පණ්ඩකවත්ථුකථා
“මුනිගල්ලෙ” මහත් සිරුරු ඇති හෙරණුන්කරා පැමිණ, “හත්ථිභණ්ඩෙ අස්සභණ්ඩෙ” ඇත්ගොව්වන්ද අස්ගොව්වන්ද කරා පැමිණ.
“පණ්ඩකො භික්ඛවෙ” මෙහි ආසිත්තපණ්ඩක - උසූයපණ්ඩක - ඔපක්කමිකණ්ඩක - පක්ඛපණ්ඩක - නපුංසකපණ්ඩකයි පණ්ඩකයෝ පස්දෙනෙක් වෙත්. එහි අනුන්ගේ අඞ්ගජාතය මුවින් ගෙන ශුක්ල පානය කළහුගේ කාමපරිළාහය සංසිඳීයේද, මෙතෙමේ ආසිත්තපණ්ඩක නම. අනුන්ගේ මෙවුන්දම් සෙවුමක් දැකීමෙන් උපන් ඊර්ෂ්යාවෙන් යමකුගේ කාමපරිළාහය සංසිඳේද, මෙතෙමේ උසූයපණ්ඩක නම. යමකුගේ අණ්ඩයෝ උපක්රමශක්තියෙන් කපාහරිණ ලද්දාහුද, හෙතෙමේ ඔපක්කමිකපණ්ඩක නම. ඇතැම් එකෙක් අකුශල විපාකානුභාවයෙන් කෘෂ්ණ පක්ෂයෙහි පණ්ඩකවේද, ශුක්ල පක්ෂයෙහි මොහුගේ කාමපරිළාහය සංසිඳේද, මෙතෙමේ පක්ඛපණ්ඩක නම. යමෙක් තෙමේ පිළිසඳෙහිම ස්ත්රී පුරුෂභාවයෙන් තොරවූයේද මෙතෙමේ නපුංසකපණ්ඩක නම. ඔවුන් අතුරෙහි ආසිත්තපණ්ඩකයාගේද උසූයපණ්ඩකයාගේද ප්රව්රජ්යාව නොවළකන ලදය. අනික් තිදෙනාගේ ප්රව්රජ්යාව වළකන ලදය. ඔවුන් අතුරෙහිද යම් පක්ෂයෙක්හි යමෙක් පණ්ඩකවේද එම පක්ෂයෙහි එම පක්ෂපණ්ඩකයාගේ ප්රව්රජ්යාව වළකන ලදැ’යි කුරුන්දියෙහි කියනලදී. මෙහිද යමක්හුගේ ප්රව්රජ්යාව වළකන ලදද, ඒ සඳහා “අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො උපසම්පන්නො නාසෙතබ්බො” යන යන මෙය වදාරණලදී. මෙතෙමේද ලිඞ්ගනාසනයෙන්ම නැසිය යුත්තේය. මෙයින් මතු නැසිය යුත්තේය’යි වදාළවුන් කෙරෙහිද මේනයම වේ.
ථෙය්යසංවාසකවත්ථුකථා
“පුරාණකුලපුත්තො” පැරණිවූ පිළිවෙළින් පිරිහීමට ගිය කුලපුත්රතෙමේය. මවුපසින් හා පියපසින්, මවුපියන් සහිත සියලු නෑයෝ ක්ෂයවූවාහු නැසුනාහු මළාහු මොහුටනුයි ඛීණකොලඤ්ඤ නම “අනුයුඤ්ජිසමානො” එකත් පසකට පමුණුවා හිස-රැවුල හැරීම සිවුරු පිළිගැනීම ශරණගමන උපාද්ධ්යායග්රහණ කර්මවාක්ය නිඃශ්රයධර්මයන් විචාරණු ලබන්නේ “එතමත්ථ ආරොචෙසි”. තෙමේ මේ පැවිදිබව මුලපටන් කීයේය.
“ථෙය්යසංවාසකො භික්ඛවෙ” මෙහි ලිඞ්ගත්ථෙනක - සංවාසත්ථෙනක - උභයත්ථෙනකයයි, ථෙය්යසංවාසකයෝ තිදෙනෙක් වෙත්. එහි තෙමේ පැවිදිව විහාරයට ගොස් භික්ෂු වර්ෂයන් නොගනීද, මහලු පිළිවෙළින් මහණුන්ගේ හා හෙරණුන්ගේ වැඳීම් නොඉවසාද, ආසනයෙන් නොපහ කෙරේද උපොසථපවාරණාදියෙහි නොපැණේද, මෙතෙමේ ලිඞ්ගමාත්රයම සොරකම් කළ බැවින් ලිඞ්ගත්ථෙනක නම.
