උය්‍යෝජන ශික්‍ෂාපද වර්ණනාව
ද්වීතීය ශික්‍ෂාපදයෙහි - “පටික්කමනෙපි” අසුන්හලෙහිද, “භත්තවිස්සග්ගං” බත් කිසට. “න සම්භාවෙසි” නොපැමිණියේය.
“අනාචාරං” උක්තාවශෙෂ කායවචීද්වාර ව්‍යතික්‍රමය. “දස්සනූපචාරංවා සවණූපචාරං වා විජහන්තස්ස” මෙහි ඉදින් සිටියේ හෝ හුන්නේ හෝ හරීද. යමෙක් යවන ලද්දේ ද, හෙතෙමේ හරියි. ඔහුටද, ඇවතක් නම් නැත. ඔහු හරින කල්හි අර්‍ත්‍ථ වශයෙන් අනිකා විසින් හරින ලද්දේම වේ. එහෙයින් යමෙක් යවාද ඔහුටම මේ ඇවත වේ. ඉදින් එහි උපචාරය තුළ එක් පයක් වේද, දුක්කටය වේ. සීමාව ඉක්මීම නිමිතිකොට පාචිත්තිය වේ. මෙහිද දර්‍ශනොපචාරය පිළිබඳ අභ්‍යවකාශයෙහි දොළොස් රියනක් පමණ වේ. ශ්‍රවණොපචාරය පිළිබඳවද එසේය. ඉදින් අතර බිතුදොර පවුරු ආදීහු වෙත්ද, ඔවුන් විසින් අතර කරන ලද බව ඔවුන්ගෙන් වෙන්වූ බව දර්‍ශනොපචාරයාගේ ඉක්මීම වේ. ඒ දර්‍ශනොපචාරය ඉක්වීම් වසයෙන් ඇවැත දතයුතුය. “න අඤ්ඤො කොචි පච්චයො හොති” පෙළෙහි කියූ අයුරු ඇති අනාචාරය හැර අන් කිසි කරුණක් නොවේ.
“කලිසාසනං ආරොපෙති” ‘කලි’ යනු ක්‍රොධයයි. ඔහුට අස්නක් ආරොපණය කරයි. ක්‍රොධයාගේ අණ නගයි. ක්‍රොධ වශයෙන් සිටීම් හිඳීම් ආදියෙහි දොස් දක්වා, ‘පින්වන්ති’ මොහුගේ සිටීම බලවු, හිඳීම බලවු, ඉදිරි බැලීම පසුබැලීම බලවු, කණුවක් මෙන් සිටියි. බල්ලකු මෙන් හිඳියි. වඳුරකු මෙන් එහා මෙහා බලයි. මෙසේ අමනාප වචන කියයි. ‘මොහු හාද පෙළුනේ වන්නේය. යන්නේ නම් මැනැවැ’යි (යවයි) සෙස්ස ප්‍රකටයමය.
ත්‍රිසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද, වාචාචිත්තයෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. ත්‍රිවෙදනයයි.
දෙවන උය්‍යෙජන ශික්‍ෂාපදයයි
සභෝජන ශික්‍ෂාපද වර්ණනාව
තෘතීය ශික්‍ෂාපදයෙහි - “සයනීඝරෙ” නිදන ගෙයි. “යතො අය්‍යස්ස භික්‍ඛා දින්නා” යම්හෙයකින් භික්‍ෂාව දෙන ලද්දී ද, එහෙයින් ආවහු විසින් යමක් ලැබිය යුතුද, එය ඔබවහන්සේ විසින් ලද්දේය. වඩිනු මැනව, යන අදහස්ය. “පරියුට්ඨිතො” රාගයෙන් මැඩුනු සිතැත්තේය. මෙවුන්දම්හි අදහස් ඇත්තේය යන අර්‍ත්‍ථයි.
