2. සඞ්ඝාදිසේසකාණ්ඩය
ප්රථම සඞ්ඝාදිශේෂය වර්ණනාව
පාරාජිකානන්තරස්ස - අයංදානි භවිස්සති,
සඞ්ඝාදිසෙසකණ්ඩස්ස - අනුත්නානත්ථවණ්ණනා
සඞ්ඝාදිසෙසකණ්ඩස්ස - අනුත්නානත්ථවණ්ණනා
පාරාජිකාවන්ට අනතුරුව දැන් සඞ්ඝාදිසෙස කාණ්ඩය පිළිබඳ මේ අප්රකට අර්ත්ථවර්ණනාව වන්නීය.
‘උද්දොසිතං’ බඩුතබන හලය. “මාය්යො එවං අවච” ආර්ය්යය මෙසේ නොකියව. “අපි නාය්ය” කිම, ආර්ය්යය “අච්චාවදථ” ඉක්මවා කියවු. ආක්රොශ කරවුයි කියන ලද්දේ වේ.
“උස්සයවාදිකා” මානොත්සන්න වශයෙන්, ක්රොධොත්සන්න වශයෙන් විවාදකරන්නෟ. යම්හෙයකින් ඕතොමෝ අර්ත්ථහෙයින් යුක්ති කියන්නියක් වන්නීද, එහෙයින් උස්සයවාදිකා නම්. අට්ටකාරිකා වුච්චතීති යුක්ති කියන්නීයයි පදභාජනයෙහි වදාරණ ලදී. මෙහිද “අට්ටො”යි ව්යවහාරික විනිශ්චය කියනු ලැබේ. පැවිදි හෝ යමකට අධිකරණයයි කියත්ද, ඒය. “දුතියං වා පරියෙසති” සාක්ෂියක් හෝ සහායයකු හෝ සොයාද, දුක්කටය වේ. “ගච්ඡති වා” මෙහෙණ අසපුවෙක් හෝ වේවා, පිඩු පිණිස හැසිරෙණ මගෙක් හෝ වේවා, යම්තැනක සිටි මෙහෙණට යුක්ති කරන්නෙමියි සිතෙක් උපදීද, ඉන්පසු විනිසකරුවන්ගේ සමීපයට යන්නියට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. “එකස්ස ආරොචෙති” පැමිණිලි විත්තිකාර දෙජනයන් අතුරෙහි යම්කිසි එකක්හුගේ කථාව ඒ දෙදෙනා අතුරෙහි යම්කිසි එකෙක් විනිසකරුවන්ට සැලකරයි. “දුතියස්ස ආරොචෙති” යන මෙහිද මේනයම වේ.
මේ මතු කියනු ලබන්නී මෙහි නොමුළාබව පිණිස විස්තර කථාය: යම්කිසි තැනක යටත්පිරිසෙයින් මෙහෙණවරට පැමිණි විනිසකරුවන් දැක මෙහෙණ තොමෝ තමන්ගේ කථාව සැලකෙරේද, මෙහෙණට දුක්කටය වේ. උපාසකයෙක් තෙමේ තමන්ගේ කථාව සැලකෙරේද, මෙහෙණට ථුල්ලච්චය වේ. පළමුකොට උපාසක තෙමේ තමන්ගේ කථාව සැලකෙරේනම් මෙහෙණට දුක්කටය වේ. නැවත ඕතොමෝ තමන්ගේ කථාව සැලකරා නම් ථුල්ලච්චය වේ. මෙහෙණ තොමෝ මාගේද තාගේද කථාව තෝම සැලකරවායි උපාසකයාහට කියාද, ඒ උපාසක තෙමේ තමන්ගේ හෝ කථාව පළමුකොට සැලකිරීමෙහි, දුක්කටය වේ. දෙවන සැලකිරීමෙහි ථුල්ලච්චය වේ. උපාසක තෙමේ ‘මාගේද තාගේද කථාව තීම සැලකරවා’යි මෙහෙණට කියාද, මෙහිද මේ නයම වේ.
මෙහෙණතෙමේ කැපකරු ලවා යුක්තිය කියවාද, එහි කැපකරු හෝ මෙහෙණගේ කථාව පළමුකොට සැලකෙරේවා, අන්යයා හෝ තමන්ගේ කථාව කැපකරු හෝ දෙදෙනාගේම කථාව අන්යයා හෝ දෙදෙනාගේම කථාව සැලකෙරේවා, යම් ඒ පරිද්දෙකින් සැලකරණු ලබන කල්හි මෙහෙණට දුක්කටය වේ. දෙවන සැලකිරීම නිමිතිකොට ථුල්ලච්චය වේ. යම් ඒ පරිද්දෙකින් සැලකරණ ලද්ද, දෙදෙනාගේම කථාව අසා, විනිසකරුවන් විසින් විනිශ්චය කළ කල්හි යුක්ති විනිශ්චයෙහි පර්ය්යාවශානය වේ. ඒ විනිශ්චයාගේ කෙළවර මෙහෙණට ජයෙහි ද පරාජයෙහි ද සඞ්ඝාදිසෙසය වේ. ඉදින් වනාහි බොහෝකල් පැවැති අධිකරණයවේද, විනිසකරුවන් විසින් පෙර අසන ලද්දේවේද, එකල්හි ඔවුහු මෙහෙණද යුක්ති කියන්නහුද දැකම තොපට කථාවක් නැත, මේ කරුණ අපි දනුම්හ’යි තුමූම විනිශ්චයකොට දෙත්ද, මෙබඳු විනිශ්චය කෙළවරද මෙහෙණට ඇවැත් නොවේ.
