දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - එක් ඇතිරිල්ලක්ද එක් පොරෝණයක්ද මේ මෙහෙණන්හටැයි එකත්‍ථපාපුරණා නම්. එසේ මෙසේ ගතහැකිවූ කොඳුපලස් ඇතිරිලි කළාල් ආදීන්ගේ එක් කොනක් අතුරා එක් කොණක් පොරොවා නිදන මෙහෙණන්හට මේ නමෙකි.
“වවත්‍ථානං දස්සෙත්‍වා” මැද සිවුරක් හෝ කතුරුයටක් හෝ යටත් පිරිසයින් කාබානක් නමුදු තබා නිදන මෙහෙණට ඇවැත් නොවේය යන අර්‍ත්‍ථයි. සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දෙවන ශික්‍ෂාපදයයි.
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “උළාරසම්භාවිතා” උදාර කුලයෙන් නික්ම පැවිදිවූ බැවින්ද, ගුණයෙන් උදාර බැවින්ද, උදාරැයි සම්භාවනා කරණ ලද්දාහුය. “ඉස්සාපකතා” ඊර්‍ෂ්‍යාවෙන් අපකෘතවූ මඩින ලද්දාහුය යන අර්‍ත්‍ථයි. දැන්වීම බහුල වූවා මේ මෙහෙණන්ටනුයි. සඤ්ඤත්තිබහුලා නම්. දවස මුළුල්ලෙහි මහජනයා හඟවන්නියෝය යන අර්‍ත්‍ථයි. විනවීම බහුල වූයේ මේ මෙහෙණන්ටනුයි. විඤ්ඤත්තිබහුලා නම්. විඤ්ඤත්ති හෙතුඋදාහරණාදියෙන් නන් නයින් අවබෝධ කරවීමැයි දතයුතුය. ඉල්ලීමැයි නොදතයුතුය.
සක්මනෙහි නැවතීම් ගණනින් ඇවැත් දතයුතුය. “තිට්ඨති වා” යනාදිතන්හි ප්‍රයොග ගණනින්ද, “උද්දිසති වා” යනාදිතන්හි පියවරාදි ගණනින්ද, ඇවැත් දතයුතුය. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන ශික්‍ෂාපදයයි
සතරවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “සති අන්තරායෙ” දසවැදෑරුම් අන්තරාය ඇති කල්හි. “පරියෙසිත්‍වා න ලභති” අන්‍යවූ උපස්ථායිකාවක නොලබයි. “ගිලානාය” ගිලන් මෙහෙණට. “ආපදාසු” එබඳු උවදුරක් ඇතිකල්හි ඇවැත් නොවේ. සෙස්ස ප්‍රකටමය.
ධුරනික්‍ෂෙපසමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සිවුවන ශික්‍ෂාපදයයි
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “අඤ්ඤං ආණාපෙති” මෙහි ඉදින් නික්මවයි අණවන ලද්දී, එක් ප්‍රයොගයකින් බොහෝවූද, ද්වාරයන් ඉක්මවාද එක් ඇවතෙක් වේ. එකල්හි මේ මේ දොරද ඉක්මවාලවයි මෙසේ අණකරණ ලද්දී, ඉක්මවාද දොරගණනින් ආපත්තීහු වෙත්. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
පස්වන ශික්‍ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. සමනුභාසනසමුත්‍ථානිකය. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
සවන සිකපදයයි
සත්-අට-නවවැනි සිකපද වර්ණනා
සප්තම-අෂ්ටම-නවම ශික්‍ෂාපදයන්හි සියල්ල ප්‍රකටමය. සියල්ලෝ එළකලොම සමුත්‍ථානිකහය. ක්‍රියසමුත්‍ථානහය. නොසංඥාවිමොක්‍ෂහය. අචිත්තකහය. ප්‍රඥප්තිවද්‍යහය. කායකර්‍මහය. ත්‍රිචිත්තහය. ත්‍රිවෙදනහය.
සත්වන අටවන නවවන ශික්‍ෂාපදයෝය.
දසම සිකපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “ආහුන්‍දරිකා” සම්බාධහය.
“ධුරං නික්‍ඛිත්ත මත්තෙ” ඉදිනුදු ධුරනික්‍ෂෙපය කොට පසුවයේද, ඇවැත්මය යන අර්‍ත්‍ථයි. පවරා පස්යොත්තක් යන්නියට ඇවැත් නොවේ. සයොත්තෙහි කියයුත්තෙක්ම නැත්තේය. ඉදින්වනාහි තුන්යොත්තක් ගොස් ඒ මගින්ම පෙරළා ඒ නම් නොවටියි.
“අන්තරායෙ” දසවිධ අන්තරායෙහි පරතෙර යන්නෙමියි නික්මුනී පිරුණු නදියක් ඉදිරියෙහි ආයේද, සොරු හෝ මාර්‍ගයෙහි වෙත්ද, මෙඝය හෝ නගීද, නැවතීම වටියි. සෙස්ස ප්‍රකටමය. ප්‍රථමපාරාජිකසමුත්‍ථානිකය. අක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.