සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. සමනුභාසනසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සවන සිකපදයයි
සත්-අට-නවවැනි සිකපද වර්ණනා
සප්තම-අෂ්ටම-නවම ශික්‍ෂාපදයන්හි සියල්ල ප්‍රකටමය. සියල්ලෝ එළකලොම සමුත්‍ථානිකහය. ක්‍රියසමුත්‍ථානහය. නොසංඥාවිමොක්‍ෂහය. අචිත්තකහය. ප්‍රඥප්තිවද්‍යහය. කායකර්‍මහය. ත්‍රිචිත්තහය. ත්‍රිවෙදනහය.
සත්වන අටවන නවවන ශික්‍ෂාපදයෝය.
දසම සිකපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “ආහුන්‍දරිකා” සම්බාධහය.
“ධුරං නික්‍ඛිත්ත මත්තෙ” ඉදිනුදු ධුරනික්‍ෂෙපය කොට පසුවයේද, ඇවැත්මය යන අර්‍ත්‍ථයි. පවරා පස්යොත්තක් යන්නියට ඇවැත් නොවේ. සයොත්තෙහි කියයුත්තෙක්ම නැත්තේය. ඉදින්වනාහි තුන්යොත්තක් ගොස් ඒ මගින්ම පෙරළා ඒ නම් නොවටියි.
“අන්තරායෙ” දසවිධ අන්තරායෙහි පරතෙර යන්නෙමියි නික්මුනී පිරුණු නදියක් ඉදිරියෙහි ආයේද, සොරු හෝ මාර්‍ගයෙහි වෙත්ද, මෙඝය හෝ නගීද, නැවතීම වටියි. සෙස්ස ප්‍රකටමය. ප්‍රථමපාරාජිකසමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දසවන ශික්‍ෂාපදයයි
චතුර්‍ත්‍ථ තුවට්ට වර්‍ගයයි
5. චිත්තාගාරවර්‍ගය
පළමු සිකපද වර්ණනාව
චිත්තාගාර වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “රාජාගාරං” රජුගේ ක්‍රීඩාගෘහය. “චිත්තාගාරං” ක්‍රීඩාකරන විසිතුරු සාලාවය. “ආරාමං” ක්‍රීඩාකරන සමීපවනය. “උය්‍යානං” ක්‍රීඩාකරන උයනය. “පොක්‍ඛරණීං” ක්‍රීඩාකරන පොකුණය. එහෙයින්ම පදභාජනයෙහි “යත්‍ථ කත්‍ථචි රඤ්ඤො කීළිතුං” යනාදිය වදාරණ ලදී. “දස්සනාය ගච්ඡති ආපත්ති දුක්කටස්ස” මෙහි පියවර ගණනින් දුක්කටය වේ. “යත්‍ථ ඨිතා පස්සති” ඉදින් මෙහි එක්ම තැනක සිටින්නී පිය නොඋදුරමින් ඒ පසම දකීද එක්ම පාචිත්තියක් වේ. ඒ ඒ දිසා කොටස් බලා බලන්නියට වෙන් වෙන් ඇවැත්හු වෙත්. මහණහට වනාහි සියලු තන්හි දුක්කටය වේ.
“ආරාමෙ ඨිතා” ආරාමය තුළ රාජගෘහාදිය කෙරෙත්ද ඒ රාජගෘහාදිය බලන්නියට ඇවැත් නොවේ. “ගච්ඡන්තී වා ආගච්ඡන්තී වා” පිණ්ඩපාතාදිය පිණිස යන්නියට මාර්‍ගයවේද, ඒ රාජගෘහාදිය දකීද, ඇවැත් නොවේ. “සති කරණීයෙ ගනත්‍වා” රජුගේ සමීපයට කිසි කටයුත්තක් හෙතුකොට ගොස් බලාද, ඇවැත් නොවේ. “ආපදාසු” කිසිවකු විසින් පීඩාකරණ ලද්දී පිවිස බලාද ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමු ශික්‍ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - හිඳීමි හොවීම්හි ප්‍රයොග ගණනින් ඇවැත්හු දතයුත්තාහුය. සෙස්ස ප්‍රකටමය.
එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දෙවන ශික්‍ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි “උජ්ජවුජ්ජුවෙ” යම් පමණක් අතින් අඳින ලද්දේ වේද, එපමණ පෙදෙසක් වෙළු කල්හි එක් ඇවැතක් වේ. කැටීමට පෙර කපු සෙවීම් ආදිකොට සියලු ප්‍රයොගයන්හි අත්වර ගණනින් දුක්කට වේ.
“කන්තිතසුත්තං” දාහු ආදිය ගටා කටියි, නොමනාව කටින ලද්දක් හෝ නැවැත කටියි. සෙස්ස ප්‍රකටමය. එළකලොම සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තෙවන ශික්‍ෂාපදයයි
සිවුවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “යාගුං වා” යනාදිතන්හි සහල් කෙටීම ආදිකොට සියලු ප්‍රයොගයන්හි ප්‍රයොග ගණනින් දුක්කටය වේ. කෑයුතු දෑ ආදීන් අතුරෙහි රූප ගණනින් පාචිත්තීහු වෙත්.