සහසෙය්‍ය ශික්‍ෂාපද වර්ණනාව
පඤ්චම ශික්‍ෂාපදයෙහි “මුට්ඨස්සති අසම්පජානා” නිදීමට පෙර ස්මෘතිසම්ප්‍රජන්‍යය නොකිරීම් වසයෙන් මෙය කියනලදී. භවාඞ්ගයට බැසගත් කල්හි ස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් කොයින් වේද, “විඤ්ජමානා” නන් දොඩවන්නාහු. “කාකච්ඡමානා” නාසයෙන් කාකශබ්දය මෙන් නිරර්‍ත්‍ථ ශබ්ද මුදන්නාහු. “උපාසකා” ඉතා පළමු කොට නැගිටින ලද උපාසකයෝ.
“එතදවොචුං” ‘ඇවැත’ රාහුල භාග්‍යවතුන් වහන්සේ විසින් ශික්‍ෂාපදය පනවන ලදැයි භික්‍ෂූහු ශික්‍ෂාපදගෞරවයෙන්ම මෙය කීහ. ඒ භික්‍ෂූහු ස්වභාව විසින් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්ද ආයුෂ්මත් රාහුල තෙරුන්ගේ ශික්‍ෂාකාමතාවෙන්ද වසන තැනට පැමිණියාවූ ආයුෂ්මත්හට කුඩා ඇඳක් හෝ පිටට දෙන ලෑලිකඩක් හෝ යමක් ඇත්තේද එය පනවා සිවුර හෝ උතුරුසඟ සිවුර හෝ හිස තබා ගැනීමට දෙන්නාහ. මේ එහි ඒ ආයුෂ්මත්හුගේ ශික්‍ෂාකාමතාවෙන්: භික්‍ෂූහු එන්නා වූ රාහුල තෙරුන් දුරදීම දැක මිටිමුසුන් කසළ බහන බඳුන් පිටතට දමන්නාහ. නැවැත අන්‍ය භික්‍ෂූන් විසින් ‘ඇවැත්නි’ මෙය කවරකු විසින් හෙළන ලදදැයි විචාළ කල්හි අන් කෙනෙක් ‘ස්වාමීනි’ රාහුල තෙමේ මේ පෙදෙසෙහි හැසිරුනේය. ඔහු විසින් හෙළන ලද්දේදැ’යි මෙසේ කියත්. ඒ ආයුෂ්මත් රාහුලතෙමේ ‘ස්වාමීනි’, මේ මාගේ වැඩක් නොවේය’ය එක් දවසකුදු නො කියා එය තැන්පත් කොට තබා භික්‍ෂූන් තමා කරවා ගෙන යන්නේය. “වච්චකුටියා සෙය්‍යං කප්පෙසි” ඒ ශික්‍ෂාකාමතාව වඩමින් දම්සෙනෙවි මහමුගලන් අනඳ තෙර ආදීන්ගේ සමීපයට නොගොස් නිදන්නට තැනක් නොලත් රාහුල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වැසිකිළියෙහි සයනය කළේය. ඒ කිළිය වනාහි කවුළු බඳින ලදය. සුවඳින් පිරිබඩ කරන ලදය. මැනැවින් රැස්කොට තැබූ මල්දම් ඇත්තී චෛත්‍යස්ථානයක් මෙන් පවති. අන්‍යයන්ගේ පරිභොගයක් නැත්තීය.
