2. අන්‍ධකාරවර්‍ගය
පළමුවන සිකපද වර්ණනාව
අන්‍ධකාර වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “අප්පදීපෙ” සඳ හිරු ගිනි යන පහන් අතුරෙහි එකෙකිනුදු ආලොක රහිත තැන. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “අනාලොකෙ”යි වදාරණලදී. “සල්ලපෙය්‍ය වා” ගෘහනිශ්‍රිත කථා කියන්නේය.
“අරහොපෙක්‍ඛා අඤ්ඤවිහිතා” රහසෙහි ආස්වාදාපෙක්‍ෂාවක් නැත්තී රහස් ආස්වාදයෙන් අන්‍යවිහිතවම නෑයකු හෝ විචාරද, දානයෙහි හෝ පූජාවෙහි හෝ මන්ත්‍රණය කෙරේ. සෙස්ස ප්‍රකටමය. ථෙය්‍යසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයි.
පළමුවන ශික්‍ෂාපදයයි
දෙවන සිකපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “පටිච්ඡන්තෙ ඔකාසෙ” මෙපමණක්ම වෙනස් වේ. සෙසු සියල්ල ප්‍රථමශික්‍ෂාපදය සමාන වේ.
දෙවන ශික්‍ෂාපදයයි
තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “අජ්ඣොකාසෙ” යනු වෙනස් වේ. සෙසු සියල්ල එබඳුමය.
තෙවන ශික්‍ෂාපදයයි
සතරවන සිකපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “නිකණ්ණිකං” කන්මුල කියනු ලැබේ. කන්මුල කියන්නේයයි කියන ලද්දේය. “සති කරණීයෙ” ලහබත් ආදිය ගෙණඊම පිණිස, විහාරයෙහි හෝ නොමනාව තැබූවක් තැන්පත් කිරීම පිණිස සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානිදීහු ප්‍රථම ශික්‍ෂාපදය සමානම වෙත්.
සිවුවන ශික්‍ෂාපදයයි
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “ඝරං සෙධෙන්තා” ඔවුන්ට වනාහි මෙබඳු සිතෙක් වූයේය. ‘ස්ථවිරාවගේ කිසි කායිකවාචසික ව්‍යතික්‍රමයෙක් නොදක්නා ලැබේ. ගෙයද පිරිසිදු කරම්හ’යි ඉක්බිති ගේ පිරිසිදු කරන්නාහු ඒ අස්න දුටුවාහුය.
“අනොවස්සකං අතික්කාමෙන්තියා” පළමු පිය ඉක්මවන්නියට දුක්කටය වේ. දෙවන පිය ඉක්මවන්නියට පාචිත්තිය වේ. උපචාරය ඉක්මීමෙහිද මේ නයම වේ.
“ගිලානාය” එබඳු ගිලන් බවෙන් විචාරන්නට නොහැක්කීද, “ආපදාසු” ගෙයි ගිනි හෝ නැගුනේවේද, සොරු හෝ නැගී සිටියාහුද, මෙබඳු උවදුරෙහි නොවිචාරා යන්නීද ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන්ද, කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පස්වන ශික්‍ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “අභිනිසීදෙය්‍ය” හිඳින්නීනම්, හිඳ යන්නියට එක් ඇවැතක් වේ. නොහිඳ නිදා යන්නියට ඇවැත් දෙකක් වේ.
“ධුවපඤ්ඤත්තෙ” මෙහෙණන්ගේ ප්‍රයොජනය පිණිස නිති පනවලද අසුනෙහි. සෙස්ස ප්‍රකටමය. කඨිනසමුත්‍ථානිකය. -පෙ-ත්‍රිවෙදනයි.
සවන ශික්‍ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්‍ෂාපදයෙහිද සියල්ල සවන ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය.
සත්වන ශික්‍ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - සියල්ල ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අටවන ශික්‍ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි - “අභිසපෙය්‍ය” දිවිරීම කරන්නීනම්, ‘නිරයෙන අභිසපති නාම’ නිරයෙහි උපදිමි, අවීචියෙහි උපදිමි, නිරයෙහි උපදීවා, අවීචියෙහි උපදීවා’යි මේ ආදී නයින් ආක්‍රොශ කරන්නීය. “බ්‍රහ්මචරියෙන අභිසපතිනාම” ගිහිනියක් වෙමි, සුදුවත් ඇත්තියක් වෙමි, පරිව්‍රාජිකාවක් වෙමි, අන්‍යවූ හෝ මා වැන්නියක් වේවායි මේ ආදිනයින් ආක්‍රොශ කරන්නීය. මෙහි වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. නිරයද බ්‍රහ්මචර්‍ය්‍යද හැර බැල්ලක්, ඊරියක්, කණියක්, කුණියක් වෙමි’යි මේ ආදී නයින් ආක්‍රොශ කරන්නියට වචනයක් වචනයක් පාසා දුක්කටය වේ.