අනාපුච්ඡාවරණවත්ථුආදිකථා
“න භික්ඛවෙ උපජ්ඣායං අනාපුච්ඡා” යන මෙහි ‘යුෂ්මතුන්ගේ හෙරණහුට මෙනම් අපරාධයක් වූයේය, මොහුට දඬුවමක් කරවු’යි තෙවරක් කියූ කල්හි උපාද්ධ්යායතෙමේ, දඬුවම් නොකෙරේනම්, තමන් විසින් කිරීම වටියි. ඉදින් මුලදීම උපාද්ධ්යායතෙමේ ‘මාගේ හෙරණුන්ගේ දොෂයක් ඇති කල්හි තෙපිම දඬුවම් කළයුතුය. [missing trans]
“අපලාලෙන්ති” තොපට පාත්රයක් දෙන්නෙමු, සිවුරක් දෙන්නෙමු’යි තමාට උපස්ථාන කිරීම පිණිස සඞ්ග්රහ කෙරෙත්. “න භික්ඛවෙ අඤ්ඤස්ස පරිසා අපලාලෙතබ්බා” මෙහි හෙරණෝ හෝ උපසම්පන්නයෝ හෝ වෙත්වා, යටත් පිරිසෙයින් අන්යවූ දුශ්ශීල භික්ෂූහුගේද පිරිසෙහි වුවන් බිඳ ගැනීම නොවටියි. දුශ්ශීලයා නිසා වසන්නාවූ නාන්නට ආවාවූ තා විසින් අශූචි ගාගැනීමක් මෙන් කරණ ලද්දේයයි ආදීනව කියා පෑම වරද නොවේ. ඉදින් හෙතෙමේ තෙමේම දැන උපාද්ධ්යායයා හෝ නිස්සය හෝ ඉල්වා නම් දීම වටියි.
“අනුජානාමි භික්ඛවෙ දසහඞ්ගෙහි සමන්නාගතං සාමණේරං නාසෙතුං” මෙහි කණ්ටක ශික්ෂාපදවර්ණනාවෙහි කියනලද ත්රිවිධනාශනා අතුරෙහි ලිඞ්ග නාශනාවම අදහස් කරන ලදී. එහෙයින් යමෙක් තෙමේ පාණාතිපාතාදීන් අතුරෙහි එක් කර්මයකුදු කෙරේනම්, හෙතෙමේ ලිඞ්ගනාශනාවෙන් නැසිය යුතුය. යම්සේ පාණාතිපාතාදීන් නිමිතිකොට භික්ෂූන්ට නොයෙක් ආපත්තීහු වෙත්ද, හෙරණුන්ට එසේ නොවේ. හෙරණතෙමේ කුරුකුහුඹියකුදු මරා මකුණු බිජුවටක්ද බිඳ සිටියේ, නැසිය යුතුබවටම පැමිණේ. එකෙණෙහිම මොහුගේ සරණාගමනයද උපාද්ධ්යාය ග්රහණයද සෙනාසනග්රාහයද සංසිදී යන්නාහ. සඞ්ඝලාභය නොලබයි. එක්ම ලිඞ්ගමාත්රයම ඉතිරිවූයේ වේ. ඉදින් ඒ හෙරණතෙමේ ගැවසුණු දොස් ඇත්තේවේද, ආයති සංවරයෙහි නොපිහිටාද බැහැර කටයුතුය. නැවැත වහා වැරද ‘මාවිසින් නොසුදුස්සෙක් කරන ලදැ’යි නැවත සංවරයෙහි පිහිටනු කැමතිවේද, ලිඞ්ගානාශන කෘත්යයෙක් නැත්තේය. යම්සේ හැඳීම් පෙරවීම් ඇත්තහුටම ශරණ දියයුතුද, උපාද්ධ්යායයා දියයුතුද, ශික්ෂාපද ශරණගමනයෙන්ම සමෘද්ධවේද, හෙරණුන්ගේ ශරණගමනය, භික්ෂූන්ගේ උපසම්පදා කර්මවාක්යය සමානවේද, එහෙයින් චතුපාරිසුද්ධිසීලය මහණහු විසින් මෙන් මේ හෙරණහු විසින්ද දසසිල් සමාදන්වන ලද්දේම වේ. එසේ ඇතිකල්හිදු දැඩිකරණු පිණිස, ආයතිසංවරයෙහි පිහිටුවීම පිණිස නැවත දියයුතුය. ඉදින් පෙරවස නැවත ශරණ ගන්නා ලද්දේද, පසුවස වස්සාවාසිකය ලබයි. ඉදින් පසුවස ශරණ ගන්නා ලද්දේනම්, සඞ්ඝයා විසින් අපලොකනයකොට ලාභය දියයුතුය.