පළමුකොට පැමිණිය යුතු ආපත්තිය මේ ධර්මයටනුයි පඨමාපත්තික නම. ව්යතික්රමණයෙහිම පැමිණිය යුත්තේය යන අර්ත්ථයි. ඒ ප්රථමාපත්තිය ඇති පදභාජනයෙහි වනාහි අදහස පමණක් දක්වන්නට “සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය”යි වදාරණ ලදී. මේ වනාහි මෙහි අර්ත්ථයයි. වස්තුව්යතික්රමණය සමග යම් ධර්මයකට මෙහෙණතොමෝ පැමිණෙන්නීද, තෙවන සමනුභාෂණයෙන් නොපැමිණෙන්නීද මෙය පළමුකොටම වස්තු ව්යතික්රමණය සමග පැමිණිය යුතු බැවින් පඨමාපත්තික වේ. භික්ෂුණී සංඝයා කෙරෙන් පහකෙරේනුයි නිස්සාරණීය නම. ඒ පහකළයුතු පදභාජනයෙහි වනාහි අදහස පමණක් දක්වන්නට “සඞ්ඝමහා නිස්සාරීයති”යි වදාරණ ලදි. එහි යමකට පැමිණි මෙහෙණ තොමෝ භික්ෂුණී සඞ්ඝයා කෙරෙන් පහකරණු ලබානුයි හේ නිස්සාරණීයයි මෙසේ අර්ත්ථය දතයුතුය. ඒ ධර්මය තෙමේම සඞ්ඝයා කෙරෙන් කිසිවකු විසින් පහකරණු නොලබයි. ඒ ධර්මය කරණකොට මෙහෙණ තොමෝ පහකරණු ලැබේද, එහෙයින් පහකෙරේනුයි නිස්සාරණීය නම.
“ආකඩ්ඪියමානා ගච්ඡති” යුක්තිබණන මිනිසුන් විසින් තුමූ හෝ අවුත් දූතයකු හෝ යවා එව’යි කියන ලද්දී විනිසකරුවන්ගේ සමීපයට යේද, ඉන්පසු අට්ටකාරක තෙමේ තමන්ගේ හෝ කථාව පළමුකොට සැලකෙරේවා. මෙහෙණගේ හෝ කථාව පළමුකොට සැලකෙරේවා, පළමු සැලකිරීමෙහි දුක්කටය නොමවේ. දෙවන සැලකිරීමෙහි ථුල්ලච්චය නොවේ. ඉදින් ඇමැතියන් විසින් විනිශ්චය කොට කරණලද යුක්ති කෙළවරද ඇවැත් නොවේමය. ඉදින් අට්ටකාරකතෙමේ ‘මාගේද තීගේද කථාව තීම කියව’යි මෙහෙණට කියානම්, ඒ කරුණ කියන්නියගේද කථාව අසා කරණලද යුක්ති කෙළවරද ඇවැත් නොවේමය.
“රක්ඛං යාචති” දැහැමි රැකුමක් ඉල්ලාද, ඇවැත් නොවේ. දැන්, ඉල්ලූ ආරක්ෂාව යම්සේ දැහැමි වේද, එය දක්වනු පිණිස “අනොදිස්ස ආචික්ඛති”යි කීහ. එහි අතීතය අරබයා නියමකොට කීමෙක් ඇත. නියම නොකොට කීමක් ඇත. අනාගත අරබයාද නියම කොට කීමෙක් ඇත. නියම නොකොට කීමෙක් ඇත.
අතීතය අරබයා නියමකොට කීම කෙසේවේද, යත්: මෙහෙණවරෙහි ගම්දරුවෝ හෝ ධූර්තාදීහු හෝ යම්කිසි කෙනෙක් අනාචාරයෙහි හෝ හැසිරෙත්ද, රුක් හෝ සිඳිත්ද, ඵලාඵල හෝ ගෙණයත්ද, පිරිකර හෝ පැහැර ගණිත්ද, එකල්හි මෙහෙණතොමෝ විනිශ්චය කාරකාමාත්යයන් කරා එළැඹැ ‘අපගේ මෙහෙණවර මේ නම් වැඩක් කරණ ලදැයි කියයි. කවුරුන් විසින්දැ’යි විචාළ කල්හි ‘අසුවලා විසින්, අසුවලා විසින්යි කියයි. අතීතය අරබයා නියමකොට කීම මෙසේවේ. ඕ නොවටියි. එය අසා ඒ විනිසකරුවෝ ඔවුන්ට දඬුවම් කෙරෙත්ද, ඒ සියල්ල මෙහෙණට නයවේ. ‘දඩ ගන්නාහුයයි අදහස ඇති කල්හිද නයමවේ. ඉදින් ‘මොහුට දඩ ගසවු’යි කියාද පස්මස්සක් පමණද දඩ ගත්කල්හි පාරාජිකය වේ.