“සභොජනෙ” ස්ත්‍රී පුරුෂ දෙදෙනකු සමගනුයි සභොජනම නමි. ඒ සභොජනයෙහි නොහොත් ‘සභොජනෙ’ සංභොගය ඇති. රාගයෙන් මැඩුනු සිතැති පුරුෂයාහට ස්ත්‍රිය භොග්‍යය වේ. එබඳු සිතැති ස්ත්‍රියටද පුරුෂ තෙමේ භොග්‍යය වේ. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “ඉත්‍ථි චෙව හොති පුරාසො ච” යනාදිය වදාරන ලදය. “මහල්ලකෙ ඝරෙ” පුළුලින් පස්රියනට වැඩි නිදන ගෙහි. “පිට්ඨසඞ්ඝයාටස්සහත්‍ථපාසං විජහිත්‍වා” ඒ නිදනගෙයි ගැබෙහි යම් දොරබාවෙක් වේද, ඒ දොරබාවගේ අත්පස හැර ඇතුළත යහනට සමීප තැනක හිඳීය යන අර්‍ත්‍ථයි. මෙබඳුවූද, නිදනගෙය මහාචතුස්සාලාදියෙහි වේ. “පිට්ඨිවංසං අතිත්කමිත්‍වා” මෙයින් ගෙමැද ඉක්මීම දක්වයි. එහෙයින් යම් ඒ ලෙසකින් තුළ කුඩා නිදනගෙයි මැද ඉක්මීමෙහිදී. ඇවැත් දතයුතුය. මෙහි සෙස්ස ප්‍රකටමය.
ප්‍රථම පාරාජිකසමුත්‍ථානිකය, ක්‍රියාසමුත්‍ථානය, සංඥාවිමොක්‍ෂය, සචිත්තකය, ලොකවද්‍යය, කායකර්‍මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයි.
තෙවන සභොජන ශික්‍ෂාපදයයි
චතුර්‍ත්‍ථ පඤ්චම ශික්‍ෂාපදයන්හි යමක් කියයුතු වන්නේද, ඒ සියල්ල අනියත දෙක්හි කියූ නයමය. සභොජන ශික්‍ෂාපදය යම් සේද, මෙසේ මොවුහුද, ප්‍රථම පාරාජික සමුත්‍ථානිකයෝමය.
චාරිත්ත ශික්‍ෂාපද වර්ණනාව
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි “දෙථාවුසො භත්තං” මෙහි ඒ බත එළවන ලද්දේ වේ. එහෙයින් නිමන්ත්‍රණය ලද භික්‍ෂූහු මෙසේ කීහ. නොඑළවූ කල්හි වනාහි මෙසේ කියන්නට නොලබයි. පයුත්තවාචා වේ.
“තෙනහි භික්‍ඛවෙ පටිග්ගහෙත්‍වා නික්‍ඛිපථ” මේ වනාහි භාග්‍යවතුන් වහන්සේ කුලයාගේ ශ්‍රද්ධාව රකිනු පිණිස වදාළ සේක. ‘ඉදින් බෙදා ගෙණ කවු’යි වදාරන්නාහු නම්, මිනිසුන්ගේ පැහැදීමෙහි වෙනස්බවෙක් වන්නේය. “උස්සාදියිත්‍ථ” පෙරළාගෙන ගියහ. එය ගෙණ ගෙටම ගියහයි කියන ලද්දේ වේ.
“සන්තං භික්‍ඛුං” මෙහි කොපමණකින් විද්‍යමාන වේද, කොපමණකින් අවිද්‍යමාන වේද, යත්: වෙහෙර තුළ යම්තැනක සිටියනුට කුලයන් පයිරූපාසනයෙහි හිතක් උපන්නේද, එතැන් පටන් පසෙක හෝ ඉදිරිපිට හෝ යමකු දකීද, යමක්හට දොළොස් රියන් තුළ සිටියහුට අසන්නට හැකි වූ ප්‍රකෘති වචනයෙන් ආරොචනය කරන්නට හැකිවේද, මෙතෙමේ විද්‍යමාන නම්වේ. එහා මෙහාද සොයා ආරොචන කෘත්‍යයක් නම් නැත්තේය. යමෙක් තෙමේ සෙවිය යුත්තේද, හෙතෙමේ අවිද්‍යමාන නම්වේ: තවද, උපචාර සීමාව තුල මහණකු දැක විචාරන්නෙමියි ගොස් එහිදී යමකු දකීද, හෙතෙමේ ‘අහං ඉත්‍ථන්නාමස්ස ඝරං ගච්ඡාමි’යි හෝ ‘චාරිත්තං ආපජ්ජාමි’යි හෝ මෙබඳු වචනයෙන් විචාළ යුතුය. ඉදින් නොදකී නම් අවිද්‍යාමාන මහණකු නොවිචාරා පිවිසියේ නම්වේ.