අලජ්ජීනිස්සයවත්ථුකථා
“අලජ්ජිනං නිස්සාය වසන්ති” ද්විතීයාවිභකත්‍යර්‍ත්‍ථයෙහි ෂෂ්ඨි වචනයි. අලජ්ජි පුද්ගලයන් නිසා වසත්ය යන අර්‍ත්‍ථයි. “යාව භික්‍ඛුසභාගතං ජානාමි” නිසදෙන මහණහුගේ, මහණුන් හා ශීලාදිගුණ සභාගත්‍වය ලජ්ජිභාවය යම්තාක් දනිම්ද යන අර්‍ත්‍ථයි. එහෙයින් අලුත් තැනකට ගියහු විසින් ‘එව, මහණ’ නිස ගනුව’යි කියනු ලබන්නහු විසින් සතරපස් දවසක් නිසදෙන මහණහුගේ ලජ්ජිභාවය පරීක්‍ෂාකොට නිස ගතයුතුය.
ඉදින් ‘ස්ථවිරතෙමේ ලජ්ජිය’යි මහණුන් වෙතින් අසා ආ දවසෙහිම නිසගනු කැමතිවේද, ස්ථවිරතෙමේ වනාහි ‘ඒතාක් බලාපොරොත්තුවෙව, වසනුයේ දන්නෙහි’යි කීපදවසක් ආචාරය පරීක්‍ෂාකොට නිසදේනම් වටියි. ප්‍රකෘතියෙන් නිසගන්නා තැනට ගියහු විසින් එදවසම නිස ගතයුතුය. එක් දවසකුදු පරිහාරයක් නැත්තේය. ප්‍රථමයාමයෙහි ඇදුරහුට අවකාශයක් නැත්තේනම්, අවකාශ නොලබන්නේ අලුයම් කාලයෙහි ගන්නෙමියි සයනය කෙරේනම්, නැගි අරුණත් නොදනීනම් ඇවැත් නොවේ. ‘ගන්නෙමි’යි ආභොග නොකොට සයනය කෙරේනම්, අරුණ නැගීමෙහි දුක්කටයට පැමිණේ. පෙර නොගිය තැනට ගියහු විසින් දෙතුන් දවසක් වැස යනු කැමැත්ත නිස නොගෙනම විසිය යුතුය. ‘සත් දවසක් වසන්නෙමි’යි ආලය කරන්නහු විසින්ම නිස ගතයුතුය. ස්ථවිරතෙමේ සත්දවසක් වසන්නහුට නිසයෙන් කිම්දැ’යි කියානම්, ප්‍රතික්‍ෂෙප කළ කාලයෙහි පටන් ලද පරිහාරය ඇත්තේ වේ.
ගමිකාදිනිස්සයවත්ථුකථා
“නිස්සයකරණීයො” කටයුතු නිස ඇත්තේය. මාවිසින් නිශ්‍රය කටයුතුය. ගතයුතුය යන අර්‍ත්‍ථයි. “නිස්සයං අලභමානෙන” තමන් සමග අදන්මගට පිළිපන් නිස දෙන්නකු නැති කල්හි නිස නොලබා නම. මෙසේ නොලබන අනිශ්ශ්‍රිතයහු විසින් බොහෝ දවස් යායුතුය. පෙරද නිසගෙන පෙර විසූ කිසි ආවාසයකට පිවිසේනම්, එක් රැයක් වසන්නහු විසින්ද නිස ගතයුතුය. අතරමග විඩාහරිමින් ජන සමූහයක් හෝ සොයමින් කීපදවසක් වෙසේද ඇවැත් නොවේ. වසතුළ වනාහි නිබද්ධවාසයෙන් විසිය යුතුය. නිසද ගතයුතුය. නැවෙන් යන්නහුට වනාහි වර්‍ෂාඍතුව පැමිණි කල්හිද නිසනොලබන්නහුට ඇවැත් නොවේ.
“යාචියමානෙන” යදිනු ලබන ඒ ගිලනහු විසින් ‘මට යාඥා කරව’යි කියනු ලබන්නේද, මානයෙන් යාඥා නොකෙරේනම්, යායුතුය.
