ද්වෙවාචිකාදිපවාරණාකථා
“ද්වෙ වාචිකං පවාරෙතුං” මෙහි ඤත්තිය තබන්නහු විසින්ද “යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ද්වෙවාචිකං පවාරෙය්‍ය”යි කියයුතුය. එකවාචිකයෙහි “එකවාචිකං පවාරෙය්‍ය”යි ද, සමානවස්සිකයෙහිද “සමානවස්සිකං පවාරෙය්‍ය”යිද කියයුතුය. මේ සමානසංවාසික පවාරණධිකාරයෙහි බොහෝවූද සමානවස් ඇත්තාහු එකට පැවරීම ලබත්.
පවාරණාඨපනකථා
“භාසිතාය ලපිතාය අපරියොසිතාය” යන මෙහි පවාරණය තැබීම සර්‍වසඞ්ග්‍රාහිකද පෞද්ගලිකදැ’යි පවාරණට්ඨපනය දෙවැදෑරුම් වේ. ඒ දෙවැදෑරුම් පවාරණාධිකාරයෙහි සර්‍වසඞ්ග්‍රාහික පවාරණය තැබීමෙහි “සුණාතු මෙ භන්තෙ සඞ්ඝො - පෙ- සඞ්ඝො තෙවාචිකං පවාරෙ” යන මෙහි “සුකාරය පටන් “රෙ” කාරය යම්තාක්ද, ඒතාක් කියන ලද ලපනය කරණලද පවාරණ කෙළවර නොකරන ලද්දීම වේ. මේ අතුරෙහි එක් පදයෙක්හි නමුත් තබන්නහු විසින් පවාරණ තබන ලද්දී වේ. “ය්‍ය” කාරය වනාහි පැමිණි කල්හි කෙළවර කරන ලද්දී වේ. එහෙයින් එතැන් පටන් තබන්නහු විසින් තබන ලද්දීද, නොතබන ලද්දීම වේ. පුද්ගලික ඨපනයෙහි වනාහි - “සඞ්ඝං භන්තෙ පවාරෙමි -පෙ-තතියම්පි භන්තෙ, සඞ්ඝං පවාරෙමි දිට්ඨෙන වා - පෙ- පස්සන්නො පටි” යන මෙහි “සං” යන අක්‍ෂරයෙහි පටන් මේ සියල්ලන්ට පැසුළුවූ “ටි”කාරය යම්තාක්ද, ඒතාක් කියන ලද ලපනය කරණලද පවාරණ කෙළවර නොකරන ලද්දීම වේ. මේ අතරෙහි එක් පදයෙක්හිද තබන්නහු විසින් පවරණ තොමෝ තබන ලද්දීම වේ. “කරිස්සාමි”යි කියූකල්හි වනාහි කෙළවර කරණ ලද්දී වේ. එහෙයින් “කරිස්සාමි” යන මේ පදය පැමිණි කල්හි තබන ලද්දී ද නොතබන ලද්දී වේ. දෙවවාචික එකවාචික සමානවස්සිකයන්හිද මේ නයවේ. මොවුන් අතුරෙහි “ටි”කාරයෙහි කෙළවරම ඨපන ක්‍ෂෙත්‍රයයි.
“අනුයුඤ්ජියමානො” කිමෙක්හි ඒ පවාරණය තබන්නෙහිදැ’යි පසුභාගයෙහි කියූ නයින් විචාරණු ලබන්නේය. “ඔමද්දිත්‍වා” “අලං භික්‍ඛු මා භණ්ඩනං” යනාදී වූ මේ වචන කියා වචන මැඩීම මෙහි ඔමද්දනායි අදහස් කරනලලදී. “අනුද්ධංසිතං පටිජානාති” අමූලක පාරාජිකයකින් මෙතෙමේ මා විසින් චොදනා කරණ ලද්දේය’යි මෙසේ පිළිදන්වයි. “යථාධම්මං” සඞ්ඝාදිසෙසයකින් චෝදනා කිරීමෙහි පාචිත්තිය වේ. ථුල්ලච්චයාද සෙස්සෙන් චොදනා කෙරේනම් දුක්කටය වේ. “නාසෙත්‍වා” ලිඞ්ගනාසනයෙන් නසා.
