ඉණායිකවත්ථුකථා
“න භික්ඛවෙ ඉණායිකො” මෙහි ඉණායිකො නම්, යමක්හුගේ පියපුතුන් විසින් හෝ ණය ගන්නා ලද්දේ වේද, තමන් විසින් හෝ ණය ගන්නා ලද්දේ හෝ වේද, යමකු ඇප කරවාදී හෝ මවුපියන් විසින් කිසිවක් ගන්නා ලද්දේවේද, හෙතෙමේ අනුන්ගේ ඒ ණය දරානුයි ඉණායික නම අන් නෑයෝ යමකු ඇපකොටදී කිසිවක් ගණිත්ද, හෙතෙමේ ණයගැති නොවේ. ඒ නෑයෝ ඔහු ඇපකරවා දීමෙහි ඉසුරෝ නොවෙත්. එහෙයින් ඔහු පැවිදි කිරීම වටියි. අනිකා පැවිදි කිරීම නොවටියි. ඉදින් මොහුගේ සහලේ නෑයෝ ‘අපි දෙන්නෙමු, ඔහු පැවිදි කිරීම වටියි. අනිකා පැවිදි කිරීම නොවටියි. ඉදින් මොහුගේ සහලේ නෑයෝ ‘අපි දෙන්නෙමු, ඔහු පැවිදිකළ මැනවැ’යි ණය තමන්ගේ භාරයට ගණිත් නම් අන් කිසිවෙක් හෝ ඔහුගේ ආචාරසම්පත්තිය දැක, ‘ඔහු පැවිදි කළ මැනව, මම ණය දෙන්නෙමි’යි කියානම්, පැවිදි කිරීම වටියි. ඔවුන් නැති කල්හි මහණහු විසින් එබඳු උපස්ථායෙකුහට හෝ ‘හෙතුසහිත සත්ත්වතෙමේ ඉණ පළිබොධය නිසා පැවිදි නොවේය’යි සැලකළයුතුය. ඉදින් හෙතෙමේ පිළිපදී නම් පැවිදි කටයුතුය. තමාගේ කැපබඩුවක් ඇත්තේද, මෙය දෙන්නෙමි’යි පැවිදි කටයුතුය. ඉදින් නෑආදීහු නොම පිළිපදිත්නම්, තමාගේ ධනයක් නැත්තේ නම් ‘පැවිදිකොට භික්ෂාවෙහි හැසිර මුදාලන්නෙමි’යි පැවිදි කිරීම නොසුදුසුය. පැවිදි කෙරේනම් දුක්කටය වේ. පලාගියේද ගෙනවුත් දියයුතුය. නොදේනම් සියලු ණය ගීවාවේ. නොදැන පැවිදි කරන්නහුට ඇවැත් නොවේ. දක්නහු විසින් වනාහි ගෙන අවුත් ණයහිමියන්ට දැක්විය යුතුය. නොදක්නහුට ග්රීවානොවේ.
