ආපත්තිපටිකම්මවිධිකථා
[missing trans] “තං තුය්හමූලෙ පටිදෙසෙමි”යි කියූකල්හි මොනවට කියන ලද්දේම වේ. “පස්සසි” මෙද තමහට වඩා නවකයක්හට නම්, “පස්සසි ආවුසො තං ආපත්තිං?”යිද, තමහට වඩා වැඩි මහල්ලෙකුහට නම්, “පස්සථ භන්තෙ තං ආපත්තිං”යි මෙසේ කියයුතුය. “ආම පස්සාමි” මෙය වනාහි “ආම භන්තෙ පස්සාමි”යිද, “ආම ආවුසො පස්සාමි”යිද මෙසේ කියන ලද්දේ ද මොනවට කියන ලද්දේ වේ. “ආයතිං සංවරෙය්යාසි” මෙහි වනාහි ඉදින් වෘද්ධතරයෙක් වේ නම්, “ආයතිං සංවරෙය්යාථ”යි කියයුතුය. මෙසේ කියූකල්හි “සාධු සුට්ඨු සංවරිස්සාමි” කියයුතුමය.
“යදා නිබ්බෙමතිකො” මෙහි, ඉදින් මෙතෙමේ විමති නැත්තේ නොවේද, වස්තුව ප්රකාශකොටද දෙසිය යුතුයයි අන්ධකාර්ත්ථකථාවෙහි කියනලදී. එහි මේ දෙසනාවිධියයි. හිරු මෙඝයෙන් වැසුනු කල්හි ‘කල්වේද, කල්නොවේද’යි විමති ඇත්තේ බුදීද, ඒ මහණහු විසින් “අහම්භන්තෙ වෙමතිකො භුඤ්ජිං” සචෙ කාලො අත්ථ සම්බහුලා දුක්කටා ආපත්තියො ආපන්නොම්හි නොචෙ අත්ථ සම්බහුලා පාචිත්තියා ආපන්නොම්හි’යි මෙසේ වස්තුව ප්රකාශ කොටද “අහම්භන්තෙ යා තස්මිං වත්ථුස්මිං සම්බහුලා දුක්කටා වා පාචිත්තියා වා ආපත්තියො ආපන්නො, තා තුම්හමූලෙ පටිදෙසෙමි”යි මෙසේ වස්තුව ප්රකාශනොකොටද, ඇවැත් දෙසිය යුතුය. සියලු ඇවැත්හි මේනය වේ.
“න භික්ඛවෙ සභාගා ආපත්ති” මෙහි දෙදෙනම විකලභොජනාදිවූ සභාග වස්තු කරණකොට යම් ඇවැතකට පැමිණෙත්ද, මෙබඳු ඇවත, වස්තුසභාගාපත්තියි කියනු ලැබේ. විකාල භෝජනය ප්රත්යය කොට පැමිණි ඇවැත, අතතිරිත්තභොජනය ප්රත්යය කොට ඇවැතට පැමිණියහුගේ සමීපයෙහි දෙසීම වරද නොවේ. යම්මේ වස්තුසභාගාපත්තියක් වේද ඒ ඇවැත දෙසන ලද්දී මොනවට දෙසන ලද්දීමය. දෙසීම ප්රත්යය කොට දේශකතෙමේද, පිළිගැනීම ප්රත්යය කොට ප්රතිග්රාහකතෙමේද, යන දෙදෙනම අනික් දුක්කටයකට පැමිණෙත්, එය නානාවස්තුක වේ. එහෙයින් ඔවුනොවුන් දෙසන්නට වටියි.
“සාමන්තො භික්ඛු එවමස්ස වචනීසො” මෙහි සභාග මහණක්හටම කියයුතුය. විසභාග මහණක්හට කියනු ලබන කල්හි ඩබර කලහසඞ්ඝභෙදාදීහුද වෙත්, එහෙයින් ඔහුට නොකියා ‘මෙතැනින් නැගිට පිළියම් කරන්නෙමි’යි ආභොගකොට පොහොය කටයුතුය’යි අන්ධකාර්ත්ථකථාවෙහි කියනලදී.