‘ඕ ධර්‍මය පරිදි ප්‍රකාශකරන ලද්දී වන්නීයයි මෙපමණක්ම කියා පවරවු’යි කියයුතුය. අසුවල් නම් ඇවැතයයි මේ වනාහි නොකිය යුතුය. මෙය කලහයට කරුණක් වේ.
වත්ථුඨපනාදිකථා
“ඉදං වත්‍ථු පඤ්ඤායති න පුග්ගලො” මෙහි සොරහු වනාහි අරණ්‍යවිහාරයෙහි පොකුණකින් මසුන් ගෙන පිස කා ගියහ. ඒ මහණතෙමේ ඒ විප්‍රකාරය දැක මේ කටයුත්ත මහණක්හුගේ වියයුතුය’යි සලකා මෙසේ කීයේය. “වත්‍ථුං ඨපෙත්‍වා සඞ්ඝො පවාරෙය්‍ය” යම්කලෙක ඒ පුද්ගලයා දන්නෙමුද, එකල්හි ඔහුට චෝදනා කරන්නෙමු දැන් සඞ්ඝතෙමේ පවාරණය කෙරේවා යනු මෙහි මේ අර්‍ත්‍ථයි. “ඉදානෙව තං වදෙහි” ඉදින් මේ වස්තුව කරණකොට කිසි පුද්ගලයකු සැක කරන්නෙහිද, දැන්ම ඔහුට කියව, යන අර්‍ත්‍ථයි. ඉදින් කියාද, ඒ පුද්ගලයා විචාරා පැවැරිය යුතුය.
“අයං පුග්ගලො පඤ්ඤායති න වත්‍ථු” මෙහි එක් මහණෙක් තෙමේ මල්ගඳ විලවුන්වලින් සෑයක් හෝ පුදාද, අරිෂ්ටයක් පානය කෙළේද, ඒ මහණහුගේ එයට අනුරූප වූ සරීර ගන්‍ධය වූයේය. හෙතෙමේ ඒ ගන්‍ධය සඳහා ‘මේ මහණහුගේ මෙබඳු ගඳෙක්’යි වස්තුව ප්‍රකාශ කරමින් “පුග්ගලං ඨපෙත්‍වා සඞ්ඝො පවාරෙය්‍ය”යි මෙසේ කීයේය. මේ පුද්ගලයා හැර සඞ්ඝතෙමේ පවරාවා. ‘දැන්ම මොහුට කියව’යි මේ වස්තුව කරණකොට කිසි පුද්ගලයකු සැකකරන්නෙහිද, යුෂ්මත් තෙමේ යම් පුද්ගලයකු තබවාද, ඒ පුද්ගලයාගේ දොසය දැන්ම කියව, ඉදින් මේ මොහුගේ දොසයයි කියාද, ඒ පුද්ගලයා පිරිසිදුකොට පැවරිය යුතුය. නැවත ‘මම නොදනිමි’යි කියාද, පරික්‍ෂාකොට දන්නෙමි’යි පැවරිය යුතුය.
“ඉදං වත්‍ථු ච පුග්ගලො ච පඤ්ඤායති” පළමු කියූ නයින්ම සොරුන් විසින් මසුන් අල්ලාගෙන පිස අනුභව කළතැනද සුගන්‍ධාදිය ඇඟ ගා නෑ තැනද දැක මේ ක්‍රියාව පැවිද්දකුගේය’යි හඟිමින් මෙසේ කීයේය. “ඉදානෙව තං වදෙහි” දැන්ම ඒ වස්තුව කරණකොට සැකකරනලද පුද්ගලයාහට කියව. මේ දෙකම දැක දුටු කල් පටන් විනිශ්චය කොටම පැවරිය යුතුය. “කල්ලං වචනාය” චෝදනාවට සුදුසු වේ. චෝදනා කරන්නට වටීය යන අර්‍ත්‍ථයි. කුමක් හෙයින් යත්:- පවාරණයෙන් පෙරටුව විනිශ්චය නොකළ බැවින්ද, පසුවම දැක චෝදනා කළ බැවිනි. “උක්කොටනකං පාචිත්තියං” මේ පුද්ගලයාද වස්තුවද යන දෙක පවාරණයෙන් පෙර දැක විනිශ්චය කොටම භික්‍ෂූහු පවාරණය කෙරෙත්. එහෙයින් පවාරණයෙන් පසු ඒ විනිශ්චය කළ වස්තුව ඉදිරියට ගැනීම කළ මහණහට ඇවැත් වේ.