අඞ්ගුලිපතෝදක ශික්‍ෂාපද වර්ණනාව
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “අඞ්ගුලිපතොදකෙ” ඇඟිලිවලින් කිහිලි ආදිය ගැටීම කියනු ලැබේ. “උත්තයන්නො” සිනහයෙන් ක්ලාන්තවෙමින් “අනස්සාසකො” සිඳීගිය ආශ්වාස ප්‍රශ්වාස සංචාරය ඇත්තෙක්ව “අනුපසම්පන්නතං කායෙන කායං” මෙහි මෙහෙණද අනුපසම්පන්න ස්ථානයෙහි සිටියා ඒ මෙහෙණද ක්‍රීඩාද්ධ්‍යාසයෙන් ස්පර්‍ශ කරන මහණහුට දුක්කටය වේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
ප්‍රථම පාරාජික සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශල චිත්තයි. ද්විවෙදනයි.
දෙවන අඞ්ගුලිපතොදක ශික්‍ෂාපදයයි
හස්සධම්ම ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “අප්පකතඤ්ඤුනො” භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් කරන ලද්දේ ද, පනවන ලද්දේ ද, එය නොදනිත්ය යන අර්‍ත්‍ථයි.
“උදකෙ හස්සධම්මෙ” දියකෙළිය කියනු ලැබේ. “උපරිගොප්ඵකෙ” ගොප්ඇට පිළිබඳ මතුකොටස් පමණෙහි. “හස්සාධිප්පායො” ක්‍රීඩාද්ධ්‍යාසය ඇත්තේ. “නිමුජ්ජති වා” යනාදිතන්හි ගිලීම පිණිස දියට බසින්නහුට පියවරක් පියවරක් පාසා දුක්කටය වේ. ගොප්ඇටින් මතුභාගප්‍රමාණ ජලයෙහි කෙළීමෙහි අදහස් ඇතිව ගිලීම් ඉපිලීම්හි ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. දියෙහි ගිලී දිය තුළම යන මහණහුට හස්තවාර පදවාරයන්හි සියලු තන්හි පාචිත්තිය වේ. “පිලවති” පීනයි අත්වලින් පීනන්නහු අත්වරෙක්හි අත්වරෙක්හි පාචිත්තිය වේ. පා වාරයන්හිද මේ නයමවේ. යම් යම් අවයවයකින් පීනාද, ඒ ඒ අවයවයාගේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. ඉවුරෙන් හෝ රුකකින් හෝ දියට පනීද, පාචිත්තියම වේ. “නාවාය කීළති” පලුපන් රිටි ආදියෙන් නැව පදිමිත් හෝ ඉවුරට නගමින් හෝ නැවෙහි ක්‍රීඩා කෙරේද, දුක්කටය වේ.
“හත්‍ථෙන වා” යනාදි තන්හිද ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ. අභයගිරිවාසීහු අතින් දියෙහි දැමු කැබලිත්තක පතනොත්පතනවාරයන්හි දුක්කටය කියත්. එය නොගතයුතුය. එහි වනාහි එක් ප්‍රයොගය බැවින් එක්ම දුක්කටය වේ. තවද ගොප් ඇටින් මතුවෙහි කියූ ඉපිලීම් ආදිය හැර යම්කිසි අන් අයුරකින් දියට බැස හෝ නොබැස හෝ යම් තැනක තුබූ දියක් යටත් පිරිසයින් බින්දුවක් ගෙණ හෙළන ක්‍රීඩාවෙන්ද ක්‍රීඩා කරන මහණහුට දුක්කටයම වේ. අර්‍ත්‍ථ ප්‍රකාශ කරන අකුරු ලිවීම වටියි. මේ මෙහි විනිශ්චයයි. සෙස්ස ප්‍රකටමය.
ප්‍රථම පාරාජික සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයි.
තෙවන හස්සධම්ම ශික්‍ෂාපදයයි
අනාදරිය ශික්‍ෂාපද වර්ණනාව
චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “කථායං නස්සෙය්‍ය” මේ ධර්‍මය මේ තන්තිය මේ ප්‍රවේණිය කෙසේ නෑසෙන්නේද, “තං වා න සික්‍ඛිතුකාමො” යමකු විසින් පනවනලද ශික්‍ෂාපදයෙන් කියනු ලැබේද, ඒ පැනවූ ශික්‍ෂාපදයෙහි නොහික්මෙනු කැමැත්තේ. “අප්පඤ්ඤත්තෙන” සූත්‍රයෙහි හෝ අභිධර්‍මයෙහි හෝ ආ කරුණකින්
“එවං අම්හාකං ආචරීයානං උග්ගහො” මෙහි ගැරහිය යුතු ආචාර්‍ය්‍යයන්ගේ උද්ග්‍රහණය නොගත යුතුය. ප්‍රවෙණියෙන් පැමිණි, ආචාර්‍ය්‍යයන්ගේ උද්ග්‍රහණයම ගතයුතුය. කුරුන්‍දියෙහි වනාහි ලොකවද්‍ය ශික්‍ෂාපදයෙහි ආචාර්‍ය්‍යවාදය නොවටනේය. ප්‍රඥප්තිවද්‍ය ශික්‍ෂාපදයෙහි වනාහි වටීයයි කියනලදී. මහාපච්චරියෙහි සූත්‍රය සූත්‍රානුලොම සඞ්ඛ්‍යාත අර්‍ත්‍ථකථාව උගන්නාවූම ඇදුරන්ගේ උද්ග්‍රහණය ප්‍රමාණය, නොදන්නාවුන්ගේ කථා පමණ නොවේයයි කියන ලදී. ඒ සියල්ල ප්‍රවෙණියෙන් පැමිණියේ සමොධානයට යන්නේය. සෙස්ස ප්‍රකටමය.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද, වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.
සිවුවන අනාදරිය ශික්‍ෂාපදයයි.
භිංසාපනක ශික්‍ෂාපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි - රූපූපහාරාදීහු මනුෂ්‍යවිග්‍රහයෙහි කියූ නයින්ම දතයුත්තාහ. සෙස්ස ප්‍රකටමය. සමුත්‍ථානාදීහු අනාදරිය ශික්‍ෂාපදය හා සමානයෝමය.
පස්වන භිංසාපන ශික්‍ෂාපදයයි
ජෝති ශික්‍ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “භග්ගා” යනු දනව්වට නමෙකි. “සුංසුමාර ගිරං” යනු නුවරට නමෙකි. “භෙසකලාවනං” ඒ නුවර ඇසුරු කළ වනයට නමෙකි. ඒ වනය වනාහි මෘගයන්ගේ පහසුවිහරණය පිණිස හුන් බැවින් මිගදායයි කියනු ලැබේ. “සමාදහිත්‍වා” ගිනි දල්වා “පරිපාතෙසි” ලුහුබැන්දේය. “සයං සමාදහති” මෙහි නොගිලන්ව එබඳු වැඩක් නැතිව ගිනි දල්වනු කැමැති බැවින් ගිනිගානා දණ්ඩ තැබීම පටන් යම්තාක් ගිනිදැල් නොනගීද, ඒතාක් සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ.
“පදීපෙ පි” පහන් දැල්වීමෙහි “ජොතිකෙපි” පා පිසීම් ඩහගැන්වීම් කර්‍මාදියෙහි ගිනි දැල්වීමෙහි “තථාරූපප්පච්චයා” පහන් දැල්වීම් ආදි ප්‍රත්‍යයයෙන්