තෙවන සිකපද වර්ණනාව
තෘතීය ශික්ෂාපදයෙහි - “හන්ද” ගණුව “සයං අච්ඡින්දති” එක් සිවුරක් දී එක් සිවුරක් පැහැර ගන්නියට එක් නිසගියෙක් වේ. බොහෝ පැහැර ගත්කල්හි බොහෝ නිසගීහු වෙත්. ඉදින් අකුලා තබන සිවුරු එකටම පැහැර ගණිත්ද, වස්තු ගණනින් ඇවැත් වේ. බැඳ තැබූ චීවරයන්හි එක්ම ඇවැතක් වේ. සෙස්ස ප්රකටමය.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
තෙවන ශික්ෂාපදයයි.
සතරවන සිකපද වර්ණනාව
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - “කයෙන” මිලයෙන් “න මෙ ආවුසො සප්පිනා අත්ථො තෙලෙන මෙ අත්ථො” මේ වනාහි ඕ තොමේ ගෙණ එනලද ගිතෙල් දී තෙල්ද ගෙන එන්නෙමි’යි සිතන්නී මෙසේ කිවූය. “විඤ්ඤාපෙත්වා” දන්වා ‘මෙනම් දෙය ගෙණ එව’යි ඉල්වා හෝ,
“තඤ්ඤෙව විඤ්ඤාපෙති” යමක් පළමුකොට විනවන ලද්දේද, එය ටිකවේද, නොපොහොනේද, එහෙයින් නැවත ඒ විනවූවක්ම විනවාය යන අර්ත්ථයි. “අඤ්ඤෙඤ්ච විඤ්ඤාපෙති” ඉදින් පළමු කොට ගිතෙල් විනවන ලද්දේද, ගිතෙල් හා තෙල් එක්කොට පිසියයුතු යයි වෙදහු විසින් කියූ බැවින් තෙලෙන් ප්රයොජන වේද, එහෙයින් තෙලෙන්ද මට ප්රයෝජනය’යි කහවණුවකින් ගිතෙල් ගෙනෙන ලද්දේ වේනම්, මේ මිලෙන් දෙගුණයක් තෙල් ලබයි. ඒ තෙලිනුදු මේ කිස නිපදීද, එහෙයින් තෙල් ගෙණ එව’යි මෙසේ අනුසස් දක්වා විනවයි. සෙස්ස ප්රකටමය.
ෂඩ්සමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සිවුවන ශික්ෂාපදයයි.
පස්වන සිකපද වර්ණනාව
පඤ්චම ශික්ෂාපදයෙහි - “න මෙ සික්ඛමානෙ” මේ වනාහි ඒ ථුල්ලනන්දා කුල දුහිතෘ තොමෝ ඒකාන්තයෙන් මෙසේ කියූ මේ කුලුදු තොමෝ මේ තෙල් හැර ගිතෙල්ද මට තමන්ගේ කුලගෙයින් ගෙණෙන්නේයයි සිතමින් කිවූය. “චෙතාපෙත්වා” දන්වාය යන අර්ත්ථයි. සෙස්ස සියලු තන්හි සිවුවන ශික්ෂාපදය සමානමය.
පස්වන ශික්ෂාපදයයි
සවන සිකපද වර්ණනාව
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - “ඡන්දකං” මෙනම් දහම් කිස කරන්නෙමු, යමක් දෙන්නට හැක්කහුද, එය දෙවු’යි මෙසේ අන්හට ඡන්දයද රුචියද උපදවා ගත් පිරිකරට මේ නමෙකි. “අඤ්ඤදත්ථිකෙන” අනිකක්හට ප්රයොජනය පිණිස දෙනලද. “අඤ්ඤුද්දිස්සිකෙන” අනිකක්හු උදෙසා දෙනලද. “සඞ්ඝිකෙන” සඞ්ඝයා හට පරිත්යාග කරණලද.
“සෙසකං උපනෙති” යමක් පිණිස දෙන ලද්දේද. එය මිල කරවා සෙස්ස අනිකක්හු පිණිස එළවයි. “සාමිකෙ අපලොකෙත්වා” තොප විසින් සිවුරු පිණිස දෙන ලද්දේ ද, අපටද සිවුරු ඇත්තේය, තෙල් ආදියෙන් ප්රයෝජන ඇත්තේය’යි මෙසේ විචාරා එළවයි. “ආපදාසු” එබඳු උවදුරුවලදී මෙහෙණෝ වෙහෙර හැරදමා යෙත්ද, මෙබඳු ආපදාවන්හි. යම්බඳු වූවක් හෝ ප්රයොජනද එබඳු වූවක් පරිවර්තනය කරවන්නට වටියි. සෙස්ස ප්රකටමය.
ෂඩ්සමුත්ථානිකය. ක්රියාක්රියසමුත්ථානය. නොසංඥාවිමොක්ෂය. අචිත්තකය. ප්රඥප්තිවද්යය. කායකර්මයි. වාක්කර්මයි. ත්රිචිත්තයි. ත්රිවෙදනයි.
සවන ශික්ෂාපදයයි
සත්වන සිකපද වර්ණනාව
සප්තම ශික්ෂාපදයෙහි - “සඤ්ඤාචිකෙන” තමන් විසින් ඉල්ලාගත් යමකින්. මෙපමණෙක්ම මෙහි වෙනසය. සෙස්ස සවන ශික්ෂාපදය සමානම වේ.
සත්වන ශික්ෂාපදයයි
අටවන සිකපද වර්ණනාව
අෂ්ටම ශික්ෂාපදයෙහි - “මහාජනිකෙන” ගණයකට පරිත්යාග කරණ ලද්දෙන්, මෙපමණෙක්ම මෙහි වෙනස්ය.
අටවන ශික්ෂාපදයයි
නවවන සිකපද වර්ණනාව
නවම ශික්ෂාපදයෙහි - ‘සඤ්ඤාචිකෙන’ මේ පදය මෙයින් ඉතා අධික වේ.
නවවන ශික්ෂාපදයයි
දසවන සිකපද වර්ණනාව
දශම ශික්ෂාපදයෙහි - “පරිවෙණං උද්රියති” පිරිවෙණ වැනසෙන්නේය. ඇද වැටේය යන අර්ත්ථයි. ‘පරිපතති’ යන මේ පදයද ‘පුග්ගලිකෙ සඤ්ඤාචිකෙන’ යන මේ පදයද මෙපමණෙක්ම වෙනසය. සෙස්ස පූර්වය හා සමානම වේ.
දසවන ශික්ෂාපදයයි