ජීවකවත්ථුකථා
චීවරක්‍ඛන්‍ධකයෙහි - “පදක්‍ඛිණා” දක්‍ෂවූවාය. සමත්වූවාය. “අභිසටා” වෙත යන ලද්දීය. කවුරුන් විසින් වෙත යන ලද්දීද, යත්: ප්‍රයොජන ඇති ඇති මිනිසුන් විසිනි. කරණාර්‍ත්‍ථයෙහි ෂෂ්ඨිවචන යොදා, “අත්‍ථිකානං අත්‍ථකානං මනුස්සානං”යි වදාරණලදී. “පඤ්ඤාසාය ච රත්තිං ගච්ඡති” රැයකට කහවණු පණසක් ගෙනයයි. “නෙගමො” කෙළෙඹි සමූහය
“සාලවතිං කුමාරිං ගණිකං වුට්ඨාපෙසි” නුවර වැසියෝ දෙලක්‍ෂයක, රජතෙමේ ලක්‍ෂයකැයි තුන්ලක්‍ෂයක්ද අනිකුදු අරම් උයන් වාහන ආදිය පිරිසිඳීම කොටදී තැබූහ. වෙශ්‍යා තනතුරෙහි තැබූහ යන අර්‍ත්‍ථයි. “පටිසතෙන ච රත්තිං ගච්ඡති” රැයකට රැයකට කහවණු සියය බැගින් ගෙනයයි. “ගිලානං පටිවදෙය්‍යං” ගිලන්බව දන්වන්නෙම් නම්, “කත්තරසුප්‍යෙ” දිරූ කුල්ලෙක.
“කා මෙ ද්වෙ මාතා”යි කුමක් හෙයින් විචාළේද, යත්: අනික් රජදරුවෝ ක්‍රීඩා කරන්නාහු කලහ උපන්කල්හි ඒ කොමාරභච්චජීවකයාහට ‘තාගේ පියා කවරෙක්ද, මවුනැත්තෙක, පියා නැත්තෙකැ’යි කියත්, අනෙක් දරුවන්ට සැණකෙළි ආදියෙහිදී සුලුමවු මහමවු ආදීහු යම්සේ කිසි පඬුරක් එවත්ද, එසේ ඔහුට කිසිවෙක් කිසිවක් නොඑවයි. මෙසේ ඇතිකල්හි ඒ සියල්ල සලකා ‘මම මවු නැත්තෙක් වෙම්දැයි’ දැනගනු පිණිස ‘දෙවයන් වහන්ස’ මාගේ මවු කවරීද, පියා කවරෙක්දැ’යි විචාළේය.
“යන්නූනාහං සිප්පං සික්‍ඛෙය්‍යං” මම වෛද්‍ය ශිල්පය උගන්නෙම් නම් මැනවැ’යි සිතුයේය. ඒ ජීවකයාහට ‘මේ ඇත් අස් ශිල්පාදිය පරහු නැසීමෙන් යුක්තය. වෛද්‍ය ශිල්පය මෛත්‍රිය පූර්‍වභාගකොට ඇත්තේය. සත්ත්‍වයන්ට හිතබවෙන් යුක්තය, මෙබඳු සිතක් විය. එහෙයින් වෛද්‍ය ශිල්පය සඳහාම ‘මම ශිල්ප උගන්නෙම් නම් මැනවැ’යි සිතුයේය. තවද මෙතෙමේ මෙයින් කල්පලක්‍ෂයකට මත්තෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකවූ, ‘මේ තෙමේ බුද්ධොපස්ථායකැ’යි සිවු පිරිස අතර පතළ ගුණ ඇති වෙදකු දැක, ‘මමද මෙබඳු තනතුරකට පැමිණියෙම් නම් ඉතා මැනැවැ’යි සිතා සත්දවසක් මුළුල්ලෙහි බුද්ධප්‍රමුඛ සඞ්ඝයාහට දන්දී භාග්‍යවතුන් වහන්සේ වැඳ ‘භාග්‍යවතුන් වහන්ස’ මමද ඔබවහනසේගේ අසුවල් වෙදාමෙන් අනාගතයෙහි බුද්ධොපස්ථායකයෙක් වෙම්ව’යි ප්‍රාර්‍ත්‍ථනා කෙළේය. ඒ පූර්‍වප්‍රාර්‍ත්‍ථනා විසින් මෙහෙයනු ලබන්නාවූද මෙතෙමේ වෛද්‍යශිල්පයම සඳහා “මම ශිල්ප උගන්නෙම්නම්, මැනවැ’යි සිතුවේය.
ඒ කාලයෙහිද තක්සලා නුවරින් එනුවර වෙළෙන්දෝ අහයරාජකුමරු දැකීම පිණිස ගියහ. ජීවක තෙමේ තෙපි කොතැනින් ආවාහුදැ’යි ඔවුන් විචාළේය. තක්සලා නුවරිනැ’යි කියූ කල්හි, එහි වෙදසිත් ඇදුරෙක් ඇත්තේදැ’යි විචාළේය. ‘කුමාරය, එය තක්සලා නුවර දිසාපාමොක් වෙදෙක් වසන්නේය’යි ඔවුන් කියූබස් අසා ‘එසේනම් යම්කලෙක තෙපි යන්නහුද, මට එය දන්වාලවු’යි කීයේය. ඔවුහු එසේ කළහ. හෙතෙමේ පියා නොවිචාරා ඔවුන් සමග තක්සලා නුවරට ගියේය. එහෙයින් “අභයං රාජකුමාරං අනාපුච්ඡා” යනාදිය කියනලදී.