අදින්නාදානයෙහි තණකූරක් පමණවූද, වස්තුවකින්ද, අබ්රහ්මචර්ය්යයයෙහි තෙමග අතුරෙහි යම්කිසි මගෙක විප්රතිපත්තියෙන්ද, මෘෂාවාදයෙහි සිනාසෙන අදහසින් බොරු කියූ කල්හිද, අශ්රමණයෙක් වේ. ලිඞ්ගනාශනාවෙන් නැසිය යුතු බවට පැමිණේ. මද්යපානයෙහි නොදැනද බීජයෙහි පටන් මද්යපානය කරන මහණහුට පාචිත්තිය වේ. හෙරණතෙමේ දැනම බොන්නේ ශීලභෙදයට පැමිණේ. නොදැන බොන්නේ ශීලභෙදයට නොපැමිණේ. මොහුගේ යම් සෙසු පඤ්ච ශික්ෂාපද වේ. ඒ ශික්ෂාපද බිඳුනු කල්හි ලිඞ්ගානුශනාවෙන් නොනැසිය යුතුය. දඬුවම් කටයුතුය. ශික්ෂාපද නැවත දුන්කල්හිද නොදුන් කල්හිද වටියි. දඬුයමින් වනාහි පෙළ ආයතිසංවරයෙහි තබනු පිණිස දිය යුත්තේමය.
නුගුණ කීමෙහි වනාහි “අරහං සම්මාසම්බුද්ධො” යනාදීන්ට ප්රතිපක්ෂ වශයෙන් බුදුන්ගේ හෝ, “ස්වාක්ඛාතො” යනාදීන්ට ප්රතිපක්ෂ වශයෙන් සඞ්ඝයාගේ හෝ අගුණ කියනුයේ, රතනත්රයට නින්දා කරනුයේ, ගරහනුයේ ආචාර්ය්යොපාද්ධ්යායායන් විසින් ‘මෙසේ නොකියව’යි නුගුණ කීමෙහි ආදීනව දක්වා වළකාලිය යුතුය. තුන්යල දක්වා කියනු ලබන්නේ නුගුණ කීමෙන් නොවළකීද, කණ්ඩකනාසනයෙන් නැසිය යුතුයයි කුරුන්දියෙහි කියනලදී. මහාර්ත්ථකථාවෙහි වනාහි ‘ඉදින් මෙසේ ඒ ලබ්ධිය හරීද, දඬුවම් කරවා වරද දෙසවිය යුතුය. නොහරීනම්, එසේම ගෙන දැඩිව අල්ලාගෙන සිටීද, ලිඞ්ගනාසනාවෙන් නැසිය යුතුය’යි කියනලදී. ඒකීම සුදුසුය. මේ ලිඞ්ගනාසනා තොමෝම මෙහි අදහස් කරණලදී.
