පළමුවන පාටිදේසනීය ශික්‍ෂාපද වර්ණනාව
පාටිදෙසනියා ධම්මා - ඛුද්දකානං අනන්තරා
ඨපිතා මේ අයන්‍දානි - තෙසං භවති වණ්ණනා
ක්‍ෂුද්‍රක වස්තූන්ට අනතුරුව තබන ලද යම් පාටිදෙසනීය ධර්‍ම කෙනෙක් වෙත්ද, දැන් ඒ පාටදෙසනීයයන්ගේ මේ වර්‍ණනා තොමෝ වන්නීය.
එහි ප්‍රථම පාටිදෙසනීයයෙහි පළමුකොට “පටික්කමනකාලෙ” පිඬු පිණිස හැසිර පෙරළා එන කල්හි. “සබ්බෙව අග්ගහෙසි” සියල්ලම ගත්තේය. “පවෙධෙන්තී” වෙවුලන්නී. “අපෙහි” පහවෙව.
“ගාරය්හං ආවුසො” යනාදිය පිළිදෙසිය යුතු ආකාරය දැක්වීමය. “රථිකා” වීථිය. “බ්‍යුහං” විනිවිද නොගොස් සිටි ගියවුන් විසින් පසු ආයුතු වීථිය “සිඞ්ඝාටකං” සිවුකොණක් හෝ ඇති තුන් කොණක් හෝ ඇති මග එක්වූ තැන. “ඝරං” කුලගෙය මොවුන් අතුරෙහි යම්කිසි තැනක සිට නොනෑමෙහෙණ අතින් යම්කිසි කෑයුත්තක් බිදියයුත්තක් ගන්නා මහණහුට ගැණීම නිමිතිකොට දුක්කටය වේ. අනුභව කිරීම නිමිතිකොට අනුභව කරන පිඬු ගණනින් පාටිදෙසනීයාපත්තිය වේ. ඇත්හල් ආදියෙහිදී ගන්නා මහණහුටද මෙම නයයි. මෙහෙණක් තොමෝ වීථියෙහි සිට දේද, මහණතෙමේ ඇතුළු අරම් ආදියෙහි සිට ගණීද, පාටිදෙසනීයාපත්තිය වන්නීමය. “අන්තරඝරං පවිට්ඨාය”යි කී බැවින් ගමෙහි සිට දෙන මෙහෙණකගේ වසයෙන් මෙහි ආපත්ති තොමෝ දතයුත්තීය. මහණහු සිටිතැන වනාහි පමණ නොවේ. එහෙයින් ඉදින් වීථි ආදියෙහි සිටි මහණ තෙමේ ඇතුළු අරම් ආදියෙහි සිට දෙන මෙහෙණකගේ අතින් ගණීද, ඇවැත් නොවන්නීමය.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය ආහාර පිණිස පිළිගණීද, දුක්කටයට පැමිණීම වේ. “අජ්ඣොහාරෙ අජ්න්‍ධොහාරෙ ආපත්ති දුක්කටස්ස” යන මෙය ආමිසය සමග මිශ්‍ර නොවූ දෙය සඳහා කියනලදී. ආමිසය සමග මිශ්‍ර වූ එක් රසයෙහි පාටිදෙසනීයම වේ. “එකතො උපසම්පන්නාය” මෙහෙණන් වෙත උපසපනියකගේ. මහණුන් වෙත උපසපනියකගේ අතින් පිළිගන්නා මහණහුට යථාවස්තුකම වේ. හෙවත් පාටිදෙසනීයාපත්තිය වේමය.
“දාපෙති න දෙති” නොනෑමෙහෙණක් තොමෝ අන් කිසිවකු ලවා දෙවයි. එය ගන්නා මහණහුට ඇවැත් නොවේ. “උපනික්‍ඛිපිත්‍වා දෙති” අතින් අතට නොදී බිම තබා ‘ආර්‍ය්‍යය’ මෙය ඔබ වහන්සේට දෙමි’යි දේද, මෙසේ දුන් දෙය, ‘මැනැව නැගනියෙනි’යි කියා පිළිගෙණ එම මෙහෙණ ලවා හෝ අන් කිසිවකු ලවා හෝ පිළිගන්වා ගෙණ වැලඳීම වටියි. “සික්‍ඛමානාය සාමණෙරාය” දෙන්නාවූ මේ සික්‍ඛමානා සාමණෙරී යන මොවුන්ගේ අතින් ගන්නා මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමුවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි.
