දන්තපොන ශික්‍ෂාපද වර්ණනාව
දශම ශික්‍ෂාපදයෙහි - සිවුපසයෙහි යටත් පිරිසයින් දැහැටිද යන සියල්ල පංසුකූලික වූයේම මෝහටනුයි සබ්බපංසුකූලික නම. හෙතෙමේ වනාහි සොහොනෙහි දැමු බඳුනක්ම පාත්‍රය කොට, එහි දැමු රෙදිකෑලිවලින්ම සිවුරක් කොට, එහි දැමූ ඇඳපුටුම ගෙණ පරිභොග කරයි. “අය්‍යවොසාටිකතානි” යන මෙහි කලුරිය කළ පියානන් හා මුත්තනුවෝ අය්‍යයි කියනු ලැබෙත්. ඔවුන් පිණිස සොහොන් ආදියෙහි දැමූ කෑයුතු දැය හා බිදියයුතු දැය වොසාටිකතානි කියනු ලැබෙත්. මිනිස්සු කලුරිය කළ නෑයන් උදෙසා දිවි සහිත කාලයෙහි ඔවුන්ට යමක් ප්‍රිය වේද, ඒ ප්‍රිය දෙය මේ සොහොන් ආදියෙහි පිඩු පිඩු කොට ‘අපගේ නෑයෝ අනුභව කෙරෙත්වා’යි තබත්. ඒ මහණ තෙමේ එය ගෙණ අනුභව කරයි. දෙනු ලබන ප්‍රණීතවූද අනිකක් නොකැමැති වේ. “සුසානෙපි රුක්‍ඛමූලෙපි උම්මාරෙපි අය්‍යවොසාටිකතානි සාමං ගහෙත්‍වා පරිභුඤ්ජති”යි එහෙයින් කියනලදී. “ථෙරො” ස්ථිරය. ඝන වූ මසින් බැඳුනේය. “වඨරො” තරය. තරවූද ඝනසරීර ඇත්තාවූද, මේ මහණැයි කියන ලද්දේ වේ. “මනුස්සමංසං මඤ්ඤෙ ඛාදති” ඒ මහණහු මිනීමස් කාය’යි සලකම්හ. මිනීමස් කන්නෝ මෙබන්දෝ වෙත්යි. ඒ සොහොනෙහි හැසිරෙන ඒ මහණහු දුටුවන්ගේ මේ අදහස වේ.
“උදකදන්තපොනෙ කුක්කුච්චායන්ති” යන මෙහි ඒ භික්‍ෂූහු මිනිසුන් විසින් සොහොනෙහි දැමූ බොජුන් ගෙන අනුභව කළ කරුණු සඳහා පනවනලද ශික්‍ෂාපදයෙහි “අදින්නං මුඛද්වාර ආහාරං ආහරෙය්‍ය” යන මේ පදයෙහි අර්‍ත්‍ථය මනාකොට නොසලකා කුකුස් කළහ. භාග්‍යවතුන් වහන්සේ වනාහි උපන් වස්තු වශයෙන් දරුවන් කෙරෙහි පියකු මෙන් ඒ මහණුන්ට හඟවමින් අනුප්‍රඥප්තිය තැබූ සේක.
“අදින්නං” කයින් හෝ කයපිළිබැදියකින් හෝ ගන්නා මහණහුට කායපටිබද්ධනිස්සග්ගියන්ගෙන් එක්තරා එකක්හුගේ වසයෙන් නොදෙන ලද්දය. මේ නොදුන් දෙය සඳහාම පදභාජනයෙහි “අදින්නං නාම අපටිග්ගහිතකං වුච්චති”යි වදාරනලදී. දෙවන පරිජි සිකපදයෙහි වනාහි “අදින්නං නාම පරපරිග්ගහිතකං වුච්චති”යි වදාළසේක. “දින්නං” යන මේ පදය ඒ නොදුන් දෙයට ප්‍රතිපක්‍ෂ වශයෙන් ලක්‍ෂණ දැක්වීම පිණිස නිර්‍දෙශයෙහි මොහු පිළිබඳ ‘කයින් හෝ කයපිළිබැදියකින් හෝ බැහැරලූවකින් හෝ දෙත්’යි උදුරා දක්වන ලදී. මෙසේ අනිකක් දෙන කල්හි “හත්‍ථපාසෙ ඨිතො කායෙන වා කායපටිබද්ධෙන වා පතිගණාති”යි මෙසේ දෙනු ලබන එය යටත් පිරිසයින් රථරෙණුවක් නමුදු ඉදින් පෙර කියූ ලක්‍ෂණ ඇති අත්පයෙහි සිටියේ කයින් හෝ කායපිළිබැදියකින් හෝ පිළිගණීද, මෙසේ මෙය පිළිගන්නා ලද්දේ නම් දෙන ලද්දේ නමැයි කියනු ලැබේ. ‘මෙය ගණුව, මෙය නුඹට වේවා’යි නොදෙන ලද්දෙක් නොවේ.