අනාපත්තිපන්නරසකාදිකථා
අනාපත්තිපණ්ණරසකයෙහි - “තෙ න ජානිංසු” සීමාවට පැමිණියාහු’යි හෝ පැමිණෙත්’යි හෝ නොදත්හ. “අථඤ්ඤෙ ආවාසිකා භික්ඛු ආගච්ඡන්ති” ගමට හෝ අරණ්යයට හෝ කිසි කටයුත්තක් නිසා ගොස් ඔවුන් අන්තැනට එත්ද, “වග්ගා සමග්ගසඤ්ඤිනො” ඔවුන්ගේ සීමාවට පැමිණි බැවින් වර්ගයහ. සීමාවට පැමිණිබව නොදත්බැවින් සමග්රසංඥා ඇතියහ.
වග්ගාවග්ගසඤ්ඤී පණ්ණරසකයෙහි - “තෙ න ජානන්ති” පර්වතයෙහි හෝ ගොඩබිම හෝ සිටියාහු, සීමාවට පැමිණියවුන් හෝ පැමිණෙන්නන් හෝ නොදනිත්. වෙමතිකපණ්ණරසකං ප්රකටමය.
කුක්කුච්චපණ්ණරසකයෙහි - යථෙප්සාවෙන් මඩනා ලදුයේ ඊප්සාවෙන් මැඩුනේය’යි කියනු ලැබේ. මෙසේ පූර්වභාගයෙහි සනිටුහන්කොටද, කරනක්ෂණයෙහි අකැපයෙහි කැපයි සංඥා ඇතිබවැයි කියූ කුකුසෙන් මඩනා ලද්දාහු, කුක්කුච්චපකතායි දතයුතුය.
භෙදපුරෙක්ඛාරපණ්ණරසකයෙහි - අකුසලය බලවත් බැවින් ථුල්ලච්චය කියනලදී.
සීමොක්කන්තිකපෙය්යාලකථා
ආවාසිකෙන ආගන්තුකපෙය්යාලයෙහි - යම්සේ පළමු ආවාසික පෙය්යාලයෙනි. “තෙ න ජානන්ති අත්ථඤ්ඤෙ ආවාසිකා” යනාදිය කියන ලද්දේ ද, මෙසේ “තෙ න ජානන්ති අත්ථඤ්ඤෙ ආගන්තුකා” යනාදි නයින් සියල්ල දතයුතුය. ආගන්තුකෙන ආවාසිකපෙය්යාලයෙහි වනාහි යම්සේ ප්රථම පෙය්යාලයෙහි “ආවාසිකා භික්ඛූ සන්තිපතන්ති”යි ආයේද මෙසේ “ආගන්තුක භික්ඛූ සන්නිපතන්ති”යි පැමිණවිය යුතුය. ආගන්තුකෙන ආගන්තුකපෙය්යාලයෙහි වනාහි උභයපදයන්හි ආගන්තුක වසයෙන් යෙදිය යුතුය.
“ආවාසිකානං භික්ඛූනං චාතුද්දසො හොති, ආගන්තුකානං පණ්ණරසො” මෙහි යම් ඒ ආගන්තුක භික්ෂූන්ට පණ්ණරසිය වේද, ඔවුහු පිටරටින් හෝ ආවාහුද, ඉකුත්වූ චාතුද්දසික උපොසථය කළහ’යි දතයුතුය. “ආවාසිකානං අනුවත්තිතබ්බං” ආවාසිකයන් විසින් “අජ්ජුපොසථො චාතුද්දසො”යි පූර්වකෘත්යය කරන කල්හි අනුව පැවතිය යුතුය. නොවැළකිය යුතුය. “න අකාමා දාතබ්බා” නොකැමැත්තෙන් නොදියයුතුය.