“උත්තරිං ද්විරත්තතිරත්තං” කුලදරුවන් පැවිදි කරවා ඔවුන්ට අනුග්‍රහ නොකිරීම නොසුදුසුයයි භාග්‍යවතුන් වහන්සේ හෙරණුන්ට සඞ්ග්‍රහ කිරීම පිණිස අනුපසම්පන්නයනස්‍යමග උපසම්පන්නයට එක්ගෙයි නිදන්නට තෙරැයක් නිදහස දුන්සේක. “සහසෙය්‍යං” එක්ව නිදීම. සෙය්‍ය යනු කයදිගු කිරීමැයි කියූ සයනයද, කියනු ලැබේ. යම් සෙනසුනෙක සයනය කෙරෙත්ද එද ගත යුතුය. එහි සෙනසුන පළමුකොට දක්වන්නට “සෙය්‍යානාම සබ්බච්ඡන්නා” යනාදිය වදාළ සේක. කය දිගහැරීම දක්වන්නට “අනුපසම්පන්නෙ නිපන්නෙ භික්‍ඛු නිපජ්ජති” යනාදිය වදාරන ලදි. එහෙයින් මෙහි මේ අර්‍ත්‍ථය වේ. සෙනාසන සඞ්ඛ්‍යාත සෙය්‍යාවට ප්‍රවිෂ්ටව කායප්‍රසාරණ සඞ්ඛ්‍යාත සෙය්‍යාව කෙරේනම්, වාසය කෙරේනම්, සම්පාදනය කෙරේනම්’යි යනුය. “සබ්බච්ඡන්නා” යනාදියෙන් ඒ සෙනාසන සඞ්ඛ්‍යාත සෙය්‍යාවෙහි ලක්‍ෂණ කියන ලදි. එහෙයින් යම් සෙනසුනක් මතුවෙහි ගඩොල් ගල් සුණු තණ කොළ යන පස් සෙවනියෙන් හෝ අන් යම් කිසිවකින් හෝ සියලු තැන්හි වසන ලද්දේ ද, මෙය සබ්බච්ඡන්නා නම් සෙය්‍යාය. අර්‍ත්‍ථකථාවන්හි ප්‍රකට ව්‍යවහාරය ගෙණ වාචොද්ගත කිරීම් වසයෙන් ‘සබ්බච්ඡන්නා නාම පඤ්චහි ඡදනෙහි ඡන්නා’යි කියනලදි. එසේ කියන ලද්දේ නමුත් වස්ත්‍රයෙන් කළ කිළියෙහි වසන්නහුටද, අනාපත්ති කරන්නට නොහැක්කේද, එහෙයින් වැසීමට සමර්‍ත්‍ථ වූ යම්කිසි සෙවනියක්ද පිරිසිඳින ලද්ද මෙහිලා දතයුතුය. පස්වැදෑරුම් සෙවනියම ගණු ලබන කල්හි පුවරුයෙන් වසනලද සෙනසුනෙහිද සහසෙයය්‍යාව නොවන්නීද, එහෙයින් යම් සෙනසුනක් බිම පටන් සෙවනිය දක්වා හපා පවුරකින් හෝ අන්කිසිවකින් හෝ යටත් පිරිසයින් වස්ත්‍රයකින් නමුත් වට කරන ලද්දී ද, මෝතොමෝ සබ්බච්ඡන්නා නම් සෙය්‍යාය. සෙවනිය නොහපා යටත් පිරිසයින් එක්රියන් හමාරක් උස්වූ පවුරු ආදියකින් වට කරන ලද්දීද සියල්ල වටකරන ලද්දීම යයි කුරුන්‍දි අර්‍ත්‍ථකථාවෙහි කියනලදි. යම් කිළියක මත්තෙහි ඉතා බොහෝ තැනක් හෙවත් සතරින් තුන් කොටසක් වසන ලද්දේ ද, මදක් හෙවත් සතරින් එක් කොටසක් නොවසන ලද්දේ ද, වටින් සතරින් තුන් කොටසක් වට කරන ලද්දේ ද සතරින් එක් කොටසක් වටනොකරන ලද්දේ ද මෝතෝමෝ බොහෝ සෙයින් වසන ලද, බොහෝ සෙයින් වට කරන ලද සෙය්‍යාව නම. මේ ලක්‍ෂණයෙන් යුක්තවූ සත්මහල් පහයෙකි. තෙමේ එක් උපචාරය ඇත්තේ වේද, සියයක් ගබඩා ඇති පහයක් හෝ සිවුරැස් සාලාවක් හෝ එකූපචාරය වේද, මේ හැම එකසෙය්‍යා’යි කියාම සඞ්ඛ්‍යාවට යෙයි. ඒ සඳහා ‘සතරවන දිනයෙහි හිරු අමාවට ගිය කල්හි අනුපසම්පන්නයා හොත් කල්හි මහණතෙමේ හොවීද, පාචිත්තියාපත්තිය වන්නීය යනාදිය වදාරන ලද්දේය.
එහිද හෙවීම් පමණකින්ම පාචිත්තිය වේ. ඉදින් සාමණේරයෝ බොහෝ වෙත්ද, එක් මහණෙක් වේද, සාමණේරයන්ගේ ගණනින් පාචිත්තියා පත්තීහු වෙත්. ඒ හෙරණහු නැගිට නැගිට හොවිත්ද ඒ හෙරණුන්ගේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා මහණහුට ඇවැත් වේ. මහණහු නැගිට නැගිට හොවීමෙහි මහණහුගේම ප්‍රයොගයෙන් මහණහුට ඇවැත් වේ. ඉදින් බොහෝ මහණෝ වෙත්ද එක් හොරණක් වේද, සියල්ලන්ට ඇවැත් කරයි. ඒ හෙරණහු තමා නැගිට නැගිට හොවීමෙන්ද මහණුන්ට ඇවැත්මය. උපසපන් හෙරණ දෙපසෙහි බොහෝ බැව්හිද මේ නයම වේ.