සබ්බචම්මපටික්ඛෙපාදිකථා
“දීපිච්ඡාපො” දිවිපැටවකු සේ “ඔරුම්ඛීයන්ති” බිතුදඬු ආදීන්හි වෙළාබඳිත්.
“අභිනිසීදිතුං” පිටදී හිඳින්නට. “ගිලානෙන භික්‍ඛුනා උපාහනෙන” මෙහි යමෙක් වහන් නැතිව ගම්වදින්නට නොහැක්කේද, හෙතෙමේ ගිලාන නම් වේ.
“කුරරඝරෙ” මෙනම් නුවරෙහි. මෙයින් මේ කාත්‍යායන ස්ථවිරයන්ගේ ගොදුරුගම කියනලදී. “පපාතෙ පබ්බතෙ” පපාත නම් පව්වෙහි. මෙයින් මේ කාත්‍යායන ස්ථවිරයන් වසනතැන කියනලදී. “සොණො” යනු ඔහුගේ නමය. කෙළක් අගනා කන්පලඳනාවක් දරාද, එහෙයින් කුටිකර්‍ණයි කියනු ලැබේ. කොටිකර්‍ණ යන අර්‍ත්‍ථයි. “පාසාදිකං” පැහැදීම දනවන. “පසාදනීයං” යනු එයටම පර්‍ය්‍යාවචනයි. “උත්තමදමථසමථං” උතුම්වූ කායූපසමයට පැමිණේ. චිත්ත සමථයට පැමිණි ප්‍රඥාව ඇත්තාවූ සමාධිය ඇත්තා වූ කායව්‍යපශමය හා චිත්තව්‍යපශමය ඇත්තාවූ යන අර්‍ත්‍ථයි. “දන්තං” සියලු ප්‍රතිපක්‍ෂවූ දිට්ඨිචිත්තවිප්ඵන්‍දිතයන් සිබැවින් දැමුනාවූ, ක්‍ෂය කළ කෙලශ්මල ඇත්තාවූ යන අර්‍ත්‍ථයි. “ගුත්තං” පිරිසිදු වාක්සංවරගොපනයෙන් රක්නාලද ඉඳුරන් ඇත්තාවූ, “ජීතින්‍ද්‍රියං” දිනු ඉඳුරන් ඇත්තා වූ “නාගං” පවින් තොරවූ අපරාධ රහිත වූ “තිණ්ණං මෙ වස්සානං අච්චයෙන” මා පැවිදිවූ දින පටන් තුන් අවුරුද්දක් ඇවෑමෙන් “උපසම්පදං අලත්‍ථං” මම උපසම්පදාව ලැබීමි. “කණුත්තරා” කලුමැටි අධික කොට ඇත්තී. මත්තෙහි වැඩුණු කලුමැටි ඇත්තීය යන අර්‍ත්‍ථයි. “ගොකණ්ටකහතා” ගොනුන්ගේ කුරවලින් පෑගු බිමෙන් නැගුනාවූ ගෝකටුවෙන් නැසුනු ඔවුහු ගවකුරවලින් බිඳීගිය තන්හි එක්පටල ඇතිවහන් රැකීමට නොහැකිවෙත්. එසේ රළු වූවාහු වෙත්. “එරගු මොරගු මජ්ජාරු ජන්තු” මේ සිවුවැදෑරුම් තෘණජාති වෙයි. මේ තෘණජාතිවලින් කළාල්ද තටුද කරත්. මෙහි “එරගු” යනු එරුතණය එය මහත්වේ. මොරගුතෘණ තඹපැහැති කරල් ඇත්තේය. සියුම්වේ. මොළොක්ය. සුවපහස් ඇත්තේය. එයින් කළ තටුව නිදා හිඳ නැගීසිටි ඇසිල්ලෙහි නැවත ඉදිමී සිටියි. මජ්ජාරුතෘණයෙන් සළුද කරත්. ජන්තුතෘණයෙහි මැණික් වැනි පැහැය වේ. “සෙනාසනං පඤ්ඤාපෙසි” බිස්සක් හෝ කළාලක් හෝ පැණවූ සේක. පණවාද, ‘ඇවැත - සොණ’ ශාස්තෘතෙමේ තා සමග එක් ආවාසයෙහි වසනු කැමැත්තේය. ගඳකිළියෙහිම ඔබට සෙනසුනක් පණවන ලද්දේය’යි සොණහට ආනන්‍ද ස්ථවිරතෙමේ සැලකෙළේය.
“අයංචස්ස කාලො” මේ වනාහි කාලය වන්නේය. “පරිදස්සී” දැක්වූයේය. ‘මාගේ උපාද්ධ්‍යාය තෙමේ මේ මේ සැලකරව’යි යමක් දැක්වූයේද, එයට මේ කල්වන්නේය. එබැවින් දැන ඒ හසුන සැලකරන්නෙමි’යි මේ මෙහි අදහස වේ.
“විනයධරපඤ්චමෙන” අනුශ්‍රාවණය කරන ආචාර්‍ය්‍යයා පස්වැනිවූ. “අනුජානාමි භික්‍ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ගණ්ඩඞ්ගණූපහානං” යන මෙහි මිනිස් සම් හැර යම්කිසි සමකින් වහන් වටියි. උපාහනකොසක සත්‍ථකොසක කුඤ්චිකාකොසකයන්හිද මෙම නයවේ. “චම්මානි අත්‍ථරණානි” මෙහි යම්කිසි එළුසම්ද, බැටලු සම්ද ඵලාගෙණ නිදන්නටද හිඳින්නටද වටියි. මුවසමෙහි ඒණිමුව, වාතමුව, පසදමුව, කුරුඞ්ගමුව, මිගමාතුක, රොහිතමුව යන මොවුන්ගේ සම් වටියි. අන්‍යවූ -