චොරවත්ථුකථා
චෞර වස්තූන්හි - “මනුස්සා පස්සිත්වා” යම්කෙනකුන් විසින් ගිහිකල්හි පෙරදක්නා ලද්දේම ‘මේ හෙතෙමේ’යි අන්හු අතින් අසත්ද, ඔවුන් දැක “උබ්බිජ්ජන්තිපි -පෙ- ද්වාරම්පි ථකෙන්ති” යම්කෙනෙක් නොදනිත්ද, ඔවුන්ගේ ගෙවල භික්ෂාව ලබයි. “නභික්ඛවෙ” භාග්‍යවතුන් වහන්සේ තුමු ධර්මස්වාමීහු වෙති. එහෙයින් මතුවෙහි නොකරනු පිණිස භික්ෂුන්ට ශික්ෂාපද පනවනසේක් මෙසේ වදාළ සේක. එහි ධ්වජයක් බැඳමෙන් හැසිරේනුයි ධජබන්ධ නම්. මූලදේවාදීන් මෙන් ලොකයෙහි ප්රකටැයි කියන ලද්දේ වේ. එහෙයින් යමෙක් ගම්නැසීමක් හෝ මංපැහැරීමක් හෝ නුවර හන්දිසිඳීම් ආදි කර්මයක් හෝ කරමින් හැසිරේද, ‘අසුවල් තෙමේ මේ මේ කර්ම කෙරේය’යි ප්‍රසිද්ධවේද, හෙතෙමේ පැවිදි නොකටයුතුය. යම් රාජපුත්රයෙක් තෙමේ රාජ්‍යය පතමින් ගම්නැසීම් ආදිය කෙරේද, හෙතෙමේ පැවිදි කටයුතුය. රජහුවනාහි ඔහු පැවිදිවූ කල්හි සතුටුවෙත්. සතුටු නොවෙත්නම් පැවිදි නොකටයුතුය. පෙර මහජනයා මැද ප්‍රකටවූ සොරෙක් පසුව සොරකම් හැරදමා පන්සිල් සමාදන්වේද, මනුෂ්‍යයෝ ඔහු ගැන මෙසේ දනිත්ද පැවිදි කටයුතුය. යම් කෙනෙක් අඹලබුආදිය සොරකම් කරන්නාහු හෝ ගෘහසන්ධිසිඳීම් ආදියකරන සොරහුම හෝ නොදක්නා ලබන්නාහු සොරකම් කරත්ද පසුද, ‘මොහු විසින් නම් මෙය කරන ලදැ’යි නොපෙණෙත්ද ඔවුන්ට පැවිදි කිරීම වටියි.
[missing trans] “අභයූවරා” මෙහි බියෙන් වැළකෙත්නුයි භයූවර නම. මොවුහු වනාහි ලැබූ අභය ඇති බැවින් ‘න භයූවරා’යි අභයූවර නම් වෙති. මෙහි පකාරයට වකාරය කරණ ලදැයි දතයුතුය. “න භික්ඛවෙ කාරභෙදකො” සිරගෙය කාරයි කියනු ලැබේ. මෙහි අන්දුබන්ධනයක් හෝ වේවා, සඞ්ඛලික බන්ධනයක් හෝ වේවා, රජ්ජුබන්ධනයක් හෝ වේවා, ගාමබන්ධනයක් හෝ වේවා, නිගමබන්ධනයක් හෝ වේවා, නගරබන්ධනයක් හෝ වේවා, පුරිසගුත්තියක් හෝ වේවා, ජනපදබන්ධනයක් හෝ වේවා දීපබන්ධනයක් හෝ වේවා, යමෙක් මේ බන්ධනයන් අතුරෙහි යම්කිසි බන්ධනයක් බිඳ හෝ සඞ්ඛලික බන්ධනය සිඳ හෝ රජ්ජුබන්ධනය මුදා හෝ ග්රාමබන්ධනාදීන්ගේ දොරකොටු ආදිය හැර හෝ දක්නාකල්හි හෝ නොදක්නාකල්හි