එහි “කායෙන වා” අත් ආදීන් අතුරෙහි යම්කිසි ශරීරාවයවයකින්, යටත් පිරිසෙයින් පය ඇඟිල්ලෙන් නමුදු දෙනු ලබන්න කයින් දෙන ලද්දේ නම්වේ. පිළිගැනීමෙහිද මේ නයවේ. යම්කිසි ශරීරාවයවයකින්ම ගන්නා ලද්දේ ද, කයින් ගන්නා ලද්දේම වේ. ඉදිනුදු නස්‍යය පිණිස තැනු යුගපිලාවෙන් දෙනුලබන තෙල නාසා පුටයෙන් නොහොත් මුඛයෙන් ගිලනෙක්වම මුඛයෙන් පිළිගණීද, ආභොග මාත්‍රයෙන්ම මෙහි ප්‍රමාණය. මේ නය, මහාපච්චරියෙහි කියන ලද්දේය. “කායපටිබද්ධෙන” හැඳි ආදීන් අතුරෙහි යම්කිසි උපකරණයකින් දෙන ලද්දේ ද කයපිළිබැඳියෙන් දෙන ලද්දේනම් වේ. පිළිගැණීමෙහිද මේ නයමවේ. සිරුර පිළිබඳ වූ යම්කිසි පාත්‍ර තලු ආදියකින් ගන්නා ලද්දේ ද, කය පිළිබැඳියෙන් ගන්නා ලද්දේම වේ. “නිස්සග්ගියෙන” කයින්ද කයපිළිබැඳියෙන්ද මුදා අත්පස සිටියහුගේ කයින් හෝ කය පිළිබැඳියෙන් හෝ හෙලනු ලබන්නක්ම නිස්සග්ගිය ප්‍රයොගයෙන් දෙන ලද්දේ නම් වේ. මේ පාලිවර්‍ණනාය.
මේ මතු කියන්නේ මෙහි පාලිමුත්ත විනිශ්චයයයි: පස් අඟකින් පිළිගැණීම නැගෙන්නේය. බලවත් මධ්‍යම පිරිමියක්හුගේ එසවීම පමණක් වේ. අත්පස පෙනේ. එළවීම පෙනේ. දෙවියෙක් හෝ මිනිසෙක් හෝ තිරිසෙනෙක් හෝ දෙයි. ඉදින් ඒ දීම මහණ තෙමේ කයින් හෝ කය පිළිබැදියකින් හෝ පිළිගණී නම් මෙසේ පස් අඟනකින් පිළිගැණීම නගින්නේය.
එහි සිටි හුන්, හොත්නවුන්ගේ අත්පස පවාරණ ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය. ඉදින් වනාහි දායක ප්‍රතිග්‍රාහක යන මොවුන්ගෙන් එකෙක් අහසෙහි වේද, එකෙක් බිමැ වේද, බිමැ සිටියහුගේද හිසින් අහස සිටියහුගේද, දෙන්නට හා ගන්නට හෝ දිගු කළ අත හැර ඉතා ලංවූ අවයවයක් වේද, ඒ අවයවයෙහි ලංවූ කෙළවරින් අත්පස පමණ පිරිසිඳිය යුතුය. ඉදින් එකෙක් ලිඳෙහි වේද, එකෙක් ලිංතෙර වේද, කියූ නයින්ම අත්පස පමණ පිරිසිඳිය යුතුය. මෙබඳු අත්පසෙහි සිට ඉදින් පක්‍ෂියෙක් මුවතුඩින් හෝ ඇතෙක් සොඬින් හෝ ගෙණ මලක් හෝ ගෙඩියක් හෝ දේද, පිළිගැණීම සිදුවේ. අඩ අටරියනක් ඇත්තාවූ ඇත් කදෙහි හුන්නේ ඒ ඇතු විසින් සොඬින් දෙනු ලබන්නක් ගණීද වටියි.
එකෙක් බොහෝ බත් ව්‍යඤ්ජන බඳුන් හිසෙහි කොට භික්‍ෂු සඞ්ඝයාගේ සමීපයට පැමිණ සිටියේම ‘ගණු මැනැවැ’යි කියාද, එහෙත් එළවීම නොපැනේ. එහෙයින් නොගත යුතුය. ඉදින් වනාහි මදකුත් නැමේද, මහණහු විසින් අතදිගු කොට යටම බඳුන එක්දෙසකින් නමුත් පිළිගත යුතුය. මෙපමණකින් සියලු බඳුන් පිළිගන්නා ලද්දේ වේ. එතැන් පටන් බා හෝ ඔසොවා හෝ යමක් කැමැත්තේද, එය ගැණීම වටියි. බත් සහිත පැස් ආදියෙහි වනාහි එක් බඳුනෙක්හි කියයුත්තෙක්ම නැත්තේය. කදින් බත් ගෙණ යන්නේම ඉදින් කද නමා දේද, වටියි. තිස්රියන් හුණෙක් වේ, එහි එක් කෙළවරක හකුරු කළයක් බඳින ලද්දේ වේ. එක් කෙළවරක ගිතෙල් කළයක් වේ, එද පිළිගණීනම් සියල්ල පිළිගන්නා ලද්දේම වේ. උක්යන්ත්‍ර දෙණින් වැගිරෙන්නාවූම රසය ගනු මැනැවැයි කියාද, එහි එළවීම නොපෙනේයයි නොගත යුතුය. ඉදින් කසට හැර අතින් එකතු කොට දේනම් වටියි.