සික්ඛාපදදණ්ඩකම්මවත්ථුකථා
දශශික්‍ෂා පදයන්හි පාණාතිපාතාදී වූ පළමු ශික්‍ෂාපද පස ඉක්මීම, නාශනවස්තුය. පාරාජික බැවින් හෙරණ සිවුරු හැරවීමට වස්තුය. විකාලභොජනාදී වූ පැසුළු ශික්‍ෂාපදපස ඉක්මීම, දණ්ඩකර්‍මවස්තුය. දඬුවම් දී ආයති සංවරයෙහි පිහිටුවීමෙහි වස්තුය.
[missing trans] “අලාභය පරිසක්කති” යම්සේ ලාභ නොලබත්ද, එසේ උත්සාහය කෙරේද? “අනත්‍ථාය” උපද්‍රව පිණිස “අවාසාය” කෙසේ මේ ආවාසයෙහි නොවසන්නාහු’යි උත්සාහ කෙරේද, “අක්කොසති පරිභාසති” ආක්‍රෝශද කෙරේ. භය දැක්වීමෙන්ද, තර්‍ජනය කෙරේද, “භෙදෙති” කේලාම් කියා ඔවුනොවුන් බිඳුවාද, “ආවරණං කාතුං” මෙහි නොපිවිසෙව’යි වැළකීම කරන්නට. “යත්‍ථ වා වසති යත්‍ථ වා පටික්කමති” යම් තැනක විසීම කෙරේ හෝ යම් තැනක පිවිසීම කෙරේ හෝය. දෙපදයෙන්ම තමාගේ පිරිවෙණද, වස් ගණනින් පැමිණි සෙනසුනද, කියන ලද්දේය.
“මුඛද්වාරිකං ආහාරං ආවරණං කරොන්ති” අද නොකවු, නොබුදිවු’යි මෙසේ වළකත්. “න භික්‍ඛවෙ මුඛද්වාරිකො ආහාරො ආවරණං කාතබ්බො” මෙහි ‘නොකව, අනුභව නොකරව’යි කියන මහණහුටද, ආහාර වළකන්නෙමි’යි පාසිවුරු ගබඩාතුළ තබන මහණහුටද, සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ. ආචාර විරහිතවූ නොකීකරු හෙරණහට දඬුවම්කොට කැඳ හෝ බත් හෝ පාසිවුරු හෝ දක්වා ‘මෙතෙක් දඬුවම් ගෙන කල්හි මේ දෙය ලබන්නෙහි’යි කීම වරද නොවේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ආවරණයම දඬුවම’යි වදාරණලදී. ධර්‍මසඞ්ග්‍රාහක මහාස්ථවිරයන් වහන්සේලා විසින් වනාහි අපරාධයට සුදුසුවූ දරවැලි ආදිය ගෙන්වීමද කටයුතුය’යි කියන ලදී. එහෙයින් එය කටයුත්තේය. එද වනාහි ‘සසුනෙහි ඇලෙන්නේය. දොසින් වළකින්නේයයි යන අනුකම්පාවෙහි ‘නසින්නේය. සිවුරු හැරයන්නේය, යන ආදිනයින් පැවති පාප අදහසින් නොකටයුතුය. දඬුවම් කෙරෙමි’යි උණගල් පිට හෝ නිදිකරවන්නට හෝ ගල් ගඩොල් ආදිය හිසපිට තබ්බවන්නට හෝ දියෙහි ගිල්වන්නට හෝ නොවටියි.