හෝ පලායේද, හෙතෙමේ කාරභෙදකයි ගිණීමටයේ. එහෙයින් මෙබඳු කාරභෙදක සොරෙක් දීපබන්ධනය බිඳ දීපාන්තරයට ගියේද පැවිදි නොකටයුතුය. යම් සොරොක් වනාහි හුදෙක් අත්කම් නොකරනුයේ මෙසේ නොපලායනුයේ නොකරන්නේය’යි හෝ රාජයුක්තාදීන් විසින් බඳින ලද්දේ, හෙතෙමේ සිරගෙය බිඳ පලාගියේද පැවිදි කටයුතුය. යමෙක් වනාහි ගම් නියම්ගම් පටුන ආදිය රජහට දිය යුතු අය උපදවා දෙනු පිණිස ගෙන එය නොසපයන්නේ හිරගෙට ඇතුල්කරණ ලද්දේවේද, හෙතෙමේ පලාගොස් ආයේ පැවිදි නොකටයුතුය. යමෙක් වනාහි ගොවිකම් ආදියෙන් ධනය සපයා ජීවත්වනුයේ ‘මොහු විසින් ධනය සපයන ලදැ’යි කේලාම් කියා කිසිවකු විසින් බඳවන ලද්දේවේද, ඔහු එහිදීම පැවිදි කිරීම නොසුදුසුය. පැනගියහු ගියතැනදීම පැවිදි කිරීම වරදනොවේ.
“න භික්ඛවෙ ලිඛිතකො” එහි ලිඛිත නම්, ‘හුදෙක් යම් තැනකදී දකීද එතැනදී නැසිය යුතුය’යි නියමිත වූයේය. තවද යම් කිසිවෙක් හොරකමක් හෝ අන්‍ය වූ ගරු රාජපරාධයක් හෝ කොට පලාගියේද, රජතෙමේද, ඔහු, පතෙක හෝ පොතක හෝ මෙනම් තෙමේ යම් තැනකදී දක්නා ලැබේද, එහිදී අල්ලාගෙන මැරියයුතුය’යි හෝ මොහුගේ අත්පා ආදිය සිඳිය සිඳිය යුතුය. මෙතෙක් දඩ ගෙන්විය යුතුය’යි හෝ ලියවා තබාද, මෙතෙමේ ද ලිඛිතක නම. හෙතෙමේ පැවිදි නොකටයුතුය.
“කසාහතො කතදණ්ඩකම්මො” මෙහි යමෙක් වචනපෙසනාදිය නොකරන්නේ හිංසා කරනු ලැබේද, හෙතෙමේ කළ දඬුවම් ඇත්තේ නොවේ. යමෙක් වනාහි අය උපදවා දෙනු පිණිස හෝ අන් පරිද්දෙකින් හෝ කිසිවක් ගෙන ආ නැවත දෙන්නට නොහැකිවනුයේ ‘තට මේ දඬුවම වේවා’යි තළන කසවලින් හෝ හිංසා කරනු ලැබේද, මෙතෙමේ කසයෙන් තළන ලද්දේ කළදඬුවම් ඇත්තේ නම. හෙතෙමේද කසවලින් හිංසාකරණ ලද්දේ හෝ වේවා, ආදී දණ්ඩකාදීන් අතුරෙහි එක්තරා එකකින් නසන ලද්දේ හෝ වේවා තෙත් වණය ඇත්තේ වේද, ඒතාක් පැවිදි නොකටයුතුය. වණය ප්‍රකෘතිමත් කොට පැවිදි කටයුතුය. දණින් හෝ වැලමිටෙන් හෝ පොල්ගෙඩි ගල් ආදියෙන් හෝ හිංසා කොට මුදන ලද්දේවේද ඔහුගේ සිරුරෙහි ගැට පැණේද, පැවිදි නොකටයුතුය. පහසුකොටම ගැට සංසිඳුණු කල්හි පැවිදි කටයුතුය.