මිසදිටු ඇත්තහු කෙරෙහිද මෙම නයවේ. ශස්වතොච්ඡෙද දෘෂ්ටීන් අතුරෙහි එක්තරා දෘෂ්ටියක් ඇත්තේවේද, ආචාර්ය්යාදීන් විසින් අවවාද කරනු ලබන්නේ හරීනම්, දඬුවම් කරවා වරද දෙසවිය යුතුය. නොහරිනුයේම නැසිය යුත්තේය. මෙහි භික්ෂුණී දූෂකතෙමේ එකාන්තයෙන් අබ්රහ්මචර්ය්ය ග්රහණයෙන් ගන්නා ලද්දේමය. අබ්රහ්මචාරීහු වනාහි ආයතිසංවරයෙහි පිහිටනු කැමැත්තහු ශරණාදිය දී උපසම්පදා කිරීම වරද නැත. භික්ෂුණී දූෂකතෙමේ වනාහි ආයති සංවරයෙහි පිහිටනු කැමැත්තේද, පැවිද්ද නොලබයි. උපසම්පදාව කියනු කිම. මේ අර්ත්ථය දක්වනු පිණිස “භික්ඛුණිදූසකො”යි වෙන්ව මේ දසවන අඞ්ගය වදාරණ ලද්දේයයි දතයුතුය.
පණ්ඩකවත්ථුකථා
“මුනිගල්ලෙ” මහත් සිරුරු ඇති හෙරණුන්කරා පැමිණ, “හත්ථිභණ්ඩෙ අස්සභණ්ඩෙ” ඇත්ගොව්වන්ද අස්ගොව්වන්ද කරා පැමිණ.
“පණ්ඩකො භික්ඛවෙ” මෙහි ආසිත්තපණ්ඩක - උසූයපණ්ඩක - ඔපක්කමිකණ්ඩක - පක්ඛපණ්ඩක - නපුංසකපණ්ඩකයි පණ්ඩකයෝ පස්දෙනෙක් වෙත්. එහි අනුන්ගේ අඞ්ගජාතය මුවින් ගෙන ශුක්ල පානය කළහුගේ කාමපරිළාහය සංසිඳීයේද, මෙතෙමේ ආසිත්තපණ්ඩක නම. අනුන්ගේ මෙවුන්දම් සෙවුමක් දැකීමෙන් උපන් ඊර්ෂ්යාවෙන් යමකුගේ කාමපරිළාහය සංසිඳේද, මෙතෙමේ උසූයපණ්ඩක නම. යමකුගේ අණ්ඩයෝ උපක්රමශක්තියෙන් කපාහරිණ ලද්දාහුද, හෙතෙමේ ඔපක්කමිකපණ්ඩක නම. ඇතැම් එකෙක් අකුශල විපාකානුභාවයෙන් කෘෂ්ණ පක්ෂයෙහි පණ්ඩකවේද, ශුක්ල පක්ෂයෙහි මොහුගේ කාමපරිළාහය සංසිඳේද, මෙතෙමේ පක්ඛපණ්ඩක නම. යමෙක් තෙමේ පිළිසඳෙහිම ස්ත්රී පුරුෂභාවයෙන් තොරවූයේද මෙතෙමේ නපුංසකපණ්ඩක නම. ඔවුන් අතුරෙහි ආසිත්තපණ්ඩකයාගේද උසූයපණ්ඩකයාගේද ප්රව්රජ්යාව නොවළකන ලදය. අනික් තිදෙනාගේ ප්රව්රජ්යාව වළකන ලදය. ඔවුන් අතුරෙහිද යම් පක්ෂයෙක්හි යමෙක් පණ්ඩකවේද එම පක්ෂයෙහි එම පක්ෂපණ්ඩකයාගේ ප්රව්රජ්යාව වළකන ලදැ’යි කුරුන්දියෙහි කියනලදී. මෙහිද යමක්හුගේ ප්රව්රජ්යාව වළකන ලදද, ඒ සඳහා “අනුපසම්පන්නො න උපසම්පාදෙතබ්බො උපසම්පන්නො නාසෙතබ්බො” යන යන මෙය වදාරණලදී. මෙතෙමේද ලිඞ්ගනාසනයෙන්ම නැසිය යුත්තේය. මෙයින් මතු නැසිය යුත්තේය’යි වදාළවුන් කෙරෙහිද මේනයම වේ.