අනාපුච්ඡාවරණවත්ථුආදිකථා
“න භික්‍ඛවෙ උපජ්ඣායං අනාපුච්ඡා” යන මෙහි ‘යුෂ්මතුන්ගේ හෙරණහුට මෙනම් අපරාධයක් වූයේය, මොහුට දඬුවමක් කරවු’යි තෙවරක් කියූ කල්හි උපාද්ධ්‍යායතෙමේ, දඬුවම් නොකෙරේනම්, තමන් විසින් කිරීම වටියි. ඉදින් මුලදීම උපාද්ධ්‍යායතෙමේ ‘මාගේ හෙරණුන්ගේ දොෂයක් ඇති කල්හි තෙපිම දඬුවම් කළයුතුය. [missing trans]
“අපලාලෙන්ති” තොපට පාත්‍රයක් දෙන්නෙමු, සිවුරක් දෙන්නෙමු’යි තමාට උපස්ථාන කිරීම පිණිස සඞ්ග්‍රහ කෙරෙත්. “න භික්‍ඛවෙ අඤ්ඤස්ස පරිසා අපලාලෙතබ්බා” මෙහි හෙරණෝ හෝ උපසම්පන්නයෝ හෝ වෙත්වා, යටත් පිරිසෙයින් අන්‍යවූ දුශ්ශීල භික්‍ෂූහුගේද පිරිසෙහි වුවන් බිඳ ගැනීම නොවටියි. දුශ්ශීලයා නිසා වසන්නාවූ නාන්නට ආවාවූ තා විසින් අශූචි ගාගැනීමක් මෙන් කරණ ලද්දේයයි ආදීනව කියා පෑම වරද නොවේ. ඉදින් හෙතෙමේ තෙමේම දැන උපාද්ධ්‍යායයා හෝ නිස්සය හෝ ඉල්වා නම් දීම වටියි.
“අනුජානාමි භික්‍ඛවෙ දසහඞ්ගෙහි සමන්නාගතං සාමණේරං නාසෙතුං” මෙහි කණ්ටක ශික්‍ෂාපදවර්‍ණනාවෙහි කියනලද ත්‍රිවිධනාශනා අතුරෙහි ලිඞ්ග නාශනාවම අදහස් කරන ලදී. එහෙයින් යමෙක් තෙමේ පාණාතිපාතාදීන් අතුරෙහි එක් කර්‍මයකුදු කෙරේනම්, හෙතෙමේ ලිඞ්ගනාශනාවෙන් නැසිය යුතුය. යම්සේ පාණාතිපාතාදීන් නිමිතිකොට භික්‍ෂූන්ට නොයෙක් ආපත්තීහු වෙත්ද, හෙරණුන්ට එසේ නොවේ. හෙරණතෙමේ කුරුකුහුඹියකුදු මරා මකුණු බිජුවටක්ද බිඳ සිටියේ, නැසිය යුතුබවටම පැමිණේ. එකෙණෙහිම මොහුගේ සරණාගමනයද උපාද්ධ්‍යාය ග්‍රහණයද සෙනාසනග්‍රාහයද සංසිදී යන්නාහ. සඞ්ඝලාභය නොලබයි. එක්ම ලිඞ්ගමාත්‍රයම ඉතිරිවූයේ වේ. ඉදින් ඒ හෙරණතෙමේ ගැවසුණු දොස් ඇත්තේවේද, ආයති සංවරයෙහි නොපිහිටාද බැහැර කටයුතුය. නැවැත වහා වැරද ‘මාවිසින් නොසුදුස්සෙක් කරන ලදැ’යි නැවත සංවරයෙහි පිහිටනු කැමතිවේද, ලිඞ්ගානාශන කෘත්‍යයෙක් නැත්තේය. යම්සේ හැඳීම් පෙරවීම් ඇත්තහුටම ශරණ දියයුතුද, උපාද්ධ්‍යායයා දියයුතුද, ශික්‍ෂාපද ශරණගමනයෙන්ම සමෘද්ධවේද, හෙරණුන්ගේ ශරණගමනය, භික්‍ෂූන්ගේ උපසම්පදා කර්‍මවාක්‍යය සමානවේද, එහෙයින් චතුපාරිසුද්ධිසීලය මහණහු විසින් මෙන් මේ හෙරණහු විසින්ද දසසිල් සමාදන්වන ලද්දේම වේ. එසේ ඇතිකල්හිදු දැඩිකරණු පිණිස, ආයතිසංවරයෙහි පිහිටුවීම පිණිස නැවත දියයුතුය. ඉදින් පෙරවස නැවත ශරණ ගන්නා ලද්දේද, පසුවස වස්සාවාසිකය ලබයි. ඉදින් පසුවස ශරණ ගන්නා ලද්දේනම්, සඞ්ඝයා විසින් අපලොකනයකොට ලාභය දියයුතුය.