“ලක්ඛණහතො කතදණ්ඩකම්මො” මෙහි කළ දඬුවම් ඇතිබව පෙරනයින්ම දතයුතුය. යමක්හුගේ නළලෙහි හෝ කළවා ආදියෙහි හෝ රත්වූ යකඩයකින් ලකුණක් තබන ලද්දේවේද, හෙතෙමේ ඉදින් නිදහස්වූයේ යම්තාක් තෙත්වණ ඇත්තේවේද, ඒතාක් පැවිදි නොකටයුතුය. ඉදින් ඔහුගේ වණ හටගත්තේවේද, සිවිය හා සම පිරිසිඳීම් ඇත්තේවේද, ලකුණ නොපෙණේද, තෙමඬුලු වසා හැන්දහුගේ උතුරුසළුව එකස්කොට පෙරවිකල්හි පිළිසන් අවකාශයෙහි වේනම් පැවිදි කිරීම වටියි. නොපිළිස වූ අවකාශයෙහි නම් නොසුදුසුය.
ඉණායිකවත්ථුකථා
“න භික්ඛවෙ ඉණායිකො” මෙහි ඉණායිකො නම්, යමක්හුගේ පියපුතුන් විසින් හෝ ණය ගන්නා ලද්දේ වේද, තමන් විසින් හෝ ණය ගන්නා ලද්දේ හෝ වේද, යමකු ඇප කරවාදී හෝ මවුපියන් විසින් කිසිවක් ගන්නා ලද්දේවේද, හෙතෙමේ අනුන්ගේ ඒ ණය දරානුයි ඉණායික නම අන් නෑයෝ යමකු ඇපකොටදී කිසිවක් ගණිත්ද, හෙතෙමේ ණයගැති නොවේ. ඒ නෑයෝ ඔහු ඇපකරවා දීමෙහි ඉසුරෝ නොවෙත්. එහෙයින් ඔහු පැවිදි කිරීම වටියි. අනිකා පැවිදි කිරීම නොවටියි. ඉදින් මොහුගේ සහලේ නෑයෝ ‘අපි දෙන්නෙමු, ඔහු පැවිදි කිරීම වටියි. අනිකා පැවිදි කිරීම නොවටියි. ඉදින් මොහුගේ සහලේ නෑයෝ ‘අපි දෙන්නෙමු, ඔහු පැවිදිකළ මැනවැ’යි ණය තමන්ගේ භාරයට ගණිත් නම් අන් කිසිවෙක් හෝ ඔහුගේ ආචාරසම්පත්තිය දැක, ‘ඔහු පැවිදි කළ මැනව, මම ණය දෙන්නෙමි’යි කියානම්, පැවිදි කිරීම වටියි. ඔවුන් නැති කල්හි මහණහු විසින් එබඳු උපස්ථායෙකුහට හෝ ‘හෙතුසහිත සත්ත්වතෙමේ ඉණ පළිබොධය නිසා පැවිදි නොවේය’යි සැලකළයුතුය. ඉදින් හෙතෙමේ පිළිපදී නම් පැවිදි කටයුතුය. තමාගේ කැපබඩුවක් ඇත්තේද, මෙය දෙන්නෙමි’යි පැවිදි කටයුතුය. ඉදින් නෑආදීහු නොම පිළිපදිත්නම්, තමාගේ ධනයක් නැත්තේ නම් ‘පැවිදිකොට භික්ෂාවෙහි හැසිර මුදාලන්නෙමි’යි පැවිදි කිරීම නොසුදුසුය. පැවිදි කෙරේනම් දුක්කටය වේ. පලාගියේද ගෙනවුත් දියයුතුය. නොදේනම් සියලු ණය ගීවාවේ. නොදැන පැවිදි කරන්නහුට ඇවැත් නොවේ. දක්නහු විසින් වනාහි ගෙන අවුත් ණයහිමියන්ට දැක්විය යුතුය. නොදක්නහුට ග්රීවානොවේ.