පළමු සිකපද වර්ණනාව
ආරාම වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “පරික්‍ඛෙපං අතික්කාමෙන්තියා උපචාරං ඔක්කමන්තියා” මෙහි පළමු පියෙහි දුක්කටය වේ. දෙවන පියෙහි පාචිත්තිය වේ.
“සීසානුලොකිකා” පළමුව පිවිසෙන මෙහෙණන්ගේ හිස බලමින් පිවිසේද, ඇවැත් නොවේ. “යත්‍ථ භික්‍ඛුණියො” යම් තැනෙක්හි මෙහෙණෝ ඉතා පළමුකොට පිවිස හැදෑරීම් සෑවැඳුම් ආදිය කෙරෙත්ද, එහි ඒ මෙහෙණන් වෙතට යෙමියි යෑම වටියි. “ආපදාසු” කිසිවකු විසින් පෙළන ලද්දී වේද, මෙබඳු ආපදාවන්හි පිවිසීම වරදෙක් නොවේ. සෙස්ස ප්‍රකටමය.
ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමුවන ශික්‍ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “ආයස්මා කප්පිතකො” මෙතෙමේ ජටිලයන් දහසෙහි ඇතුළත්වූ ස්ථවිර තෙමේය. “සංහරි” සංක්‍රම කරවීය. “සංහටො” සංක්‍රම කරවන ලදය. “කාසාවටො” නහවන ලදය. කරනවෑමියෝ සිවුරු හැඳ කර්‍මාන්ත කෙරෙත්. ඒ සඳහා කීහ. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දෙවන ශික්‍ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “අනුසාසනීපුරෙක්‍ඛරාය” දැනුදු තී බාලය, අව්‍යක්තය, යනාදිනයින් අනුශාසනී පක්‍ෂයෙහි සිට කියන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනතුරු ශික්‍ෂාපදය හා සමානම වෙත්.
තෙවන ශික්‍ෂාපදයයි.
සිවුවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. චතුස්සමුත්‍ථානිකය. කායයෙන්ද කායවාචායෙන්ද, කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. නිමන්ත්‍රණය කරණ ලදුව නොවිචාරා අනුභව කරන්නියට ඇවැත ලැබෙන බැවින් කිසි කලෙක ක්‍රියාක්‍රිය සමුත්‍ථානය වේ. පවරණ ලදුව කැපකරවාද කැප නොකරවාද අනුභව කරන්නියට ඇවැත ලැබෙන බැවින් ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සිවුවන ශික්‍ෂාපදයයි.
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - කුලයෙහි මසුරුබව, කුලමච්ඡර නම්. කුලමසුරුබව මෑට ඇත්තේනුයි. “කුලමච්ඡරිනී” නම. නොහොත් කුලය මසුරුකරානුයි කුලමච්ඡරිනීය. “කුලස්ස අවණ්ණං” ඒ කුලය අශ්‍රද්ධාවත්ය. අප්‍රසන්නයයි. “භික්‍ඛුනීනං අවණ්ණං” මෙහෙණෝ දුශ්ශීලහ. ලාමක දහම් ඇතිහයි.
“සන්තංයෙව ආදීනවං” කුලයාගේ හෝ මෙහෙණන්ගේ හෝ ඇති අගුණ පැවසීමය. සෙස්ස ප්‍රකටමය. ත්‍රිසසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පස්වන ශික්‍ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “ඔවාදාය” ගරුධර්‍මය පිණිස, “සංවාසාය” පොහෝ පවුරුණු විචාරීම පිණිස. මෙහි මේ සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි භික්‍ඛුනොවාදක ශික්‍ෂාපද වර්‍ණනාවෙහි කියන ලද්දේමය.
එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සවන ශික්‍ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - “පරියෙසිත්‍වා න ලභති” මෙහෙණක් නොලබයි. සෙස්ස ප්‍රකටමය. මේ ශික්‍ෂාපදයාගේ විස්තරයි. භික්‍ඛුනොවාදකයෙහි කියන ලද්දේමය.
ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සත්වන ශික්‍ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “එකකම්මං” යනාදියෙන් පොහෝ පවාරණයෝම කියන ලදහ. සෙස්ස ප්‍රකටමය. මේ ශික්‍ෂාපදයාගේද විස්තරය භික්‍ඛුනොවාදකයෙහි කියන ලද්දේමය.
ප්‍රථම පාරාජිකසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අටවන ශික්‍ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. මේ ශික්‍ෂාපදයාගේද විස්තරය භික්‍ඛුනොවාදකයෙහි කියන ලද්දේමය.
ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
නවවන ශික්‍ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “පසාඛෙ” නැබින්යට අධඃකායයෙහි, අධඃකාය වනාහි යම්හෙයකින් වෘක්‍ෂ ශාඛාවක මෙන් දෙකලවය බෙදී එයින් ගියෝද එහෙයින් පසාඛයි කියනු ලැබේ.
“භින්‍දා” යනාදිතන්හි ඉදින් ‘බිඳුව, පලව’යි සියල්ල අණවාද ඇණවුම් ලද හෙතෙමේද, එසේම කෙරේද, ඇණවීම නිමිතිකොට දුක්කට සයටද පාචිත්තිය සයටද පැමිණේ. එතකුදු වුවත් ‘උපාසක’ මෙහි යම් කිසිවක් කටයුතුද, ඒ සියල්ල කරව’යි මෙසේ අණවාද, හෙතෙමේද සියලුම බිඳීම් ආදිය කෙරේද, එක් වචනයකින් දුක්කට සයක්ද පාචිත්තිය සයෙක්දැ ඇවැත් දොළොසෙක් වේ. ඉදින් වනාහි බිඳීම් ආදියෙහි එකක්ම කියා ‘මෙය කරව’යි අණවාද, හෙතෙමේද සියල්ල කෙරේද, යමක් අණවන ලදද එයම කිරීම නිමිතිකොට පාචිත්තිය වේ. සෙසුතන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.