියදී පිරිපුන් දොළොස්වස් ඇත්තියක උපසපන් කිරීම දොෂයෙක් නොවේ.
සවන ශික්ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. සියලු ශික්ෂාපදයන්හි සමුත්ථානාදීහුද, දෙවන ශික්ෂාපදයෙහි කියන ලද්දවුන් හා සමානමවෙත්. මේ වනාහි විශේෂය වේ. යම් තැනෙක සම්මුතිය ඇත්තීද එහි ක්රියාක්රියය වේ.
සත්වන ශික්ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “න අනුග්ගණ්හාපෙය්ය” ‘ආර්ය්යාව, මැයට උද්දේස ආදිය දෙව’යි මෙසේ උද්දේස ආදියෙන් අනුග්රහ නොකරවානම්,