ඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “වත්‍ථුං වා ආරොචිතං” චොදකයා විසින්ද චුදිතකයා විසින්ද තම තමන්ගේ කථා තොමෝ කියන ලදද, අනුවිජ්ජක තෙමේ සම්මත කරන ලදද, මෙපමණකින් වස්තුවම සැලකරන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානයි. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දසවන ඡන්‍දං අදත්‍වා ගමන ශික්‍ෂාපදයයි
දබ්බ ශික්‍ෂාපද වර්ණනාව
එකාදශම ශික්‍ෂාපදයෙහි - “යථාමිත්තතා” යහලුකම් ලෙසින් ‘යමෙක් මා සමග මිත්‍රවේනම්, ඔහුට, ඔහුට දෙව’යි කියන ලද්දේ වේ. සියලු පදයන්හි මේ නයවේ. සෙස්ස උජ්ඣාපනකාදි ශික්‍ෂාපදයන්හි කියූ නය ඇති බැවින් ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
එකොළොස්වන දබ්බශික්‍ෂාපදයයි
පරිණාමන ශික්‍ෂාපද වර්ණනාව
ද්වාදශම ශික්‍ෂාපදයෙහි - යමක් කිය යුතුවන්නේද, ඒ සියල්ල තිංසක කාණ්ඩයෙහි පරිණාමන ශික්‍ෂාපදයෙහි කියූ නයමවේ. මේම වනාහි වෙනස වේ. ඒ පරිණාමන ශික්‍ෂාපදයෙහි තමාට පිරිනැමූ බැවින් නිස්සග්ගිය පාචිත්තිය වේ. මේ ශික්‍ෂාපදයෙහිලා පුද්ගලයාහට පිරිනැමූ බැවින් සුද්ධිකපාචිත්තිය වේ.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
දොළොස්වන පරිණාමනශික්‍ෂාපදයයි
වර්‍ණනා ක්‍රමයෙන් අටවැනිවූ සහධාර්මිකවර්‍ගය නිමි.
රාජ වර්‍ගය
රාජන්තෙපුර ශික්‍ෂාපද වර්ණනාව
රාජවර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “ඔරකො” ස්වල්පමාත්‍රය. “උපරි පාසාදවරගතො” ප්‍රාසාදයෙහි මතු මහලට නැංගේ. “අය්‍යානං වාහසා” ආර්‍ය්‍යයන් කරණ කොට, ඒ ආර්‍ය්‍යයන් විසින් දන්වන ලද බැවින් දනිමි’යි කියන ලද්දේ වේ.
“පිතරං පත්‍ථෙති” සිදුරක් දැක නසන්නට කැමැති වේ. “රාජන්තෙපුරංහත්‍ථිසම්මද්දං” යනාදිතන්හි ඇතුන් විසින් කරනලද මැඩීම මෙහි වේය’යි ‘හත්‍ථිසම්මද්ද’ නම. හස්තිසම්බාධය යන අර්‍ත්‍ථයි. “අස්සරථසම්මද්ද” පදයෙහිද මේ නයම වේ. කිසි කෙනෙක් ‘සම්මත’ය හදාරත්. ඒ හැදෑරීම නොගත යුතුය. “රඤ්ඤො අන්තෙපුරෙ හත්‍ථිසම්මද්දං”යි ද පාඨයෙක් වේ. එහි ඇතුන්ගේ මැඩීම ‘හත්‍ථිසම්මද්ද’යි අර්‍ත්‍ථය වේ. රජුගේ අන්තඃපුරයෙහි ඇතුන්ගේ මැඩීම ‘හත්‍ථිසම්මද්ද’යි අර්‍ත්‍ථය වේ. රජුගේ අන්තඃපුරයෙහි ඇතුන්ගේ මැඩීමක් ඇත්තේයයි කියන ලද්දේ. සෙසු පදයන්හිද මෙම නයය. ‘රජනීයානි’ ඒ අන්තඃපුරයෙහි මෙබඳු රූපාදීහුය.
“මුද්ධාවසිත්තස්ස” මුදුනෙහි අභිෂෙක කරනලද. රජතෙමේ මෙයින් නොනික්මුනේයයි අනික්‍ඛන්තරාජක නමි. නොනික්මුනු රජ ඇති යහන්ගෙයි යන අර්‍ත්‍ථයි. මෙහෙසි තොමෝ රතනැයි කියනු ලැබේ. නික්මුනෙ ‘නිභත’ නම. මෙහෙසිය මෙයින් නොනික්මුනී අනීභතරතනය. ඒ නොනික්මුනු මෙහෙසිය ඇති යහන්ගෙයි යන අර්‍ත්‍ථයි. මෙහි සෙස්ස ප්‍රකටමය.
කඨින සමුත්‍ථානිකය. කායවාචායෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාක්‍රිය සමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පළමුවන රාජන්තෙපුර ශික්‍ෂාපදයයි
රතන ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “විස්සරීත්‍වා” තදින් සිහිමුළාවී පුණ්ණපත්තං පූර්‍ණපාත්‍ර නම් සියයෙන් පස්කහවණුය. “ක්‍යාහං කරිස්සාමි” මම කුමක් කරන්නෙම්ද, “ආභරණං ඔමුඤ්චිත්‍වා” නව කෙළක් අගනා මහලිය පලඳනාව ගලවා.
“අන්තෙවාසි” මෙහෙකරුවන්.
“අපරික්‍ඛිත්තස්ස උපචාරො” මෙහි උපචාර නම් ආරාමය පිළිබඳ ලෙඩ්ඩුපාත දෙකෙකි. ආවාසයෙහි වනාහි කුල්ල හෙලූ තැන හේ මෝල හෙලූ තැන හෝ යයි මහාපච්චරියෙහි කියනලදී. “උග්ගණ්හාති ආපත්ති පාචිත්තියස්ස” මෙහි රන්රිදී මසු කහවණු තමන්ගේ ප්‍රයොජනය පිණිස ගන්නා මහණහුට හා ගන්වන මහණහුටද නිස්සග්ගියපාචිත්තිය වේ. සඞ්ඝ ගණ පුද්ගල චෛත්‍යනවකර්‍මාන්ත පිණිස ගන්නා මහණහුට දුක්කටය වේ. කප්පිය වස්තුවක් හෝ වේවා, අකප්පිය වස්තුවක් හෝ වේවා. යටත්පිරිසෙයින් මවුගේ කන්පලඳනාවක් හෝ ගිහියන් සතුවූ තල්පතක් හෝ භාණ්ඩාගාරික ශීර්‍ෂයෙන් රක්නා මහණහුට පාචිත්තියම වේ.