සිවුවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “යාගුං වා” යනාදිතන්හි සහල් කෙටීම ආදිකොට සියලු ප්‍රයොගයන්හි ප්‍රයොග ගණනින් දුක්කටය වේ. කෑයුතු දෑ ආදීන් අතුරෙහි රූප ගණනින් පාචිත්තීහු වෙත්.
“යාගුපානෙ” මිනිසුන් විසින් සඞ්ඝයාට වැඩ පිණිස කරනු ලබන්නාවූ කැඳ බීමෙහි හෝ සඟබතෙහි හෝ ඔවුන්ට සභාග බැවින් යම් කිසිවක් පිසන්නියට ඇවැත් නොවේ. සෑයට පිදීම පිණිස යහලුව සුවඳ ආදියෙන් පුදාද, වටියි. “අත්තනො වෙය්‍යාවච්චකරස්ස” ඉදිනුදු මවුපියෝ එත්ද, යම්කිසි විජනියක් හෝ මුසුන්දණ්ඩක් හෝ කරවා වතාවත් කරන තැන තබාම යම් කිසිවක් කිරීම වටියි. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු තෘතීය ශික්‍ෂාපදය හා සමානම වෙත්.
සිවුවන ශික්‍ෂාපදයයි.
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “අසති අන්තරායෙ” දසවිධ අන්තරාය නැති කල්හි ධුරනික්‍ෂෙපයකොට පසුව විනිශ්චය කරන්නී ඇවතට පැමිණම විනිශ්චය කරයි.
“පරියෙසිත්‍වා න ලභති” යහලු මෙහෙණන් නොලබයි. සෙස්ස ප්‍රකටමය. ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පස්වන ශික්‍ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - සියල්ල නග්න වර්‍ගයෙහි අගාරික ශික්‍ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය. මේ වනාහි විශේෂය වේ. එය ෂඩ්සමුත්‍ථානිකය. මෙය සහත්‍ථායි කියූ බැවින් එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සවන ශික්‍ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහි - “පුන පරියායෙන” නැවැත වරෙක්හි “ආපදාසු” මහගි සිවුරක් සිරුරෙන් මුදා මොනවට තැන්පත් කරණලද්ද, සොරු පැහැර ගෙණයෙත්. මෙබඳු ආපදාවන්හි නොනිසදා හඳින්නියට ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. කි‍්‍රයාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සත්වන ශික්‍ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “අනිස්සජිත්‍වා” රැකීම පිණිස නොදී, ‘මේ ආවාසය ගොපනය කරව’යි මෙසේ නොවිචාරා’යි යන අර්‍ත්‍ථයි.
“පරියෙසිත්‍වා න ලභති” පිළිදැගුම් කරන්නියක නොලබයි. “ගිලානාය” වාග්භෙදය කරන්නට අසමර්‍ත්‍ථ වූවහුට. “ආපදාසු” රට බිඳෙන කල්හි ආවාසයන් හැරදමා යෙත්. මෙබඳු ආපදාවන්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනතුරු ශික්‍ෂාපදය සමානම වෙත්.
අටවන ශික්‍ෂාපදයයි.
නවවන සිකපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “බාහිරකං අනත්‍ථසංහිතං” ඇත්, අස් රිය දුනු කඩු ශිල්ප, පරූපඝාතකරමන්ත්‍ර- සතුරන් මරණු පිණිස හරදැවින් කළ හුල් ජපකොට පොළොවෙහි සිටුවන මන්ත්‍ර, වසඟ කරණ මන්ත්‍ර, වියලවන මන්ත්‍ර, විසබෙහෙත් යෙදීම් ආදිවාසයෙන් ප්‍රභෙද වූ අන්හු නසන යමක්. “පරිත්තං” යක්‍ඛපරිත්ත - නාගමණ්ඩලබන්‍ධනාදී වසයෙන් ප්‍රභෙදවූ සියල්ලම වටියි. සෙස්ස ප්‍රකටමය.