අනුපජ්ඣායකාදිවත්ථුකථා
“තෙන ඛො පන සමයෙන” යම්කලෙක්හි භාග්යවතුන් වහන්සේ විසින් ශික්ෂාපද නොපණවන ලදද, එකල්හි, “අනුපජ්ඣායකං” උපාද්ධ්යාය ග්රහණය නොකරවා, මුළුමනින් උපාද්ධ්යයයාගෙන් තොරවූ. මෙසේ උපසපන්වූවෝ ධර්මයෙන් සඞ්ග්රහ නොලබත්. ආමිසයෙන් සඞ්ග්රහ නොලබත්. ඔවුහු පිරිහෙත්මය. නොවැඩෙත්. “න භික්ඛවෙ අනුපජ්ඣායකො” උපාද්ධ්යායයා නොගන්වා උපාද්ධ්යායයා නැත්තේ උපසපත් නොකටයුතුය. “ආපත්ති දුක්කටස්ස” ශික්ෂාපදප්රඥප්තියෙහි පටන් මෙසේ උපසපන් කරන්නහුට ඇවැත් වේ. කර්මය වනාහි කොප්ය නොවේ. කෙනෙක් කොප්යවේයයි කියත්. එය නොගතයුතුය. “සඞ්ඝෙන උපජ්ඣායෙහ” යනාදීවූද උභතොඛ්යඤ්ජනක උපාද්ධ්යායයා කෙළවරකොට ඇතිතන්හි මේනයම වේ.
අපත්තකාදිවත්ථුකථා
“අපත්තකං -පෙ- හත්ථෙසු පිණ්ඩාය චරති” යම් පිණ්ඩයක අත්වලින් ලබාද, ඒ පිණිස හැසිරේ. “සෙය්යථාපි තිත්ථියා” ආජීවකනම්වූ තීර්ථකයෝ යම්සේද එසේ සූපබ්යඤ්ජනයන් හා මිශ්රකොට අත්හි තැබුවත්ම භික්ෂූහු අනුභව කරත්. “ආපත්ති දුක්කටස්ස” මෙසේ පාත්රය නැතියහු උපසපන් කරන්නහුටම ඇවැත් වේ. කර්මය වනාහි කොප්ය නොවේ. අචීවරතාදී වස්තූන්හිද මේ නයමවේ.
“යාචිතකෙන” යම්තාක් උපසම්පදා කරමුද, ඒතාක් දෙවු’යි ඉල්ලා ගන්නා ලද පාත්රයෙන් තාවකාලිකයෙන්ය යන අර්ත්ථයි. මෙබඳුවූ පාත්රය කරණකොට හෝ චීවරය කරණකොට හෝ, පාත්රචීවර කරණකොට හෝ උපසපන් කරන්නහුටම ඇවැත් වේ. කර්මය කොප්ය නොවේ. එහෙයින් පිරිපුන් පා සිවුරු ඇත්තේම උපසපන් කටයුතුය. ඉදින් ඒ උපසම්පදාපෙක්ෂකයාහට නැත්තේද, ආචාර්ය්ය උපාද්ධ්යායයෝ මොහුට දෙනු කැමැත්තාහු වෙත්ද, අන්ය භික්ෂූහු හෝ දෙනු කැමැත්තාහු වෙත්ද, අපෙක්ෂාරහිතවූ අන්ය භික්ෂූන් විසින් නිසදා ඉටීමට පොහොනා සිවුරු දියයුත්තේය. ප්රව්රජ්යාපෙක්ෂක පණ්ඩුපලාසයා ඉල්ලාගත් පාසිවුරු කරණකොට පැවිදි කිරීම වටියි. සභාගස්ථානයෙක්හි විශ්වාසයෙන් ගෙනද පැවිදි කිරීම වටියි.