“ඵාසු හොති” ශමථ විදර්‍ශනාවන්ගේ ප්‍රතිලාභ වශයෙන් අරණ්‍ය සේනාසනයෙහි වසන මහණහුට පහසුවේනම් ඔහු විසින් නිසගෙන විසිය යුතුය. මේ පරිහාරය වනාහි, සෝවාන්-සෙදගැමි-අනුගැමි-රහත්හු නොමලබත්. ථාමගතසමාධි ඇත්තාහුද මේ පරිහාරය නොලබත්. විදර්‍ශනාලාභී තෙමේද, මේ පරිහාරය නොලබයි. හළකමටහන් ඇති බාල පෘථග්ජනයා කෙරෙහි කියයුත්තෙක්ම නැත්තේය. යමක්හුගේ වනාහි ශමථය හෝ විදර්‍ශනාව හෝ තරුණවේද, මෙතෙමේ මේ පරිහාරය ලබයි. පවාරණ සඞ්ග්‍රහයද මොහුටම අනුදන්නා ලද්දේය. එහෙයින් මේ පුද්ගලයා විසින් ඇදුරහු පවරා ගිය කල්හිද, යම්කලෙක සුදුසු නිසදෙන්නෙක් එන්නේද, ඔහුගේ ඇසුරෙහි වසන්නෙමි’යි ආභොගකොට නැවත ඇසළ පුන්පොහොය යම්තාක්ද, ඒතාක් අනිශ්ශ්‍රිතව විසීම සුදුසු වේ. ඇසළ මස්හි ආචාර්‍ය්‍ය තෙමේ නොඑන්නේ නම් යම් තැනෙකදී නිස ලැබේද, එහි යායුතුය.
“ගොත්තෙනපි අනුසාවෙතුං” “මහාකස්සපස්ස උපසම්පදාපෙක්‍ඛො”යි මෙසේ ගොත්‍රය කියා අනුශ්‍රාවණය කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි.
“ද්වෙ එකානුසාවණෙ” දෙදෙනකු එකට අනුශ්‍රාවණය කිරීමෙහි. එකෙකු විසින් එකක්හට අනිකෙකු විසින් අනිකක්හටැයි මෙසේ එකක්‍ෂණෙයෙහි කර්‍මවාක්‍යය අනුශ්‍රාවණය කරන්නා වූ ආචාර්‍ය්‍යයන් දෙදෙනකුන් විසින් හෝ උපසම්පදා කරන්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි.
“ද්වෙ තයො එකානුසාවණෙ කාතුං තඤ්ච ඛො එකෙන උපජ්ඣායෙන” දෙදෙනකු හෝ තිදෙනකු හෝ පළමු නයින්ම එකට අනුශ්‍රාවණයෙහි ඇතුළත් කරන්නට අනුදනිමි. ඒ අනුශ්‍රාවණ ක්‍රියාවචනාහි එක් උපාද්ධ්‍යායයෙකු කරණකොට කරන්නට අනුදනිමි’ යන අර්‍ත්‍ථයි. එහෙයින් එක් ආචාර්‍ය්‍යකු විසින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් හෝ අනුශ්‍රාවණය කටයුත්තාහ. ආචාර්‍ය්‍යයන් දෙදෙනකු විසින් හෝ තිදෙනකු විසින් හෝ වෙන්වෙන්ව එකකු විසින් එකක්හටයි මෙසේ එක් පහරින්ම දෙකක් හෝ තුනක් හෝ කර්‍මවාක්‍යය කටයුත්තාහ. ඉදින් නොයෙක් ආචාර්‍ය්‍යයෝ නොයෙක් උපාද්ධ්‍යායයෝ වෙත්ද, තිස්ස ස්ථවිරතෙමේ, සුමන ස්ථවිරයන්ගේ සද්ධිවිහාරිකයාහට, සුමන ස්ථවිරතෙමේ තිස්ස ස්ථවිරයන්ගේ සද්ධිවිහාරිකයාහට අනුශ්‍රාවණය කෙරේද, ඔවුනොවුහුද, ගණපූරකයෝ වෙත්නම් වටියි. ඉදින් නොයෙක් උපාද්ධ්‍යායයෝ වෙත්නම්, එක් ආචාර්‍ය්‍යයෙක් වේනම් “නත්‍වෙව නානුපජ්ඣායෙන”යි ප්‍රතික්‍ෂෙප කළබැවින් නොවටියි. මේ සඳහාම මේ ප්‍රතික්‍ෂෙපයයි.