ණයගැති තෙමේ අන් දේසයකට ගොස් විචාරණු ලබන්නේද ‘මම කිසිවක්හට කිසිණයක් නොදරමි’යි කියා පැවිදිවේද? ණයහිමිතෙමේද, ඔහු සොයමින් එහියේද. දහරතෙමේ ඔහු දැක පලායේද, හෙතෙමේද තෙරහු කරා එළඹ ‘ස්වාමීනි’ මෙතෙමේ කවරක්හු විසින් පැවිදි කරවන ලද්දේද, මාගේ මෙතෙක් ධනය ගෙන පලාගියේය’යි කියානම් තෙරහු විසින් ‘උපාසක’ ‘මම ණයෙන් නිදහස්යෙමි’යි කියන්නේ මා විසින් පැවිදි කරණ ලද්දේය, දැන් කුමක් කරම්ද, මාගේ පාසිවුරු පමණක් බලව’යි කියයුත්තේය. මේ එහි වතයි. පලාගිය කල්හි ග්රීවානොවේ
ඔහු තෙරහු ඉදිරියෙහිම දැක, ‘මේ මාගේ ණය ගැතියා’යි කියානම් ‘තාගේ ණය ගැතියා තෝම දනුව’යි කියයුතුය. මෙසේද ග්රීවා නොවේ. හෙතෙමේ ‘පැවිදිවූ මෙතෙමේ දැන් කොහි යන්නේදැ’යි කියානම්, තෙරහු විසින් ‘තෝම දනුව’යි කියයුතුය. මෙසේද ඔහු පලාගිය කල්හි ග්රීවා නොවේ. ඉදින් ස්ථවිරතෙමේ ‘දැන් මෙතෙමේ කොහි යන්නේද, මෙහිම හිඳීවා’යි කියානම් ඉදින් පලායේනම්, ග්රීවාවේ. හෙතෙමේ සහෙතුක සත්ත්වයෙක්වේද, වත්තසම්පන්නවේද, තෙරහු විසින් ‘මෙතෙමේ මෙබඳුය’යි කියයුතුය. ණයහිමි තෙමේ ‘මැනවැ’යි හරීනම්, මේ හැරීම මැනැවි. ඉදින් අඩ අඩ දෙවු’යි කියා නම් දිය යුතුය. අන්කලෙක තදින් සතුටු කරන්නෙක් වේ. ‘සියල්ල දෙවු’යි කියූකල්හිද දියයුතුමය. ඉදින් උද්දෙසපරිපුච්ඡාදියෙහි දක්ෂවේද, භික්ෂූන්ට බොහෝ උපකාරවේද, භික්ෂාචාරවතින් සොයාද ණය දියයුතුමය.
ඉණායිකවත්ථුකථාව නිමි.
දාසවත්ථුකථා
“න භික්ඛවෙ දාසො” මෙහි අන්තොජාත-ධනක්කීත-කරමරානීත සාමංදාසව්යං උපගතයි දාසයෝ සිවුදෙනෙක් වෙත් එහි අන්තොජාත නම්, උපතින් දාසවූ ගේදාසියගේ පුත්රතෙමේය. ධනක්කීත නම්, මවුපියන් සමීපයෙන් පුත්රයෙක් හෝ, සැමියන්ගේ සමීපයෙන් දාසයෙක් හෝ ධනයදී දාසචාරිත්රයට නගා මිලට ගන්නා ලද්දේය. මේ දෙදෙනම පැවිදි නොකටයුතුය. [missing trans]
කරමරානීත නම්, පිටරටින් පැහැරගෙණ හෝ සඞ්ග්රහයක්කොට නලවා හෝ පිටරටින් නිදහස් මිනිසුන් ගෙන එත්. රට තුළම හෝ කළ අපරාධ ඇති කිසිගමක් පැහැරගණිවු’යි රජතෙමේ අණකෙරේද, එයින් මිනිසුන් ගෙන එත්ද, එහි සියලු පුරුෂයෝ දාසයෝ වෙත්. සියලු ස්ත්රීහු දාසියෝ වෙත්. මෙබඳුවූ කරමරාතීත දාසයෙක් යම් කෙනෙකුන් විසින් ගෙන එන ලද්දේද ඔවුන් වෙත වසන්නේ හෝ සිරගෙයි බැඳුනේ හෝ පුරුෂයන් විසින් රකිනු ලබන්නේ හෝ පැවිදි නොකටයුතුය. පලාගියේ ගියතන්හිදී පැවිදි කටයුතුය. සතුටුවූ රජු විසින් ‘කරමරාතීතයන් මුදාහරිවු’යි කියා අභිෂෙකාදියෙහි සියල්ලන්ට සාධාරණ වූ හෝ නයින් බන්ධනයෙන් මිදීම කළ කල්හි පැවිදි කටයුතුමය.