“ඉච්ඡාමහං ආචරිය සිප්පං සික්‍ඛිතුං” ඒ වෙදතෙමේ තමා වෙත එන ඔහු දැක ‘පින්වත’ තෝ කවරෙක් වෙහිදැ’යි ඇසීය. හෙතෙමේ ‘මම බිම්සර මහරජුගේ මුනුබුරුවූ අභය කුමාරයාගේ පුත්වෙමි’යි කීය. ‘පින්වත’ කුමක්නිසා මෙහි ආයෙහිදැ’යි ඇසීය. ඉක්බිති හෙතෙමේ ඔබවහන්සේ වෙත ශිල්ප උගන්නටැ’යි කියා ආචාර්‍ය්‍යන් වහන්ස’ මම ශිල්ප උගන්නට කැමැතියෙමි’යි කීයේය. “බහුඤ්ච ගණ්හාති” අන්‍යවූ ක්‍ෂත්‍රිය කුමාරාදීහු ආචාර්‍ය්‍යයා හට ධනයදී කිසිවැඩක් නොකොට උගණිත්මය. හෙතෙමේ එසේ නොවේ. හෙතෙමේ වනාහි කිසිද ධනයක් නොදී ධර්‍මාන්තෙවාසිකයෙක්වම එක් වේලෙක උපාද්ධ්‍යායයන්ගේ වැඩ කරයි. එක් වේලෙක ඉගෙණීම කරයි. මෙසේ ඇති කල්හිදු අභිනිහාර සම්පන්න කුලපුත්‍රතෙමේ තමා ප්‍රඥාවත් බැවින් බොහෝදෑ උගණියි. වහාද උගනියි. මනාකොටද විමසා බලයි. මොහු විසින් උගන්නා ලද්ද අමතකද නොවේ.
“සත්ත ච මෙ වස්සානි අධීයන්තස්ස නයිමස්ස සිප්පස්ස අන්තො පඤ්ඤායති” යන මෙහි මේ ජීවකතෙමේ වනාහි ආචාර්‍ය්‍යතෙමේ යම්පමණ දනීද, අන්‍යයෝ සොළොස්වසකින් යමක් උගණිත්ද, ඒ සියල්ල සත්වසකින් උගත්තේය. සක්දෙව් රජහට, ‘මෙතෙමේ බුදුරජුට උපස්ථායක වූ අග්‍රවිශ්වාසිකයෙක් වන්නේය, එබැවින් ඔහු බෙහෙත් යෙදීමෙහි හික්මවන්නෙමි’යි මෙබඳු සිතක් වූයේය. එහෙයින් ආචාර්‍ය්‍යයාගේ සිරුරෙහි ආවිෂ්ටව, කර්‍ම විපාක විසින් හටගත් රොගහැර සෙසුරොග එක්ම බෙහෙත් යෙදීමකින් පිළියම් කරන්නට හැක්කේද, එසේ ඒ බෙහෙත් යෙදීම උගන්වාලූයේය. ඒ ජීවක තෙමේ ආචාර්‍ය්‍යයා වෙත උගන්නෙමියි සිතාද, එහෙයින් ‘දැන් ජීවක තෙමේ පිළියම් කරන්නට සමර්‍ත්‍ථය’යි ශක්‍රයා විසින් හළ ඇසිල්ලෙහි මෙසේ සිතා ඇදුරහු විචාළේය. ආචාර්‍ය්‍යතෙමේ ‘මොහු විසින් මාගේ ආනුභාවයෙන් උගන්නා ලද්දේ නොවේ, දෙවතානුභාවයෙන් උගන්නා ලද්දේය’යි දැනම “තෙන හි භණෙ” යනාදිය කීයේය. “සමන්නා යොජනං ආහිණ්ඩන්තො” දවසක් දවසක් පාසා එක් එක් දොරින් නික්ම සතර දවසක් ඇවිදින්නේ. “පරිත්තං පාථෙය්‍යං පාදාසි” මගවියදම් මදක් දුන්නේය. ඒ ආචාර්‍ය්‍යයාහට ‘මෙතෙමේ මහාකුලපුත්‍රයෙක, ගිය ඇසිල්ලෙහිම මුතුන් මීමුතුන්ගේ සමීපයෙන් මහත් සත්කාර ලබන්නේය. එයින් මාගේද ශිල්පයාගේද ගුණය නොදන්නේය. අතරමගදී අවසන්වූ මග වියදම් ඇත්තේ ශිල්පය යොදා අවශ්‍යයෙන් මාගේද ශිල්පයාගේද ගුණය දැන ගන්නේය’යි මෙබඳු සිතක් වූයේය. එහෙයින් ස්වල්පයක් දෙවූයේය.
සෙට්ඨිභරියාදිවත්ථුකථා
“පිසතෙන” එක් අතළොස්සක් පමණ. “පිචුනා” පුලුන් රොදකින්. “යත්‍ර හි නාම” යම් තැනැත්තියක් නම් “කිම්පි මායං” මා තොමෝ මට කුමක් දෙන්නීද,