උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපද වර්ණනාව
නවම ශික්‍ෂාපදයෙහි- “අකටානුධම්මෙන” ඇවැත නොදැක්මෙහි හෝ පැමිණි ඇවැත සඳහා පිළියම් නොකිරීමෙහි හෝ ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි හෝ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘ ශාසනයෙන් උත්ක්‍ෂෙපණීය කර්‍මයෙන් බැහැර කරන ලද්දහුගේ අනුලොම්වත දැක කළ ඇතුළත් කිරීම අනුධර්‍මැයි කියනු ලැබේ. ඒ (ඇතුළත් කිරීමයි කියූ) ඔසරණාසඞ්ඛ්‍යාත අනුධර්‍මය තෙමේ යමක්හට නොකරන ලද්දේ ද, මෙතෙමේ නොකළ ඔසාරණය ඇත්තේ නම. එබන්දකු සමග යන අර්‍ත්‍ථයි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “අකටානුධම්මො නාම උක්‍ඛිත්තො අනොසාරිතො”යි වදාරන ලදී.
“දෙති වා පතිගණාති වා” එක් ප්‍රයොගයකින් බොහෝ ආමිස දෙන මහණහුටද, ගන්නහුටද එක් පාචිත්තියක් වේ. කඩ කඩකොට දෙන්නහුටද ගන්නහුටද යථොක්තදෘෂ්ටිය නොහළ බැවින් සමනුභාෂණ කර්‍මය කළ මහණහු සමග ගනුදෙනු කරන ප්‍රයොග ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. මෙහි සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
නවවන උක්‍ඛිත්තසම්භොග ශික්‍ෂාපදයයි
කණ්ටක ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - “දිට්ඨිගතං උප්පන්නං” අරිෂ්ට මහණහුට මෙන් නුනුවණින් ඉල්පෙන්නාවූ මේ කණ්ටක හෙරණහුටද ලාමක දෘෂ්ටියක් උපන. “නාසෙතු” මෙහි වාසනා තොමෝ සංවාසනාසනා ලිඞ්ගනාසනා දණ්ඩකම්මනාසනායි තෙවැදෑරුම් වන්නීය. එහි ඇවැත් නොදැකීම් ආදිය නිමිති කොට කරන උත්ක්‍ෂෙපණා තොමෝ සංවාසනාසනා නම. ‘දූෂක තෙමේ නැසිය යුතුය, මෙත්තියා භික්‍ෂුණිය නසවුයි ලිඞ්ගනාසනා නම. ‘ඇවැත’ සමණුද්දෙස, තා විසින් අද පටන් ඒ භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘහුයි නොම කියයුතුයි, යන මේ දණ්ඩකම්මනාසනා නම. මෙහි මේ දණ්ඩකම්ම නාසනා තොමෝ අදහස් කරන ලදී. එහෙයින් “එවඤ්ච පන භික්‍ඛවෙ නාසෙතබ්බො -පෙ- විනස්ස”යි වදාළ සේක. එහි “චර” යනු ‘යව’ යන අර්‍ත්‍ථයි. “පරෙ” යනු පහවයව, මෙහි නොසිටුව. මමත්‍වය නැත්ත, “විනස්ස” නැසෙව. යම් තැනක ගියහු නොදක්නෙමුද එහි යව.
“උපලාපෙය්‍ය” සිවුරු ආදිය හා උද්දෙස පරිපුච්ඡාදිය දීමෙන් නලවන්නේය. “උපට්ඨාපෙය්‍ය” ඒ හෙරණහු ලවා තමාට උපස්ථාන කරවා ගන්නේය. සෙස්ස සමුත්‍ථානාදිය සමග අරිට්ඨ ශික්‍ෂාපදයෙහි කී නයින්ම දතයුතුය.
දසවන කණ්ටක ශික්‍ෂාපදයයි
වර්‍ණනා ක්‍රමයෙන් සත්වැනිවූ සප්‍රාණකවර්‍ගය නිමි.
සහධම්මික වර්‍ගය
සහධම්මික ශික්‍ෂාපද වර්ණනාව
සහධාර්මික වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “එතස්මිං සික්‍ඛාපදෙ” මේ ශික්‍ෂාපදයෙහි යමක් කියන ලද්දේ ද, එහි ඒතාක් නොහික්මෙන්නෙමි. “ආපත්ති පාචිත්තියස්ස” මෙහි වනාහි වචනයක් වචනයක් පාසා ඇවැත් දතයුතුය. “සික්‍ඛමානෙන භික්‍ඛවෙ භික්‍ඛුනා” අවවාදය විසින් පිළිගෙන හික්මෙනු කැමැතියකුම වී දැනගත යුත්තේද වේ. විචාරිය යුත්තේද වේ. පරීක්‍ෂා කටයුතුද වේ. මෙහි සෙස්ස දුබ්බච ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම පදාර්‍ත්‍ථ වශයෙන් දතයුතුය. විනිශ්චය වශයෙන් ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනය.
පළමුවන සහධාර්මික ශික්‍ෂාපදයයි.
විලේඛන ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “විනයකථං කථෙති” විනයකථා නම් කප්පිය අකප්පිය ආපත්ති අනාපත්ති සංවර පහාණ යන මෙයින් යුක්තකථාය. ඒ විනයකථාව කියයි. “විනයස්ස වණ්ණං භාසති” විනය පිළිබඳ වර්‍ණනා නම් පස්වැදෑරුම්වූද, සත්වැදෑරුම්වූද, ආපත්තිස්කන්‍ධයන්ගේ වසයෙන් මාතෘකා තබා පදභාජනයෙන් වර්‍ණනා කිරීමය. එය කියයි. “විනයපරියත්තියා වණ්ණං භාසති” විනය පුහුණු කරන්නවුන්ගේ විනය පර්‍ය්‍යාප්තිය මුල්කොට සිටි වර්‍ණනාව ගුණය ආනිසංසය කියයි. විනයධර තෙමේ වනාහි විනයපර්‍ය්‍යාප්තිය මුල්කොට අනුසස් පසක් අනුසස් සයක් අනුසස් සතක්, අනුසස් අටක්, අනුසස් නවයක්, අනුසස් දසයක්, අනුසස් එකොළොසක් ලබයි. ඒ සියලු අනුසස් කියාය යන අර්‍ත්‍ථයි. කවර නම් පස් අනුසයක් ලබාද, යත්:- තමාගේ ශීලස්කන්‍ධගොපනාදී වූ පස් අනුසසක් ලබයි.