සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - සියල්ල නග්න වර්ගයෙහි අගාරික ශික්ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය. මේ වනාහි විශේෂය වේ. එය ෂඩ්සමුත්ථානිකය. මෙය සහත්ථායි කියූ බැවින් එළකලොමසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සවන ශික්ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “පුන පරියායෙන” නැවැත වරෙක්හි “ආපදාසු” මහගි සිවුරක් සිරුරෙන් මුදා මොනවට තැන්පත් කරණලද්ද, සොරු පැහැර ගෙණයෙත්. මෙබඳු ආපදාවන්හි නොනිසදා හඳින්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය.
කඨිනසමුත්ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. කි්රයාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සත්වන ශික්ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “අනිස්සජිත්වා” රැකීම පිණිස නොදී, ‘මේ ආවාසය ගොපනය කරව’යි මෙසේ නොවිචාරා’යි යන අර්ත්ථයි.
“පරියෙසිත්වා න ලභති” පිළිදැගුම් කරන්නියක නොලබයි. “ගිලානාය” වාග්භෙදය කරන්නට අසමර්ත්ථ වූවහුට. “ආපදාසු” රට බිඳෙන කල්හි ආවාසයන් හැරදමා යෙත්. මෙබඳු ආපදාවන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු අනතුරු ශික්ෂාපදය සමානම වෙත්.
අටවන ශික්ෂාපදයයි.
නවවන සිකපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - “බාහිරකං අනත්ථසංහිතං” ඇත්, අස් රිය දුනු කඩු ශිල්ප, පරූපඝාතකරමන්ත්ර- සතුරන් මරණු පිණිස හරදැවින් කළ හුල් ජපකොට පොළොවෙහි සිටුවන මන්ත්ර, වසඟ කරණ මන්ත්ර, වියලවන මන්ත්ර, විසබෙහෙත් යෙදීම් ආදිවාසයෙන් ප්රභෙද වූ අන්හු නසන යමක්. “පරිත්තං” යක්ඛපරිත්ත - නාගමණ්ඩලබන්ධනාදී වසයෙන් ප්රභෙදවූ සියල්ලම වටියි. සෙස්ස ප්රකටමය.
පදසොධම්මසමුත්ථානිකය. වාචායෙන්ද වාචාචිත්තයෙන්ද හටගනියි. කි්රයාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
නවවන ශික්ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “වාචෙය්ය” යන මේ පදය වෙනසි. සෙස්ස සමුත්ථානාදිය සමග නවවන ශික්ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය.
දසවන ඡන්දං අදත්වා ගමන ශික්ෂාපදයයි
පස්වන චිත්තාගාර වර්ගයයි.
6. ආරාමවර්ගය
පළමු සිකපද වර්ණනාව
ආරාම වර්ගය පිළිබඳ ප්රථම ශික්ෂාපදයෙහි - “පරික්ඛෙපං අතික්කාමෙන්තියා උපචාරං ඔක්කමන්තියා” මෙහි පළමු පියෙහි දුක්කටය වේ. දෙවන පියෙහි පාචිත්තිය වේ.
“සීසානුලොකිකා” පළමුව පිවිසෙන මෙහෙණන්ගේ හිස බලමින් පිවිසේද, ඇවැත් නොවේ. “යත්ථ භික්ඛුණියො” යම් තැනෙක්හි මෙහෙණෝ ඉතා පළමුකොට පිවිස හැදෑරීම් සෑවැඳුම් ආදිය කෙරෙත්ද, එහි ඒ මෙහෙණන් වෙතට යෙමියි යෑම වටියි. “ආපදාසු” කිසිවකු විසින් පෙළන ලද්දී වේද, මෙබඳු ආපදාවන්හි පිවිසීම වරදෙක් නොවේ. සෙස්ස ප්රකටමය.
ධුරනික්ෂෙපසමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
පළමුවන ශික්ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්ෂාපදයෙහි - “ආයස්මා කප්පිතකො” මෙතෙමේ ජටිලයන් දහසෙහි ඇතුළත්වූ ස්ථවිර තෙමේය. “සංහරි” සංක්රම කරවීය. “සංහටො” සංක්රම කරවන ලදය. “කාසාවටො” නහවන ලදය. කරනවෑමියෝ සිවුරු හැඳ කර්මාන්ත කෙරෙත්. ඒ සඳහා කීහ. සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දෙවන ශික්ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “අනුසාසනීපුරෙක්ඛරාය” දැනුදු තී බාලය, අව්යක්තය, යනාදිනයින් අනුශාසනී පක්ෂයෙහි සිට කියන්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහු අනතුරු ශික්ෂාපදය හා සමානම වෙත්.
තෙවන ශික්ෂාපදයයි.
සිවුවන සිකපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - සියල්ල ප්රකටමය. චතුස්සමුත්ථානිකය. කායයෙන්ද කායවාචායෙන්ද, කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. නිමන්ත්රණය කරණ ලදුව නොවිචාරා අනුභව කරන්නියට ඇවැත ලැබෙන බැවින් කිසි කලෙක ක්රියාක්රිය සමුත්ථානය වේ. පවරණ ලදුව කැපකරවාද කැප නොකරවාද අනුභව කරන්නියට ඇවැත ලැබෙන බැවින් ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. සචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.