යමෙක් තෙමේ භික්ෂූන් විසින් පැවිදිකරණ ලද්දේ, හෙරණෙක් වූයේ, විදේශයට ගොස් ‘මම දසවස් ඇත්නෙම් හෝ විසිවක් ඇත්තෙම් හෝයි බොරු කියා භික්ෂුවර්ෂ ගණීද, මහලුපිළිවෙළින් වැඳීම් ඉවසාද, ආසනයෙන් පහකෙරේද, උපොසථ පවාරණාදියෙහි පැණේද, මෙතෙමේ සංවාසමාත්රයම සොරකම්කළබැවින් සංවාසත්ථෙනක නම. භික්ෂුවර්ෂ ගිණීම් ආදී වූ සියලු කි්රයාභෙදය තෙමේ මේ අර්ත්ථයෙහි සංවාසයි දතයුතුය. ශික්ෂාප්රත්යාඛ්යානයකොට ‘කිසිවෙක් මා නොදනීය’යි මෙසේ පිළිපදින්නහු කෙරෙහිද මේනයම වේ.
යමෙක් තෙමේ පැවිදිව විහාරයට ගොස් භික්ෂුවර්ෂ ගණීද, -පෙ- උපොසථපවාරණාදියෙහි පැණේද, මෙතෙමේ ලිඞ්ගය සංවාසයද සොරකම් කළ බැවින් උභයත්ථෙනක නම. මේ තෙවැදෑරුම්වූද ථෙය්යසංවාසකතමේ හෝ උපසපන්වූයේ උපසපන් නොකටයුතුය. උපසපන් වූයේ නැසිය යුතුය. නැවත පැවිද්ද ඉල්ලනුයේද පැවිදි නොකටයුතුය.
මෙහි නොමුළාබව පිණිස මේ ප්රකීර්ණය දතයුතුය.
“රාජභය - දුබ්භික්ඛභය - කන්තාරභය - රොගභය - වෙරීභය යන මෙයින් හෝ තමන් හළ සිවුරු නැවත වෙහෙරට ගෙනයනු පිණිස හෝ මේ සසුනෙහි යමෙක් තෙමේ ප්රව්රජිතලිඞ්ගය ගනීද, හෙතෙමේ පිරිසිදු සිත් ඇත්තේ යම්තාක් සංවාසය නොඉවසාද ඒතාක් තමා ථෙය්යසංවාසකැයි නොකියනු ලැබේ.
එහි මේ විස්තාරනයය. මේ ලෝකයෙහි ඇතැම් එකකුට රජතෙමේ කිපියේ වේද, හෙතෙමේ ‘මෙසේ මට සැප වන්නේය’යි තෙමේම ශ්රමණලිඞ්ගය ගෙන පලායේද, ඔහු දැක අන් කෙනෙක් රජුට සැලකෙරෙත්ද, එවිට රජතෙමේ ‘පැවිදිවූයේ නම් ඔහුට කිසිවක් කරන්නට නොලැබේය’යි ඔහු කෙරෙහි ක්රෝධය සංසිඳුවාද, හෙතෙමේ ‘මට රජබිය සංසිඳුනේය’යි සඟමැදට නොබැසම ගිහිලිඞ්ගය ගෙන ආයේ, පැවිදි කටයුතුය. තවද ‘සසුන නිසා මා විසින් ජීවිතය ලද්දේය, එබැවින් දැන් මම පැවිදිවෙමි’යි උපන් සංවේග ඇත්තේ ඒ ගිහිලිඞ්ගයෙන්ම අවුත් ආගන්තුකවත් නොඉවසාද, භික්ෂූන් විසින් විචාරණ ලදුයේ හෝ නොවිචාරණ ලදුයේ හෝ තමන්ට වූ සැටි ප්රකාශකොට පැවිද්ද ඉල්ලාද, ගිහිලිඞ්ගය පහකොට පැවිදි කටයුතුය. වත් ඉවසාද, පැවිද්දෙහි ආලය දක්වාද, සියලු පෙර කියූ වස් ගණන් කීම් ආදී ප්රභෙද විධියට පැමිණේද, මෙතෙමේ පැවිදි නොකටයුතුය.