දෙවන පාටිදේසනීය ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “අපසක්ක තාව භගිනි” යනාදිය පහකට යුතු ආකාර දැක්වීමය.
“අත්තනො භත්තං දාපෙති න දෙති” මෙහි ඉදින් මෙහෙණ තමාගේ බත් දේද, මේ ශික්‍ෂාපදයෙන් ඇවැත් නොවේ. පළමු පාටිදෙසනීය ශික්‍ෂාපදයෙන් ඇවැත් වේ. “අඤ්ඤස්ස භත්තං දෙති න දාපෙති” මෙහි ඉදින් දෙවා නම් මේ ශික්‍ෂාපදයෙන් ඇවැත් වන්නීය. දෙන්නියට වනාහි මේ ශික්‍ෂාපදයෙන් ඇවැත් නොවන්නීමය. පළමු ශික්‍ෂාපදයෙන්ද ඇවැත් නොවන්නීය. මෙහි සෙස්ස ප්‍රකටමය. කඨිනසමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දෙවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි
තුන්වැනි පාටිදේසනීය ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “උභතො පසන්නං” උපාසකයා විසින්ද, උපාසිකාව විසින්ද යන දෙදෙන විසින් රතනත්‍රයට පැහැදුනේය. ඒ කුලයෙහි ඒ අඹුසැමි දෙදෙනම සෝවාන් වූවෝමය. “භොගෙන හායති” මෙබඳු කුලය වනාහි අසූකෙළක් ධනය ඇත්තේවේද, භොගයෙන් පිරිහේමය. කුමක් හෙයින, යත්:- යම්හෙයකින් ඒ කුලයෙහි උපාසිකා තොමෝ භොගයක් නොමරක්නීය. උපාසක තෙමේ නොරක්නේය.
“ඝරතො නීහරීත්‍වා දෙන්ති” අසුන්හලට හෝ වෙහෙරට හෝ ගෙණවුත් දෙත්ද, මහණකු නොආකල්හි පළමු කොටම ගෙයින් බැහැර කොට දොරකඩ තබා පසුව පැමිණි මහණහුට දෙත්ද වටියි. මහණකු දැක ගේ තුළින් බැහැර කොට දෙනු ලබන්නක් නොවටීයයි මහාපච්චරියෙහි කියනලදී. මෙහි සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තෙවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි
සතරවැනි පාටිදේසනීය ශික්‍ෂාපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “අවරුද්ධා හොන්ති” ප්‍රතිවිරුද්ධයෝ වෙත්.
“පඤ්චන්නං පටිසංවිදිතං” පස්සහදැහැමියන් අතුරෙහි යම්කිසිවක් යවා කෑ යුත්තක් හෝ බිඳිය යුත්තක් හෝ ගෙන එන්නෙමු’යි පළමුකොට දැන්වීමෙක් කරන ලදද පළමු නොදන්වන ලද්දේමය, යන අර්‍ත්‍ථයි. “ආරාමං ආරාමූපචාරං ඨපෙත්‍වා” අරණ්‍ය සෙනාසනාරාමයද, ඒ ආරාමයාගේ උපචාරයද තබා අතරමගදී උපචාරයෙන් නික්මුනු මහණකු දැක හෝ ගමට ආවකුහට හෝ පළමුකොට දැන්වීමෙක් කරන ලද්දේ ද, පළමුකොට නොදන්වන ලද්දේම වේයයි දතයුතුය. “සචෙ සාසඞ්කං හොති සාසඞ්කන්ති ආචික්‍ඛිතබ්බං” ඉදින් සැකසහිත වේද, සැකසහිතය’යි කියයුත්තේය. කුමක් හෙයින් කියයුත්තේද යත්: ආරාමයෙහි සොරකු වසන කල්හි අපට නොසැලකරත්ය, යන කීමෙන් මිදීම පිණිසය. ‘මිනිස්සු මෙහි සමීපයෙහි හැසිරෙත්’යි සොරහු කියයුත්තාහ. කුමක් හෙයින් කියයුත්තාහුද, යත්: තමන්ගේ උපස්ථායකයන් ලවා අප ගන්වත්ය යන කීමෙන් මිදීම පිණිසය.