ඉදින් නොපැසවූ පාත්රයද සිවුරට සුදුසු වස්ත්රද ගෙන ආයේ වේනම්, යම්තාක් පාත්රය පිසනු ලැබේද, සිවුරු කරත්ද, ඒතාක් විහාරයෙහි වසන්නහුට ඉඳුල්නොකළ පිණ්ඩපාතය දියයුතුය. තලියෙහි බුදීම වරද නොවේ. පෙරබත සාමණෙර කොටස සමානවූ ආමිසකොටසක් දිය යුතුය. සෙනසුන් ගැන්මද ලහබත්ද උදෙසූ බත්ද නිමන්තන බත් ආදියද නොවටියි. පසුබතද සාමණේර කොටස සමානවූ තෙලමධුඵාණිතාදි භෛෂද්යභාගයද දියයුතුය. ඉදින් පණ්ඩුපලාසයා ගිලනෙක් වේනම්, මොහුට බෙහෙත් කිරීම වටියි. හෙරණහුට මෙන් සියලු පිළිදැගුම්කම් කළයුතුය.
මාතුඝාතකාදිවත්ථු නිමි.
හත්ථච්ඡින්නාදිවත්ථුකථා
හස්තච්ඡින්නාදි වස්තූන්හි “හත්ථච්ඡින්නො” යමක්හුගේ අත්ලෙහි හෝ මැණික්කටුවෙහි හෝ වැලමිටෙහි හෝ යම්කිසි තැනක එක් අතක් හෝ දෙඅත හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “පාදච්ඡින්නො” යමක්හුගේ පාඅග හෝ ගොප්මසෙහි හෝ කෙණ්ඩයෙහි හෝ යම්කිසි තැන එක්පයක් හෝ දෙපය හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “හත්ථපාදච්ඡින්නො” යමක්හුගේ කියූලෙසින්ම සිවුඅත්පා අතුරෙහි දෙකක් හෝ තුනක් හෝ සියලුම අත්පා හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. “කණ්නච්ඡින්නො” යමක්හුගේ කන්මුල හෝ කන් හැකිල්ලෙහි හෝ එක් කනක් හෝ දෙකන හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. යමක්හුගේ කන් කොඩොල් ආදිය තැබීම පිණිස සිදුරු කළකල්හි සිඳෙත්ද, ගැටීමට හැක්කේද හෙතෙමේ කන් ගටා පැවිදි කටයුතුය. “නාසච්ඡින්නො” යමක්හුගේ එලුපාසටහන් ඇති පෙදෙසෙහි හෝ අඞ්ග හෝ එක් නාස්පුඩුවෙක හෝ යම්කිසි තැනක නාසය සිඳුනී වේද, යමහුගේ නාසය ගටන්ට හැක්කේද හෙතෙමේ එය පහසුකොට පැවිදි කටයුතුය. “කණ්ණනාසච්ඡින්නො” දෙදෙනහුගේ වසයෙන් දතයුතුය. “අඞ්ගුලිච්ඡින්නො” යමක්හුගේ වනාහි නියසේසයක් නොදක්වා එක් ඇඟිල්ලක් හෝ බොහෝ ඇඟිලි හෝ සිඳුනාහුවෙත්ද, හෙතෙමේය. යමක්හුගේ හූතැන් පමණ නමුදු නියසේසයක් පෙණේද, ඔහු පැවිදිකරන්නට හැක්කේය. “අලච්ඡින්නො” යමක්හුගේ සිවු මාපටැඟිලි කෙරෙහි ඇඟිල්ලෙහි කියූනයින්ම එකක් හෝ බොහෝ මාපට ඇඟිලි හෝ සිඳුනාවෙයිද, හෙතෙමේය. “කණ්ඩරච්ඡින්නො” යමක්හුගේ කණ්ඩර නම්වූ මහානහර ඉදිරියෙහි හෝ පස්සෙහි හෝ සිඳුනාහු වෙත්ද, හෙතෙමේය. යම් ඒ නහර අතුරෙහි එකකුදු සුන්බැවින් පාඅගින් හෝ සක්මන් කෙරේ. පාතබන්නට නොහැකිවේ.