යානාදිපටික්ඛෙපකථා
“ඉත්ථියුත්තෙන” දෙනුන් යෙදූ “පුරීරසන්තරෙන” පුරුෂරිය සමග. “පුරිසයුත්තෙන” ගොනුන් යෙදූ “ඉත්ථන්තරෙන” ඉතිරි රියැදුරා සමග “ගඞ්ගාමහියා” ගඞ්ගාපූජාවෙහි කෙළීම පිණිස “පුරිසයුත්තං හත්ථවට්ටකං” මෙහි පිරිමින් යෙදූ යානය, ගැහැණුරිය සැරියක් හෝ වේවා, පිරිමිරිය සරියෙක් හෝ වේවා වටියි. ඉතින් අදින යානය වනාහි ස්ත්රීහු හෝ අදිත්වා, පුරුෂයෝ හෝ අදිත්වා, වටීමය. “සිවිකං” දෝලාවය. “පාටඞ්කිං” හුණදඬුවෙහි එල්වා කළ පල්ලැක්කියයි.
“උච්චාසයනමහාසයනානි” මෙහි ‘උච්චාසයන’ යනු පමණ ඉක්මවාසිටි ඇඳය. ‘මහාසයන’ යනු අකැප පසතුරුණු අතුරණ ලද්දය. ආසන්දි ආදීන් අතුරෙහි ‘ආසන්දි” යනු පමණ ඉක්මවා සිටි අසුනයි. “පල්ලඞ්කො” (පාදයන්හි) පාදයන්හි චණ්ඩ සත්ත්වයන්ගේ රූපසටහන් යොදා කරණ ලද්දේය. “ගොණකො” දිග් ලොම් ඇති මහාකොඳුපලසය. ඒ කොඳුපලසෙහි සතරඟුලෙන් වැඩිවූ ලොමවෙයි. “චිත්තකො” නන්පැහැයෙන් විසිතුරුවූ එළුලොමින් කළ ඇතිරියයි. “පටිකා” ලොමින් කළ සුදු ඇතිරියය. “පටලිකා” ඝනවූ මල් ඇති එළුලොමින් කළ ලේපැහැති ඇතිරියය. ඒ ඇතිරිය ආමලකපට්ටයිද කියනු ලැබේ. “තුලිකා” පියවි පුලුන් පුරවාකළ බිසිය. “විකතිකා” සිංහව්යාඝ්රාදි රූපයෙන් විසිතුරුවූ එළුලොමින් කළ ඇතිරියය. “උද්දලොමී” දෙකොණෙහි නැගි දාව ඇති එළුලොමින් කළ ඇතිරියය. “උද්දලොමං”යි පාඨයක් වේ. “එකන්තලොමි” එක් කොනක නැගි දාව ඇති එළුලොමින් කළ ඇතිරියය. “කට්ඨිස්සං” රන්හුයෙන් මැසූ, කිහිරිහු අතරතුර රන්හූ ඇතුල්කොට වියූ පසුතුරුණුය. “කොසෙය්යං” රනින් ආලේපකළ කිහිරිහුමුවා පසුතුරුණුය. පිරිසිදු කොසෙය්ය වනාහි වටියි.
“කුත්තතං” සොළොසක් නාටකස්ත්රීන්ට සිට නැටීමට යෝග්ය වූ එළුලොමින් කළ ඇතිරියය. “හත්ථත්ථර අස්සත්ථරා” ඇත් අස්පිටෙහි ඇතිරිය ආස්තරණයෝමය. රථාස්තරණයෙහිද මෙමනය වේ. “අජිනප්පවෙණි” අඳුන්දිවිසමින් මඤ්ච ප්රමාණයෙන්, ඉතා සියුම් බැවින් පටකීපයක් කොට මසා කළ ඇතිරියය. “කදලිමිගාපවරපච්චත්ථරණං” කෙහෙලිනම් මුවසමක් ඇත්තේය. එයින්කළ උතුම්වූ පසුතුරුණුය යන අර්ත්ථයි. ඒවනාහි සුදුවත මතුවෙහි කෙහෙල්මුවසම අතුරා මසා කරත්. “සඋත්තරච්ඡදං” උත්තරච්ඡදය සහිතවූ මතු බඳිනලද රතු වියන් සමග යන අර්ත්ථයි. සුදු වියන් ඇති සෙනසුනද යට ඇකැප පසුතුරුණු ඇති කල්හි නොවටියි. නැති කල්හි වටියි. “උභතො ලොහිතකූපධානං” හිස තබන කොට්ටයද, පා තබන කොට්ටයද යන ඇඳ දෙකොන තැබූ ලේපැහැති කොට්ටය. මෙය කැප නොවේ. යම්මේ එක්ම කොට්ටයක්, දෙපස රතු හෝ වේද, පියුම් පැහැත්තේ වේද, විසිතුරු වේද, ඉදින් පමණින් යුක්තවූයේ නම් වටියි. පමණ ඉකුත්වූ මහාකොට්ටය ප්රතික්ෂෙප කරණලදී.
සබ්බචම්මපටික්ඛෙපාදිකථා
“දීපිච්ඡාපො” දිවිපැටවකු සේ “ඔරුම්ඛීයන්ති” බිතුදඬු ආදීන්හි වෙළාබඳිත්.
“අභිනිසීදිතුං” පිටදී හිඳින්නට. “ගිලානෙන භික්ඛුනා උපාහනෙන” මෙහි යමෙක් වහන් නැතිව ගම්වදින්නට නොහැක්කේද, හෙතෙමේ ගිලාන නම් වේ.